ඇනිමේෂන් චිත්‍රපටිවලට පොඩ්ඩෝ වගේම ලොක්කොත් එකම විදිහට ආශා කරනවා. සමහර මනෝ විද්‍යාඥයන් කියන විදිහට පොඩි අයට වඩා සැබෑ ලෝකයෙන් බැහැරවෙලා මනෝ ලෝකයකට පිවිසිලා සංචාරය කරන්න කැමති වැඩිහිටියෝ. මේ නිසා ඇතැම් අවස්ථාවලදී ඇනිමේෂන් චිත්‍රපටි අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සුදුසු මට්ටමටත් ගිහිල්ලා තියෙනවා කියන එක රහසක් නෙවෙයි. කොහොම වුණත් සිනමා කර්මාන්තය ඇතුළේ ඇනිමේෂන් චිත්‍රපටිවල ආධිපත්‍යය කෙමෙන් කෙමෙන් වැඩි වෙනවා. ලංකාවෙම නිෂ්පාදනය වුණු ඇනිමේෂන් චිත්‍රපටි අද එනවා හෙට එනවා කියල කිව්වට ඒකට බාලගිරි ද මන්දා. මේ සියළු කාරණා හින්දා අපි හිතුවා ලෝකයේ ජනප්‍රිය වෙච්ච ඇනිමේෂන් චිත්‍රපට කීපයක් පිළිබඳව මතකය යළිත් අවදි කරන්න.
පික්සර් සමාගමේ සහ ඩිස්නි සමාගමේ සුසංයෝගයෙන් බිහි වුණු මෙම චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටිය සැළකෙන්නේ ලෝකයේ පළමු වතාවට පරිගණක පමණක් භාවිතා කරමින් නිපදවූ චිත්‍රපටය විදිහට. මිනිසුන් නොමැති වෙලාවට සජීවී බවට පත්වන සෙල්ලම් බඩු කිහිපයක් ආශ්‍රිතව මෙම කතා මාලාව ගොඩනැගෙනවා. 1995 දී මෙහි පළමු චිත්‍රපටිය ලොව පුරා තිරගත වීමෙන් පසු එය ඩොලර් මිලියන 350කට අධික මුදලක් උපයනු ලැබුවේ එහි නිෂ්පාදකයාවත් අපේක්ෂා නොකළ අන්දමිනුයි.
මේ චිත්‍රපටි මාලාව ලංකාව තුළත් අතිශයින් ජනප්‍රිය වූ චිත්‍රපටි මාලාවක්. සිම්බා නම් සිංහ පැටවෙකු වටා ගෙතී තිබෙන මෙම කතා මාලාවේ පළමු චිත්‍රපටිය වන “Lion King” 1994 වර්ෂයේ දී තිරගත වූ අතර එය ලොව වටා තිරගත කිරීම් මගින් ඩොලර් මිලියන 763ක ආදායමක් උපයා ගැනීමට සමත් වුණා.
ලෝකය පුරා අතිශයින් ජනප්‍රිය සුරංගනා කථාවක් වන මෙම කතාව ඇනිමේෂන් චිත්‍රපටයක් බවට පත් කිරීමට ඩිස්නි සමාගම උත්සාහ කර තිබුණේ 1930 තරම් අතීතයකදියි. ඉන්පසුව නැවතත් 1950 දී උත්සාහ කළත් එය ද අසාර්ථක වුණා. කෙසේ නමුත් 1991 වසරේදී ඔවුන් සාර්ථක වූ අතර මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම විචාරකයන්ගේ ද ඉහළ අවධානයට ලක් වුණා.
Saru Fm Media