ෆෝන් එකෙන් යූ ටියුබ් (YouTube) චැනලයක් පටන් ගනිද්දි වැදගත් වන කරුණු – Saru News Media

0
18

යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න එක නූතනයේ අපේ සෙට් වල එක යාලුවෙක්ට හරි තියෙන බරපතල ප්‍රශ්නයක්. අදහස් තිබුණාට ඉතින් අපිට ඔය දේවල් කරන්න එක්කෝ වෙලාවක් නැහැ. නැත්නම් අපිට ඒ ගැන අවබෝධයක් නැහැ. හැබැයි  යූ ටියුබ් වල ජනප්‍රිය වෙච්චි අයගේ මුල් කාලේ බැලුවොත් එයාලටත් ඒකට ලොකු වෙලාවක් තිබුණේ නැහැ… ලොකු අවබෝධයකුත් නැහැ. ඒත් එයාල වැඩේ හෙමින් හෙමින් ඉගෙනගෙන ගොඩදාගත්තා. ඉතින් ඔබටත් අතේ තියෙන ෆෝන් එකෙන් යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්නට අවශ්‍ය දැනුම ටිකක් ලබා දෙන්න අපි හිතුවා.

 

ෆෝන් එකකින් කැමරා කරද්දි එළියෙන් එන නොයිස් එක සහ ආලෝක තත්ත්වය වීඩියෝ කොලිටිය කෙරෙහි සෘජුවම බලපානවා. යම් පැහැදිළි කිරීමක් යූ ටියුබ් එකෙන් කරන වෙලාවක අවට සද්දයක් තිබ්බොත් වීඩියෝ එකේ තියෙන කොලිටි එක නැතිවෙනවා. ඒ වගේම යම් අඳුරු පසුබිමක තියෙන දෙයක් වීඩියෝ කරද්දිත් ෆෝන් එකේ කැමරාව පොඩි නිසා එහි වීඩියෝවේ තත්ත්වය බාල වෙනවා. ඒ නිසා පසුබිම ගැන ටිකක් උනන්දු වෙලා ඒ පසුබිමට අදාළව අවශ්‍ය ආලෝක තත්ත්වයන් නිර්මාණය කරගන්නට ඕනි. අවට බාධාකාරී ශබ්ද වලින් අනවශ්‍ය බලපෑමක් එනවා නම් ඒ වගේ වෙලාවට පසුබිමේ සද්ද නැති අවස්ථාවක් වීඩියෝ කරන්න යොදාගැනීමත් වැදගත්. 

 

යන එන ගමන් අපිට යමක් විස්තර කරන්නට අවශ්‍ය නම් ඒ අවස්ථාවට මොනොපොඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ෆෝන් එකේ කැමරාවෙන් වීඩියෝ කරද්දි සෙලවීම් ආදිය කැමරාවට හසුවෙනවා වැඩියි. වීඩියෝ බාසාවෙන් කියනවා නම් ශේකින් වැඩියි. ඒවා ඉවත් කරන්න වෙනම මෘදුකාංග ආදිය යොදාගන්න පුළුවන්. ඒත් අපිට අවශ්‍ය කරන්නේ වැඩිය ගැස්සෙන්නෙ නැති වීඩියෝ එකක් නම් ෆෝන් එක ට්‍රයිපොඩ් එකකින් හෝ වෙනත් ක්‍රමයකින් මවුන්ට් කරගැනීම වැදගත් වෙනවා. ඇක්ෂන් වැඩ ආදියෙදිත් බයිසිකල් වලට, හිසේ හෙල්මට් එකට, අතට, පපුවට කැමරා ෆෝන් එක මවුන්ට් කරගන්න පුළුවන් ක්‍රම සහ විධි තියෙනවා. ඒවා ඇසුරෙන් ඒ අවස්ථාවට අදාළ වීඩියෝ කොටස් නිමකරගන්න අපිට පුළුවන් වෙනවා. 

 

ෆෝන් වීඩියෝවේ අපි පෙනී ඉන්නවා නම් අපේ ස්වරූපය අපිට මනසින් හිතාගන්නවාට වඩා සාම්පල් වීඩියෝවක් ගහලාම අපේ විදිහ බලාගන්න එක ෆෝන් එකේදි පුළුවන්. පෙරහුරුවක් හෙවත් කලින් පොඩි කොටස් ෂූට් කරලා බලන එකෙන් වීඩියෝ කොලිටිය, ඕඩියෝ කොලිටිය සහ ඒවා වැඩිදියුණු කරගන්න ආකාරය ගැනත් අපිට අදහසක් ගන්නට පුළුවන්. පෙරහුරුව තුළින් අපිට වීඩියෝව කරන ආකාරය සහ ආකර්ෂණීය බව වැඩිදියුණු කරගන්න හැටි ගැනත් යම් අදහසක්  ලැබෙනවා. 

 

ස්ක්‍රිප්ට් එකකට ගහන්න අපි කරන්නේ ෆිල්ම් එකක්, ටෙලියක් නෙමෙයි. ඒත් අපි හදන වීඩියෝ යූ ටියුබ් එකේ ජනප්‍රිය වෙන්න නම් ඒවා බලන අයට අපි හදන දේවල් වඩාත් ආකර්ෂණීය වෙන්න ඕනි. යූ ටියුබ් එකම කියන විදිහට අපි ෂූට් කරන්න කලින් යම් දළ සටහනක් ඒ ඒ තැනදි, ඒ ෂූට් එකේදි කරන දේවල් ගැන යම් සැකිල්ලක්, කටු සටහනක් තියෙන එක වටිනවා. ඒ හරහා ඉන් පස්සේ කරන වීඩියෝ වලට පහසුවක් වෙනවා වගේම ආකර්ෂණීය විදිහට කාලය අඩුවෙන් යමක් රූපගත කරන්නත් අපිට අවස්ථාව හම්බෙනවා. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here