සෙක්ස් කරන්න ආසයි බයයි උදවියට පළමු පියවර තියන්න කලින් උපදෙස් කීපයක්! – Saru News Media

0
23

ලංකාවේ සාමාන්‍යයෙන් සෙක්ස් කියන වචනේ දැක්කත් ‘සදාචාරය, සභ්‍යත්වය’ වගේ වචන තමයි ගොඩක් සුචරිතවාදීන්ගෙන් අහන්න ලැබෙන්නේ. හැබැයි ඉතින් ලංකාවේ සෙක්ස් ගැන නියම විදියට තියෙන දැනුමේ දුර්වලකම ගැන අමුතුවෙන් අ‍ටුවාටීකා කියන්න ඕන නැහැනේ. අන්න ඒ නිසා තමයි අපි සේෆ් සෙක්ස්, ඒ කිව්වේ ආරක්ෂිතව ලිංගික ක්‍රියාවන්හි යෙදෙන්නේ කොහොමද කියන එක ගැන උපදෙස් ටිකක් දෙන්න හිතුවේ.

හැබැයි දැන් ආටිකල් එක කියවන්නේ නැතුව අපිට සදාචාරය ගැන කියලා දෙන්න එන මාමලා, නැන්දලාට සහ බච්චන්ට කියන්න ඕන දෙයක් තියෙනවා. මේ ආටිකල් එක කාටවත් සෙක්ස් කරන්න උත්තේජනයක් නෙවෙයි. පනින්න බයේ ඉන්න රිළවුන්ට ටාසන් වගේ එල්ලිලා යන්න වැල් බැඳලා දීමක් නෙවෙයි. හැබැයි අඩුතරමින් ආරක්ෂිත ලිංගික ක්‍රියාවන් ගැන මෙලෝ හසරක් නොදැන ජීවිත අවුල් කරගන්න කීප දෙනෙක්ට හරි නිවැරදි දේ කියලා දෙන්න කරන උත්සාහයක්.

 

පළවෙනිම සහ අති වැදගත්ම කාරණය තමයි මේක. තමන් එක්ක සෙක්ස් කරන්න නම් අතිශයින්ම විශ්වාසවන්ත සහකරුවෙක් හෝ සහකාරියක් සිටිය යුතුයි කියන එක. ඇයි මෙහෙම කියන්නේ? හේතු සරලයි. එකක් තමයි කෙනෙක්ගේ ලිංගිකත්වය කියන්නේ අතිශයින්ම පෞද්ගලික කාරණාවක් වීම. එහෙම පෞද්ගලික කාරණාවක් බෙදාහදා ගන්න විශ්වාසවන්තයෙක් ‍තෝරා නොගත්තොත් වෙන්නේ, සමහර විට තමන්ගේ පෞද්ගලිකත්වය නිරාවරණය වීම සහ ඒකෙන් තමන්ට හානි සිදුවීම වෙන්න පුලුවන්. අපි ඕනෑ හැටියේ දැකලා තියෙනවනේ සෙක්ස් කරලා, ඒක ඇපේට අරගෙන වාසි ප්‍රයෝජන ගන්න හදන, කප්පම් ගන්න හදන මිනිස්සු සහ ගෑණු එහෙම. දෙවෙනි හේතුව තමයි ලිංගිකව සම්ප්‍රේෂණ වෙන රෝග. ආරක්ෂිත උපක්‍රම භාවිතා කළත් ඇතැම් විට හර්පීස් වගේ රෝගයක් සිප ගැනීමෙන් පවා වැළ‍ඳෙනවා. ඒ නිසා විශ්වාසය මූලික විය යුතුයි. ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග සම්බන්ධයෙන් ඉතිහාසයක් තියෙන, එහෙම නැතිනම් අනාරක්ෂිත ලිංගික සබඳතා සම්බන්ධයෙන් ඉතිහාසයක් තියෙන, එහෙමත් නැතිනම් මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ඉතිහාසයක් තියෙන සහකරුවෙක් හෝ සහකාරියක් තමන් හා ලිංගික සම්බන්ධතා සඳහා ‍තෝරාගැනීමේදී දහපාරක්වත් සිතා බැලිය යුතුයි.

 

සේෆ් සෙක්ස් ගැන නැතිනම් ආරක්ෂිත ලිංගික ක්‍රියා ගැන කියනකොට අනිවාර්යයෙන්ම සන්නිවේදනය ගැන කියන්නම වෙනවා. ඒ කියන්නේ දෙන්නට දෙන්නා ඉතාමත් විවෘතව, ඉතාමත් පැහැදිලිව සහ ඉතාමත් දීර්ඝ වශයෙන් මේ ගැන කථා කළ යුතුයි. මෙතැනදී තමන්ට වුවමනා දේවල්, තමන් අකමැති දේවල්, තමන් කැමති දේවල් වගේ හැමදෙයක්ම ලැජ්ජ බය පැත්තකින් තියලා කතා කිරීම වැදගත්. එහෙම නැතුව ‘අපි කොහාට හරි ගිහින් කතා කර කර ඉමු’ කියලා ගිහිල්ලා ‘අනී මම දන්නෙත් නෑ, ඒ වෙලාවේ මට මොනව වුනාද දන්නෙ නෑ’ වගේ ගොන් ටෝක්ස් හරියන්නෙ නෑ. මෙතනදී විශේෂයෙන්ම කථා කළ යුතු දෙයක් තමයි තම තමන්ගේ සීමාවන් මොනවද කියන එක. හැබැයි මතක තියාගන්න, මේ සන්නිවේදනය කියන්නේ අර ලිංගික උත්තේජනය ලැබෙන සෙක්ස් ටෝක් එකක් හරි ෆෝන් සෙක්ස් හරි නෙවෙයි. මේක කෙලින් සහ විවෘතව මේ ගැන කථා කරන, තීරණ ගන්න කථාබහක්. මෙතනදී අනවශ්‍ය ආවේගයන්ගෙන් හෝ හැඟීම් වලින් තොරව හරි තීරණ ගන්න පුලුවන්. හැබැයි එතනින් පස්සේ ඇඳට ගියහම ඒ තීරණයන් කඩන්න බෑ!

 

මේ කාරණාව ඇත්තටම අයත් වෙන්නේ පළමුවෙනි මාතෘකාව යටතටම තමයි. ඒ කියන්නේ මෙහෙමයි. අපි කියමුකෝ තමන්ට හොඳටම විශ්වාසයි කියලා හිතෙන කෙනෙක් එක්ක යහන් ගත වෙන්න කෙනෙක් තීරණය කරනවා කියලා. ඉතින් වැඩේ පටන් ගත්තට පස්සේ මොනවත් මතක නැහැනේ. හැබැයි එහෙම හරියන්නේ නෑ. මුලින් පරීක්ෂාකාරී වෙන්න තමන්ගේ ආදරවන්තයාගේ හෝ ආදරවන්තියගේ ශරීරය ගැන. ඒ කියන්නේ ශරීරයේ තියෙන්න පුලුවන් සැකසහිත අන්දමේ තුවාල, දද, කුෂ්ට වගේ දේවල් ගැන. සාමාන්‍යයෙන් යූනික ප්‍රදේශවල, ඒ කියන්නේ ලිංගික අවයවයන් ආශ්‍රිතව තියෙන මේ වගේ දේවල් ගැන තමයි සැලකිලිමත් වෙන්න ඕන. එහෙම හිතට හරියන්නේ නැති යම් කිසි ගැටළුවක් දකින්න තියෙනවා නම්, ආදරේ නාමයෙන් ඒක අමතක කරන්න නම් ලෑස්ති වෙන්න එපා. තමුන්ගේ පරිස්සම වැදගත්.

 

සේෆ් සෙක්ස් ගැන කථා කරනකොට පහසුවෙන්ම සිදුකරන්න පුලුවන් දේ තමයි මේ. ඒ කිව්වේ සිපගැනීම්, වැළඳගැනීම්, ස්පර්ෂයන් වගේ දේවල්. ඕනෑ නම් මුඛ සංසර්ගයට යන්නත් පුලුවන්. හැබැයි පෙනට්‍රේෂන් සෙක්ස්, ඒ කියන්නේ සෘජු යෝනි සංසර්ගයට යන්න බෑ. හැබැයි මේක් අවුට් කියන එකට උඩින් කියපු දේවල් මිසක් එතනින් එහාට ගුද සංසර්ගය වගේ දේවල්වත් අයත් වෙන්නේ නෑ. ඒත් ප්‍රේමවන්තයන් දෙදෙනෙක්ට සෙක්ස් කරන්නත් ඕනෑ, හැබැයි ලිමිට්ස් තියාගන්නත් ඕනෑ වගේ අවස්ථාවක සරලම සහ නිවැරදිම ආකාරය තමයි මේකින්ග් අවුට් කියන්නේ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here