saru fm media
Home දේශීය පුවත් හරක් කටාගේ – සලිඳුගේ ආරක්ෂාව ගැන වාර්තාවක් කැඳවයි

හරක් කටාගේ – සලිඳුගේ ආරක්ෂාව ගැන වාර්තාවක් කැඳවයි

0
104


(නිමන්ති රණසිංහ)

රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කරමින් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් බව කියන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” සහ සලිදු මල්ශික ගුණරත්න නොහොත් “පානදුරේ කුඩු සලිදු” යන අයවලුන්ගේ ජීවිතාරක්ෂාව සැලසිය හැකි ආකාරය සම්බන්ධයෙන් වන වාර්තාවක් සතියක් ඇතුලත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට අද (22) නියෝගය කළේය.

තම සේවාදායකයින් දෙදෙනා ගේ ජීවිතාරක්ෂාව සැලසිය හැකි ආකාරය සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන්නැයි මොවුන් දෙදෙනා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මෝසමක් මගින් අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

 


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here