අපි ඔය බ්ලූ ෆිල්ම් එකක් බලනකොට එව්වල තියෙන්නේ ගාණට මිම්මට, කිසි ඇදක් පලුද්දක් නැතුව, නූලක් එහා මෙහා නොවී සෙක්ස් කරන එව්වනේ. සෙක්ස් කරනවා කියලා අපේ හිත්වල තියෙන්නෙත් එහෙම තමයි. දෙන්නා ගාණට ඒ ඒ මොහොතට කරන්න ඕන දේවල් කරනවා, ආයෙ කිසිම වැරැද්දක් නෑ. හැබැයි ඇත්තටම සෙක්ස් කරලා තියෙන අය දන්නවා ඇත්තට සෙක්ස් කරනකොට එහෙම ඔය ෆිල්ම් එකක වගේ, එහෙම නැතිනම් හිතේ තියනවා වගේ කිසිම අඩුපාඩුවක්, ඇදක් පලුද්දක් නැතුව සෙක්ස් කරන්න බැහැයි කියලා. ඇත්‍තට සෙක්ස් කරනකොට ඔලු හැප්පෙන්න පුළුවන්, දත් වදින්න පුළුවන්, ඇඳ විට්ටමේ අත පය වදින්න පුළුවන්, වැඩේට කලින්ම මහන්සි දැනෙන්න පුළුවන් වගේ එක එක දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම සෙක්ස් කරන එක ෆිල්ම් වල වගේ පරිපූර්ණ දෙයක් නොවුණත්, ෆිල්ම් වල පෙන්නනවට වඩා ආතල් කියලනම් බය නැතුව කියන්න පුළුවන්!
හරි, ඇත්තට සෙක්ස් කිරීම පරිපූර්ණ නොවුණත්, එතනදී සිද්ධ වෙන සමහර දේවල් තියෙන්න පුළුවන් දෙන්නගේ ආතල් සම්පූර්ණයෙන්ම කුඩු වෙන. සමහර දේවල් අහම්බෙන් නොහිතා වෙන්න පුළුවන් දේවල්, සමහර දේවල් හිතලම ගොන් කමට කරන දේවල් වෙන්නත් පුළුවන්. ඉතින් අපි එහෙම දේවල් කීපයක් ගැන කියන්නේ, ඒවා දැනගෙන හිටියම කුඩු කරගන්නේ නැතුව දෙන්නත් එක්ක තමන්ගේ ආතල් එක ගන්න පුළුවන් නිසා!
සාමාන්‍යයෙන් ඇඳක අපි කරන්නේ නිදාගන්න එකනේ. නිදාගන්නකොට ඉතින් ලොකුවට එහේ මෙහේ දඟලන්න අවශ්‍ය වෙන්නේ නෑ. හැබැයි ඉතින් සෙක්ස් කරනකොට නම් එහෙම එහාට මෙහාට දඟලන්න, උඩ පනින්න නොවෙයි කියලා සහතිකයක් දෙන්න බැහැනේ. ආන්න ඒ නිසා ඇඳක සෙක්ස් කරනවා නම් අනිවාර්‍ය දෙයක් වෙන්න ඕන, ඇඳේ සවිශක්තිය මුලින්ම හොයල බලන එක. ඔය අබලන් වුණු, එහෙන් මෙහෙන් ඇඳ පොලු අටෝලා තියෙන ඇඳක නම් එක පාර උඩ පනිනකොට පොලු කඩාගෙන දෙන්නම බිම කියලා ෂුවර් එකටම කියන්න පුළුවන්. ආතල් කුඩුනේ ඉතින් එහෙම වුනහම. ආන්න ඒ නිසා ඇඳ විතරක් නෙවෙයි, තමන් සෙක්ස් කරන්න තෝරගන්න ඕනම තැනක් සවිශක්තිය තියෙන, දෙන්නගේ බරට සහ උඩ පැනීම් වලට ඔරොත්තු දෙන තැන්ද කියලා මුලින් හොයලා බලන එක වටිනවා!
සෙක්ස් කරනකොට මූලිකම දෙයක්නේ තමන්ගේ ශාරීරික පිරිසිදුකම කියන එක. කලාතුරකින් දෙන්නෙක් ඉන්න පුළුවන් ශාරීරික පිරිසිදුකම ලොකුවට හිතන්නේ නැති එකම ලිංගික උත්තේජනයක් විදියට ගන්න. හැබැයි ඒක කලාතුරකින්, දෙන්නටම ෆීල් වෙනවා නම් විතරක් ගන්න පුළුවන් දෙයක් විතරයි. එහෙම නැති නම් ශාරීරික පිරිසිදුකම අනිවාර්‍යයෙන්ම තියෙන්න ඕන. එහෙම නැතිනම් වෙන්නේ සෙක්ස් කරන්න පටන් ගත්තට පස්සේ ආතල් කුඩු වෙන එක. හැබැයි මේ ශාරීරික පිරිසිදුකම ගැන කියනකොට, නිකම් බොඩි වොෂ් එකක් දාගෙන ඇඳට යන එකත් මදි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ලිංගේන්ද්‍රියන් ආශ්‍රිතව විශේෂයෙන්ම පිරිසිදු වෙන්න ඕන. නිකමට හිතන්න, සෙක්ස් කරන්න කියලා ඇඳට ගිහින් මුඛ සංසර්ගයේ එහෙම යෙදෙන එක හිතන්නවත් බැරි තරම් තමන්ගේ පාට්නර්ගේ ලිංගේන්ද්‍රිය ආශ්‍රිත ප්‍රදේශය අපිරිසිදු නම්? එතනින්ම පාට්නර්ව විතරක් නෙවෙයි, ජීවිතේටම සෙක්ස් කරන එකත් එපා වෙනවා! ඒ වගේම ඒ අපිරිසිදු කෙනා තමන් නම් අනික් කෙනාට කොහොම දැනෙයිද?
මේකත් ටිකක් අපහසුතාවයකට ලක් වෙන කාරණාවක්. දැන් ඔය වාතේ පිටවෙනවා කියන්නේ. ඕක බොහොම සාමාන්‍ය ජෛව සංසිද්ධියක්නේ. වාතේ පිටවෙන එක එහෙම සාමාන්‍ය දෙයක් වුනාට, සෙක්ස් කරනකොට වාතේ පිට වෙන එකනම් පොඩ්ඩක් ආතල් කුඩු වෙන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි එකක් මතක තියාගන්න, සෙක්ස් කරනකොට ඔය වාතේ පිටවෙනවා වගේ සද්ද බද්ද එනවා. ඒක විශේෂයෙන්ම ගුද සංසර්ගයේ යෙදෙනකොට සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. හැබැයි ඒක ප්‍රශ්නයක් කරගන්න ඕන නෑ. ඒත් ප්‍රශ්නයක් වෙන්නේ අර ගඳත් එක්ක එන වාතේ තමයි. ඒකට කරන්න පුළුවන් දෙයක් තමයි. සෙක්ස් කරන්න ඉස්සර වෙලා තමන්ගේ ශරීර කෘත්‍යයන් අරවා මෙව්වා ඉෂ්ට කරගෙන, හොඳින් ඒ ඒ ගැජට් බැජට් පිරිසිදු කරගෙන ඇඳට යන එක!
මේකත් ඉතින් පහසුවෙන් වෙන්න පුළුවන් දෙයක්. විශේෂයෙන්ම ඔය ෆිට්නස් කියලා මෙලෝ දෙයක් නැති හාදයන්ට, හාදියන්ට සෙක්ස් කරනකොට වෙන්න පුළුවන්ම දෙයක් තමයි මේ. දැන් ඔය සෙක්ස් කරනවා කියන්නේ නිකම් පුටුවක වාඩි වෙලා ඉන්නවා නෙවෙයිනේ. සෙක්ස් කරනකොට තමන්ගේ ඇඟ චලනය කරන්න සිද්ධ වෙනවා. ඕන නම් එක්කෙනෙක්ට නිශ්චලව ඉන්න පුළුවන් වෙයි. ඒත් හරියට වින්දනයක් ලබන්න පුළුවන් විදියට සෙක්ස් කරනකොට දෙන්නටම තමන්ගේ ඇඟ හොලවන්න වෙනවා. හැබැයි ඉතින් වැඩේ මැදක් වෙනකොට මහන්සියි කියලා වැඩේ බාගෙට නවත්තලා ඇඳට කඩාගෙන වැටෙනවා කියන්නේ ආතල් කුඩු කියන එක තමයි. මේකට නොවරදින කාරණාව තමයි තමන්ගේ ෆිට්නස් හදාගන්න එක. ඒක සෙක්ස් වලට විතරක් නෙවෙයි, ජීවිතේටත් වටිනවනේ. දෙවෙනුව සෙක්ස් කරනකොට එක්කෙනෙක්ට එක දිගටම මහන්සි වෙන්න නොදී මාරුවෙන් මාරුවට තමන්ගේ මහන්සි වෙන රෝල් එක මාරු කරගන්න එකත් මේකට ප්‍රතිකර්මයක්!
Saru Fm Media