හබරාදූවේ වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට – Saru FM

0
16


හබරාදුව තල්පෙ පොල්දූව පන්සල අසලදී අද (24) උදේ සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් මිය ගොස් ඔහුගේ බිරිඳ තුවාල ලබා ඇති බව හබරාදුව පොලිසිය පවසනවා

ඝාතනයට ලක්වු පුද්ගලයා තල්පෙ හීනටිගල පදිංචි 38 හැවිරිදි අයෙක්.

ඝාතනයට ලක්වු පුද්ගලයා උදෑසන දරුවන් දෙදෙනා පාසලට ගෙන ගොස් බිරිඳ සමග ආපසු නිවස බලා ත්‍රී රෝද රථය පදවා ගෙන යමින් සිටින විට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර ඇති බව හෙලිවී තිබෙනවා.

වෙඩි තැබීමේදී ත්‍රී රෝද රථයේ ගමන් කළ ඔහුගේ බිරිඳටද ⁣තුවාල සිදුවී කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලු කර තිබෙනවා.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here