ඔබව අමන්දානන්දයට පත් කල හැකි තරමක් වෙනස් අතුරුපසක් හඳුන්වා දෙනවට කැමතිද? අපේ චෙෆ් නදී මේ තරමක් වෙනස් අතුරුපස ඒ සඳහා යෝජනා කළා. සකස් කරගැනීමට ඉතාම පහසුයි. ඒ වගේම කන හැම කටක් ගනේම අමතක නොවන රසයක් ඔබට රැගෙන ඒවි.
Want a slightly different dessert to impress your friends? Chef Nadee suggests this unconventional biscuit cake. Easy to make, unforgettable with every bite.
Want a slightly different dessert to impress your friends? Chef Nadee suggests this unconventional biscuit cake. Easy to make, unforgettable with every bite.
Ingredients
0/7 ingredients
No ratings yet
Directions
0/0 steps made
-
කුඩු (පව්ඩර්) බවට පත් වන තුරු බිස්කට් අම්බරාගන්න (ග්‍රයින්ඩ් කරගන්න).
Grind biscuits down to a powder. -
කුඩු කරගත් බිස්කට්, බේකින් පව්ඩර්, ලුණු සහ කොකෝවා පව්ඩර් භාජනයකට දමන්න.
Add the grounded Biscuits, Baking powder, Salt and Cocoa powder to a bowl. -
බිස්කට් මිශ්‍රණය සකස් කරගැනීමට මේ සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න.
Mix well to form a biscuit mixture. -
පසුව භාවිතා කිරීම සඳහා පසෙකින් තබන්න.
Keep aside for use later. -
බටර් සහ අයිසින් සීනි තරමක් විශාල භාජනයකට දමන්න.
Add Butter and Icing Sugar to a large bowl. -
හොඳින් හැඳි ගාමින් උකු සහ මෘදු මිශ්‍රණයක් බවට පත් වන තුරු මිශ්‍ර කරගන්න.
Stir and mix well to form a smooth and thick batter. -
ඊට බිත්තර එකතු කොට හොඳින් හැඳි ගාන්න. මිශ්‍රණය සකස් කිරීම දිගටම කරගෙන යන්න.
Add Eggs and stir, one at a time, and continue making the batter. -
ඊට බිස්කට් මිශ්‍රණය එකතු කරන්න. මෘදු චෝකටල් පේස්ට් එකක් සකස් කර ගැනීම සඳහා හොඳින් හැඳි ගාමින් මිශ්‍ර කරන්න.
Add the Biscuit mixture, stir and mix well to form a smooth chocolate paste. -
චොකලට් පේස්ට් එක යකඩ භාජනයකට වක් කරන්න.
Pour the chocolate paste into a metal container. -
ඒ අතරතුර, ස්ටීමර් (ගැඹුරු භාජනයක) ජලය රත් කරගන්න.
Meanwhile, boil water in a steamer (deep pot). -
චොකලට් පේස්ට් එක අඩංගු යකඩ භාජනය ස්ටීමර් (ගැඹුරු භාජනයක) එකේ තබන්න.
Place the metal container with the chocolate paste into the steamer. -
මිනිත්තු 30ක් පමණ හුමාලයෙන් තම්බා ගන්න.
Steam for about 30 minutes. -
ඉවතට ගෙන පිළිගන්වන දීසියේ තබන්න.
Take out and transfer to a serving dish. -
ඒ මත චොකලට් සිරප් සහ කැන්ඩි ෆෘට් තබා අලංකාර කරගන්න.
Add some Chocolate syrup and Candy Fruit as a sweet topping. -
උණුවෙන් පිළිගන්වන්න.
Serve hot.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.
Saru Fm Media