හිත නොරිදවා ආදරේ ප්‍රතික්ෂේප කරන්නේ මෙහෙමයි! – Saru News Media

0
11

අපි කියමු ඔන්න අපි කාට හරි ආදරෙයි කියලා. එහෙම වෙනවනේ, අපිට කෙනෙක්ට හිත යන්න පුළුවන්නේ. හැබැයි අපිට එහෙම හිත ගියාට, එයාත් අපිට කැමති වෙයිද? ආන්න ඒක නම් ප්‍රශ්නයක්. කැමති වුණොත් බෝනස්, කැමති නොවුණොත්? ආන්න එතකොට ඉතින් දුක සෝකෙන් තැවි තැවී ඉන්නනේ වෙන්නේ. ඇත්තටම එහෙම හාට්බ්‍රේක් එකකට මුහුණ දීලා නැති කෙනෙක් හොයාගන්න නැති තරම් කිවුවොත් බොරු නෙවෙයි.

 

හැබැයි අපි මෙහෙමත් හිතමු. ඔන්න අපිට කෙනෙක් පණ නහගෙන ආදරෙයි. ඒත් අපිට ඒ කෙනා ගැන එහෙම ආදර හැඟීමක් පහළ වෙලා නෑ. අපිට ඒ කෙනාව ඒ විදියට දැනෙන්නෙ නෑ. හැබැයි ඉතින් නිකම්ම “මං ඔයාට කැමති නෑ” කිව්වොත් එහෙම ඒ කෙනාගේ හිත රිදෙන එක ෂුවර්. ඒකටත් අපි අප්සෙට්. එහෙමයි කියලා ඔහේ පස්සෙන් එන්න දීලා ඉන්නත් බෑ. ඒක එයාටත් කරන නරකක්, අපිටත් කරදරයක්. ඇත්තටම හිත රිද්දන්නෙ නැතුව ආදරේ ප්‍රතික්ෂේප කරන්න ක්‍රමයක් නැද්ද? ඇත්තටම නෑ. කොහොම කළත් ප්‍රතික්ෂේපයක් කියන්නෙම හිත රිදෙන දෙයක්. හැබැයි අපිට ඒ හිත් රිදුම, හිත් බිඳුම හැකිතාක් ප්‍රමාණයකින් අඩු කරලා අපේ අකමැත්ත ප්‍රකාශ කරන්න පුළුවන් නම්, ආන්න ඒක ලොකු දෙයක්. ඉතින් මේ කියන්න යන්නේ ඒ විදියට හිතක් හැකිතාක් නොරිද්දා ආදරයක් ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද කියන එක ගැන තමයි.

 

අපි සාමාන්‍යයෙන් දැන් කාලේ ෆේස් ටු ෆේස් දේවල් කරන්නෙම නැති තරම්. ඇයි? අපිට චැට් කරන්න පුළුවන්, මෙසේජ් කරන්න පුළුවන්, කෝල් කරන්න පුළුවන්, ෆේස් ටයිම් පුළුවන්, ඔය වගේ ඩිජිටල් ක්‍රමේට අදහස් හුවමාරු කරගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වගේ අවස්ථාවකදී කරන්න පුළුවන් හොඳම දේ තමයි කෙලින්ම මුණගැහිලා කතාබස් කරගෙන ඉවර කරන එක. ඒකෙන් ඇත්තටම අනික් කෙනාට තේරෙනවා අපි ඒ කෙනා ගැන මනුස්සයෙක් විදියට සැලකිලිමත් වෙනවා කියන එක, අපි ඒ කෙනාගේ හැඟීම් වලටත් ඒ කෙනාටත් ගරුත්වයක් තියෙනවා කියන එක. ආන්න ඒක වැදගත්.

හැබැයි ඉතින් දැන් කාලේ ගැන බැලුවත්, එහෙම මූණට මූණ මුණගැහෙන එක කරන්න අමාරු කටයුත්තක් වෙන්න පුළුවන්. එහෙම ඇත්තට මුණගැහිලා කතාබස් කරගෙන වැඩේ ඉවරයක් කරන එක කරන්නම බැරි දෙයක් නම්, ඊලඟට යන්න පුළුවන් ඔප්ෂන් එක තමයි දුරකථන ඇමතුමක්. ෆෝන් කෝල් එකක්. හැබැයි ඒ ඇරෙන්න චැට් මෙසේජ් එකකින්, ටෙක්ස්ට් එකකින් එහෙම ආදරයක් ප්‍රතික්ෂේප කරන එක කිසිසේත්ම කරන්න නරකයි.

 

 

දැන් අපි එහෙම ඇත්තට මුණගැහිලා හරි අඩුම තරමින් කෝල් එකකින් හරි ආදරේ ප්‍රතික්ෂේප කරන්නනේ යන්නේ. ඇත්තටම ඒක ලේසි දෙයක් නෙවෙයි. මොකද, අපි අපේ අදහස කිව්වත්, අනිවාර්යයෙන්ම අනික් පැත්තෙන් කරුණු ඉදිරිපත් වෙයි අපි ඒ ආදරේ පිළිගන්න ඕන ඇයි කියලා. ආන්න ඒ නිසා අපි මේ සාකච්ඡාවට සූදානම් වෙලා තමයි මුණගැහීමට හෝ ෆෝන් කෝල් එකට යන්න ඕන. ඒ කියන්නේ අපි මානසිකවත් ඒකට සූදානම් වෙන්න ඕන. නැතිනම් අපිත් කරකියා ගන්න දෙයක් නැති වෙන, කලබල වෙන තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න අපිට කියන්න ඕන මොනවද කියන එක ගැනත් හොඳට හිතලා මතලා එතනට යන එක හොඳයි. විශේෂයෙන්ම තව දහසක් වැඩ දාගෙන, කරදාසිය ලිපේ දාගෙන ඔය වගේ දේකට නොයන එක තමයි හොඳ.

 

සමහරු කෙනෙක්ගේ ආදරයක් පිළිගන්න බැරි වීමට හේතු විදියට කියන ජනප්‍රිය කාරණයක් තියෙනවා. ඒ තමයි “මට කොල්ලෙක්/කෙල්ලෙක් ඉන්නවා” කියන එක. හැබැයි ඒක බොරුවක් නම්? බොරුවක් නම් ඒ මොහොතෙදී ගැටළුවක් වෙන එකක් නෑ. හැබැයි කවදාහරි අපි ඒ කියල තියෙන්නෙ බොරුවක් කියලා අනික් කෙනාට අහුවුණොත්, එතනදී එයා ආයෙමත් පාරක් දරුණු විදියට හර්ට් වෙන්න තියෙන ඉඩ වැඩියි. ආන්න ඒ නිසා අපිට මේ කතාබහේදී අවංක වෙන්න සිද්ධ වෙනවා. ඇත්ත කතන්දරේ සීනි තවරන්නේ නැතුව කියන්න සිද්ධ වෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here