සිසුන් ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට ඉඩ තබන්නේ නැහැ – Saru FM

0
185


සිසුන් විවිධ කණ්ඩායම් වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට ඉඩ තබන්නේ නැති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

පාසල් සිසුන්ට පෙළ පොත් සහ නිළ ඇදුම් බෙදා දීමේ ජාතික උත්සවය අමතමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කලේ.

2023 වසර සදහා පාසල් සිසුන්ට සහ පිරිවෙන් සිසුන්ට නිළ ඇදුම් සහ පෙළපොත් බෙදා දිමේ ජාතික උත්සවය පැවැත්වුනේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති මෙම උත්සවය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධාන කර තිබුණා. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍යවරුන් වන විජිත බේරුගොඩ, ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරුන් ද උත්සවයට එක්ව සිටියා.

 

 

 

 

 

 

 

 

 

 


Saru Fm Media