හැඩ වැඩ වෙන්න කැමති ඕනම කෙනෙක් ළග තිබිය යුතුම දේවල් – Saru FM Media

0
97


අද කාලයේ බොහෝ කාන්තාවන් රැකියාවට යන විට, ගමනක් බිමනක් යන විට පොඩියට හෝ මේකප් එකක් දාන්න පුරුදු වෙලා තිබෙනවා. මෙවැනි සරල මේකප් සඳහා ද නිරන්තරයෙන් රූපලාවණ්‍ය ශිල්පියෙකුගේ සහාය ලබා ගත නොහැකි නිසා තමන් ළඟ නිතරම තිබිය යුතු සහ තමන්ට අවශ්‍ය කරන රූපලාවණ්‍ය නිෂ්පාදන පිළිබඳව අවබෝධයක් තිබිම වැදගත්.

මස්කාරා, කෝල් පැන්සල්, ලිප් ග්ලොස්, ලිප්ස්ටික් ආදිය ඔබ රැගෙන යන සුපුරුදු දේවල්ය. නමුත් එයට අමතරව මෙන්න මේ දේවල් ඔබේ පෙනුම වර්ධනයට උපකාරී වනු ඇත.

ත්‍රී ඉන් වන් මූස්

කන්සීලර්, ෆවුන්ඩේෂන් හා ෆේස් පවුඩර් ඇති ත්‍රී ඉන් වන් මූස් එකකට ආයෝජනය කරන්න.  මෙය සම්පූර්ණ කට්ටලයක් වන අතර එම නිසා මෙම සියලු භාණ්ඩ වෙන් වෙන් වශයෙන් රැගෙනයා යුතු නෙවේ. එහෙත්, මෙය ආලේප කල පසු ෆවුන්ඩේෂන් ආලේපකරන බුරුසුවකින් මිශ්‍ර කිරීමට අමතක කරන්න එපා.

අයි ෂැඩෝ පැලට් එකක්

විවිධ වර්ණයන්ගෙන් යුත් අයි ෂැඩෝ පැලට් එක් තිබේ නම් තනි තනි වර්ණවලින් යුත් බොහෝ අයි ෂැඩෝ ඇසිරුම් තිබෙනවාට වඩා පහසුය.

බ්ලෂර්

ඔබේ සමේ වර්ණයට ගැලපෙන පීච්, රෝස වැනි මූලික බ්ලෂර් දෙකක් වත් තිබීම වැදගත් වේ. එය මැට් හෝ දිලිසෙන වර්ග වලින් ලබා ගත හැක.

මේකප් බුරුසු කට්ටලයක්

මේකප් බුරුසු නිසි ලෙස භාවිතයෙන් ඔබට මනා පෙනුමක් ලබා ගත හැක. ඔබේ බුරුසු කට්ටලයට ෆවුන්ඩේෂන් ආලේපකරන බුරුසු, අයි ෂැඩෝ බුරුසු, බ්ලෂර් බුරුසුවක් වැනි බුරුසු කිහිපයක්ජපමණක් තිබීම ප්‍රමාණවත්.

මේවාගේ පිරිසිදු බව මෙන්ම කල් ඉකුත්වීමේ දිනය ද නිතර පිරිකසා බලන්න අමතක කරන්න නම් එපා.

– කල්හාරී –


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here