හඳ තරු අල්ලන ඇමරිකාවේ අලුත්ම මෙහෙයුම – ස්පේස් එක්ස් (Space X) – Saru News Media

0
10

හඳ අල්ලන්න, අඟහරු අල්ලන්න යන කතාන්දර ගොඩක් තිබුණාට තාම මිනිස්සුන්ට අඟහරුට යන්න බැරි වුණා. හඳ අල්ලන්න ගිහිනුත් දැන් අවුරුදු 40ක්. ඒ නවසිය හැත්තෑ ගණන් වල ඇපලෝ වැඩසටහනෙන් පස්සේ කවුරුත් හඳට ගියේ නැහැ. ඉතින් මේ නාසා එකේ ස්ලෝ වීමටත්, අනෙක් රටවල ස්පේස් වැඩසටහන් ස්ලෝ වෙන්නත් මූලික හේතුවක් තමයි සල්ලි. මේ උඩයන රොකට්  වලට, ෂටල් වලට ලොකු සල්ලියක් යනවා. ඒවා මහජන බදු මුදල් වලින් ගන්න එකත් ප්‍රශ්නයක්. මොකද මිනිස්සුන්ට දාහකුත් එකක් ප්‍රශ්න තියෙද්දි ඒවා තේරුමක් නැති හඳ ගමන්, අඟහරු ගමන් වලට දාන්නේ මොකද කියලා මිනිස්සු ප්‍රශ්න කරනවා. 

එවන් කාලයක ඉදිරියට ​ආපු ස්පේස් එක්ස් සමාගම මේ වෙද්දී අභ්‍යාවකාශ තාක්ෂණ ලෝකේ වේගයෙන් ඉදිරියට ​ඇවිල්ල තියනවා. ​ඒ ගැනයි මේ තොරතුරු. 

 

ඇමරිකාව හැම දේම පුද්ගලික අංශයට දෙන්න කැමති රටක්. එහෙම රටක අභ්‍යාවකාශ වැඩසටහනත් දෙදාස් ගණන් වල මුලදි පුද්ගලික අංශයට පතුරුවන්න තීරණය වුණා. ඒ අනුව ස්පේස් එක්ස් සමාගම එක්ක තවත් සමාගම් බිහි වුණා. ඒත් සුප්‍රකට ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක ඉලොන් මස්ක් කොහොම හරි ගේම් එක ඉස්සරහට ගෙන ගියා. ඒ අනුව ඔහු ස්පේස් එක්ස් නමින් රොකට් අහසට, අභ්‍යාවකාශයට යැව්වා. එය කොච්චර සාර්ථක වුනාද කියනවා නම්, අවසානේ නාසා ආයතනය එයාලගේ මෙහෙයුම් වලට අඩු මිල රොකට් පහසුකම් ස්පේස් එක්ස් එකට ගෙවලා මිලදී ගත්තා. ඉතින් ස්පේස් එක්ස් වැඩසටහන බැලුවොත් එය අවුරුදු පහළොවක විතර බොහොම පොඩි කාලයකින් ලෝකේ අභ්‍යාවකාශ වැඩසටහන් අතර ප්‍රායෝගික පැත්තෙන් බොහොම ඉස්සරහට ආපු සමාගමක්.

 

නාසා ආයතනය වගේ රජයේ ආයතන ඇමරිකාවෙදිත් රජයේ ආයතනම තමයි. මෙහෙයුම් වියදම්, ආයතනික වියදම් අඩුකරගන්න එක ගැන රාජ්‍ය අංශයේ එතරම් අවධානයක් නැහැ. ඒත් පුද්ගලික ආයතනයක් වෙද්දි ආයෝජකයින් ආයෝජනය කරන මුදල් වලට ලාභයක් උපයලා දෙන්න සමාගම් උත්සාහ කරනවා. ඒ නිසා අවදානමක් ගැනීම, අලුත් දේ අත්හදා බැලීම වගේම මිල අඩු කරගන්න එක ගැනත් ඔවුන්ට අවධානය යොමු කරන්නට වෙනවා. සාමාන්‍ය නාසා සේවකයෙක් වැඩ කරන්නේ සතියට පැය 40ක් වගේ කාලයක් විතරයි. ඒත් ස්පේස් එක්ස් කණ්ඩායමේ අය පැය 60ක් විතර සතියට වැඩ කරනවා. වැඩ වැඩි කාලෙට රෑ වෙනකල් වැඩ කරමින් ඉන්න ස්පේස් එක්ස් කණ්ඩායම, ඒ වැඩකටයුතු වෙනුවෙන් කැපවෙනවා. ඔවුන් තාක්ෂණික දේවල් අතිනුත් මිල අඩු කරගන්න හැටි ගැන විශේෂයෙන් අවධානය යොමු කරනවා. 

 

ඔයාල දැකල ඇති සයිවර් කඩේකට ගියොත් ඒකේ සාම්බාරු දාගෙන එන්නේ සහ අපිට කන්න දෙන්නේ ස්ටේන්ලස් ස්ටීල් නැත්නම් මළ නොකන වානේ පිඟන් වල. මේ ලෝහය ගුවන් යානා සහ ස්පේස් වැඩකටයුතු වලට වැඩිය පාවිච්චි කළේ නැහැ. මොකද මේක සාපේක්ෂව ලාභදායී වුණත්, ඇලුමිනියම් වගේ ලෝහයක් එක්ක බලද්දි වැඩි බරකින් යුක්ත වීම සහ මේ ලෝහයේ තිබෙන නැමෙනසුළු ස්වභාවයන් ආදිය රොකට් වලට එදා ගැළපුණේ නැහැ. එත් ඉලොන් මස්ක් ගේ ස්පේස් වැඩසටහනට මේ ස්ටේන්ලස් ස්ටීල් වර්ගයක් රොකට් නිපදවීම සඳහා යොදාගත්තා. ටයිටේනියම්, කාබන් ෆයිබර් වැනි මිල අධික ලෝහ වලින් රොකට් හදන්න ලොකු වියදමක් යනවා. ඒ නිසා ස්පේස් එක්ස් කණ්ඩායම සාපේක්ෂව වියදම් බොහොම අඩු ස්ටේන්ලස් ස්ටීල් ලෝහය රොකට් සෑදීමට යොදාගන්නවා. 

 

ගොඩ දෙනෙක්ට ඩ්‍රෝන් කියන වචනේ නම් හොඳට පුරුදුයි. ඩ්‍රෝන් උඩ යවනවා, ආයේ ගොඩ බානවා. ඒ වගේ රොකටුත් උඩ යවන්නයි, ආයේ ලේසියෙන්ම බාන්නයි තියේනම් හරි වාසිය කියලා ස්පේස් එක්ස් කණ්ඩායම හිතුවා. ඉස්සර ටින් ටින් එකේ හඳට යන රොකට් එක ඒ විදිහටම ආයේ පොළවට බානවා එදා කාටූන් බලපු අපි දැක්කා. ඒත් ඇත්තටම හැට හැත්තෑ ගණන් වල හඳට යවපු රොකට් ඒ විදිහට සම්පූර්ණ රොකට් එක ලෙසටම නැවත බාගන්න බැරි වුණා. පොළවට ආවේ මිනිස්සු ඉන්න පොඩි කෑල්ලක් විතරයි. ඒක සම්පත් නාස්තියක්. දැන් මේ ඩ්‍රෝන් ශිප් ක්‍රමවේදය හරහා මූදේ නවත්තල තියෙන බත්තලකට කූල් එකේ රොකට් එක බාන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක බොහොම සංකීර්ණ තාක්ෂණයක්. ඒත් අසාර්ථකවීම් සහ පර්යේෂණ ගාණකින් පස්සේ රොකට් එක නැවත සම්පූර්ණයෙන්ම බිමට බාන්න පුළුවන් කියලා ස්පෙස් එක්ස් ඩ්‍රෝන් ශිප් ප්‍රෝග්‍රෑම් එක පෙන්නලා දීලා තියෙනවා. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here