හිතේ සතුටින් පවුල් කන අයගෙන් ගත හැකි ආදර්ශ – Best family practices – Saru News Media

0
25

දරුවන් ලොකු මහත් වෙද්දි ඉස්සර වගේ හැමදේම ඔවුන්ට මෙසේ විය යුතුය මෙසේ නොවිය යුතුය කියා කියන්නට අමාරුයි. ඔවුන්ට ඉලක්ක හදාගන්නට දි ඒවායේ අඩුපාඩු පෙන්වමින් අනෙක් දරුවන්ගේ අදහස් ගෙන ඉලක්ක වෙත ගමන් කිරීමට ඔවුන් දිරිමත් කල යුතුයි. එසේම වැඩිහිටියන්ගේද ව්‍යාපාරික සහ රැකියා ආදී දේ හි යම් ඉලක්ක තිබේනම් ඒවා තම දරුවන් සමග හැකි පමණ බෙදාහදාගැනිම වැදගත්.

 

අපේ රටේ උදවියට නම් අපේ පරම්පරාවල ඉන්න නෑයෝ බලන්නට යෑම කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. අලුතින්ම කෙරී ඇති පර්යේෂණ අනුව මව් සහ පිය පාර්ශවයේ සිටින නෑදෑයින් හිතවතුන් බලන්නට යෑම ඔවුන් සමග කාලය ගතකිරිමත් පවුලක සතුටට ඉතා වැදගත්. අපි අද කාලයේ විදියට කාර් එකේ තුන් හතරදෙනා දාගෙන ට්‍රිප් ගිහින් සතුටු වෙනවා වගේම ආච්චිලා සීයලා, නැන්දලා මාමලා සහ ඒ පරම්පරාවේ පුරුක් සමග හොඳ ගනුදෙනු පවත්වාගෙන යෑම වටිනවා.

 

 

“ පුතාලෑ තාත්තගේ සිය මේ පලාතේ හොඳ වෙද මහත්තයෙක්. නම කිව්වම මේ අහල ගං හතක අටක මිනිස්සු දන්නවා. කොහෙද ඉතිං මට ඒ වෙදකම ආවේ නැහැ නේ.. ඒ කාලේ බලන්න එපායැ..අපේ ගෙදර“. මේ වගේ සීයලාගේ ඉස්සර කතාන්දර දරුවන්ටත් පවුලේ අයටත් අහන්නට සැලසීම තුලින් පවුල් බැදීම වර්ධනය වෙනවා. ඒ තුලින් ඒ ඒ පවුල්වලට තිබෙන පැරණි උරුමයන් නැවත මතක් කිරීමත් පවුල් වල ඇති අභිමානනීය බව ඉස්මතු කිරීමත් සිදු වෙනවා.

 

 

සීයලා ආච්චිලා ගේ සෞඛ්‍යයට මෙන්ම දරුවන්ගේ මානසික සෞඛ්‍යයටත් දරුවන් සහ සීයලා ආච්චිාල අතර තිබෙන හොඳ බැඳීම වැදගත්වෙනවා. දෙමාපියන්ටත් වඩා මෘදු ලෙස දරුවන්ගේ හදවත් වලට සමිපවන්නට අපේ පෙර පරම්පරාවට තිබෙන්නේ පුදුමාකාර හැකියාවක්. දරුවෙක් දඟ වැඩක් කල විට. ඔය“ පුතාලෑ තාත්තා දැන් ඔය ඔහොම හරි නිවුනා වගේ උනාට තාත්තා පුංචි කාලෙ  හරි දඟයා. අම්මෝ මිනිහව මට්ටු කරන්න අපිට තිබුන අමාරුවක්“ . යැයි කියමින් සියලා ආච්චිලා කුඩා දරුවන්ට සමිප වන්නේ ඔවුන්ටත් නොදැනෙන ආකාරයෙන්. දරුවන්ගේ සහ පවුලේ යහපැවැත්මට වැඩිහිටි පෙර පරම්පරාවේ මැදිහත් විම සැලකිය යුතු ලෙසින් බලපාන බව පර්යේෂණ වලින්ද සනාථ වී තිබෙනවා.

 

පවුල් සෙට් වීම මෙහෙ සිදුවන්නේ දරුවන් වෙනම සෙල්ලම් කිරීමත් මව්වරුන් කුස්සියේ සෙට් විමත් පියවරුන් සහ පිරිමි අයවලුන් බෝතල වටා සෙට්විමත් ලෙසින්. එහෙත් සියල්ලෝම එකතුව පසුගිය මාසය සතියක කාලය වැනි එක් කාලාන්තරයක් පුරාවට කළ කි දෑ සිදු වුන දෑ මෙනහි කරගනිමින් සියලු දෙනාම එකතු වෙන සතුටු සාමිචියක් පවත්වාගන්නට හැකි නම්..එය ඔබේ පවුල් බැදිම් තවත් ශක්තිමත් කරාවි.

 

ඉස්සර නම් අපේ ගම් පලාත් වල පොලේ යන විට සියා ආච්චි සමග මුනුබුරු මිනිබිරි කුඩා දරුවන්ද රැගෙන යනවා. එහිදී දරුවන්ද ඒවාට සහභාගි වන්නේ සතුටින්. ෆිල්ම් එකක් බලන්නට යෑම. පාක් එකට යෑම, හැමදාම ගෙදර කනවාට වඩා වෙනත් තැනකින් කෑමට යෑම, අසල වූ ගොවිපලක් බලන්නට යෑම වැනි විශාල සංචාර නොවන කාර්යයන් පවුලේ එකිනෙකා එකතුවී කළ හැකිනම් එය වටිනවා. අපි එකිනෙකා අතර එවැනි ගනුදෙනු වැඩි වෙන තරමට එකිනෙකා අතර බැඳීම්ද ඉබේම වැඩිවෙනවා.

 

සහෝදර සහෝදරියන් සැලකුවොත් අපේ නම් පවුලේ භාෂාව තුල ස්තුතියි කියන වදන අහන්නට නැතිම තරම්. එය වචනයක් පමණක්ම නෙමෙයි. අපි එකිනෙකාට යම් යම් උදව් පදව් කරගන්නට සිදු වෙනවා. “මේ අර පොත මට ගෙනත් දුන්නෙ වෙලාවට ඒක අලුත් එකක් අපේ සෙට් එක කියවල නෑ“. ආදි ලෙස තමුන්ට උදව්වක් කළ විට එහි ප්‍රථිඵලය ගැන ගැන නැවත පවුලේ සහෝදරයින් දෙමාපියන් දැනුවත් කිරීම හොඳ දෙයක්. දරුවන්ගෙන් යම් සුලු උදව්වක් ගත්තා වුනත් එයට ස්තූති කිරිමට දෙමාපියන්ට හැකිනම් එය යහපත් සබඳතාවයකට වඩාත් වැදගත්. උදාහරණ ලෙස බොහෝ කඩිමුඩි වෙලාවක දරුවාට කියා ඇඳුමක් අයන් කරගත් විට පසුව නිවිහැනහිල්ලේ වෙලාවක.“ පුතා එදා අර ඇඳුම් අයන් කරල දුන්න නිසා මම ඒ කෝච්චිය අල්ලගත්තා.“  ආදි ලෙස නැවත ඒ උදව්වට කෘතගුණ දැක්වීම තුලින් ඒ ඒ පවුල් සාමාජිකයින් අතර හොඳ මානසික බැම්මක් ඇතිවෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here