අකලට මියැදුණු අපේ කලාකරුවෝ – Saru News Media

0
11

අපි ලංකාවේ ඕනම කලාකරුවෙක් මිය ගියාට පස්සෙ කලා ක්ෂේත්‍රයට සිදු වුණේ දරාගත නොහැකි පාඩුවක් කියලා කියනවා. ඒත් ඒ කතාව ටිකක් විතර අතිශයෝක්තියක් කියල කිව්වොත් වැරදි නැහැ. හේතුව තමයි ගොඩක් කලාකාරයෝ තමන්ගේ කලා ජීවිතයෙන්, තමන්ගේ හැකියාවෙන් උපරිම දෙයක් ප්‍රේක්ෂකයන්ට දීලා සහ ඒ කාලයට සාපේක්ෂව පරමායුෂ භුක්ති විඳලා තමන්ගේ කාර්යය ඉටු කරලා සමු ගැනීම. හැබැයි අපි අද කියන්න යන්නේ තමන්ගේ කටයුතු නිම කරන්නත් කලින්  මාරයාගෙන් කැඳවීම් ලබපු අපේ රටේ කලාකාරයෝ කීප දෙනෙක් ගැන.

 

විදේශ රටක සංචාරයක් නිමා කරලා ලංකාවට පැමිණෙද්දී ගුවන් යානයෙන් බැසීමේ දී ඇති වුණු හදිසි අනතුරකින් තුවාල ලබලා ගුණදාස කපුගේ මිය යනවා. ඒ කාලේ බොහෝ රසිකයන්ට මේ ප්‍රවෘත්තිය ඇත්තද කියලා අදහගන්නත් කාලයක් ගියා. හැබැයි කපුගේ ජීවත් වෙලා හිටිය නම් ඊට පස්සේ කොච්චර නිර්මාණ කරන්න තිබ්බද? ඒ වගේම කපුගේට සමාන කටහඬක් වගේම ඔහුට සමාන ජීවන දර්ශනයක් උරුම වුණු කලාකාරයෙක් ලංකාවේ බිහි වුණාද කියන එක ප්‍රශ්නයක්? උදාහරණයක් විදිහට සන්ෆ්ලවර් සමග කැසට් පටයක් කිරීම නිසා මුළු ලංකාවම කපුගේට බනිද්දි කපුගේ ඒ කැසට් පටයෙන් තමන්ට ලැබුණු සම්පූර්ණ මුදල තමන්ගේ මිතුරෙකුගේ සෞඛ්‍යයමය අවශ්‍යතාවයක් වෙනුවෙන් ලබාදුන්නා.

 

ප්‍රේමසිරි කේමදාස මහත්තයා බිහි කරපු ගෝලබාලයන් අතරෙන් තවත් ගෝලබාල පරම්පරාවක් බිහි කරන්න දායකත්වයක් ලබා දීපු සුවිශේෂී ශිල්පිනියක් විදිහට ඇයව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඇයව ඇසුරු කරපු අය කියන විදිහට ඇය වගේම ඇගේ සැමියා වන එච්.එම්  ජයවර්ධනත් කිසි අවස්ථාවක මුදල් වලට ප්‍රමුඛත්වය දීපු කලාකරුවන් නම් නෙමෙයි. තමන්ට කොයිතරම් අගහිඟකම් ඇතිවුණත් හැම තිස්සෙම අනිත් කලාකරුවන්ට උදව්පදව් කරපු වගේම ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන්ටත් අත දීපු යුවළක්.

 

ලංකාවේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළ ග්‍රැන්විල් කියන්නේ අමතක කරන්න බැරි චරිතයක්. ඒ වගේම ගායකයෙක් විදියටත් ඔහු සාර්ථක වුණා. සිනමාව තුළදි නමුත් බොහෝ නිර්මාණ වලින් අපිට ඔහුව මුණ ගැහුණේ නෑ. නෝනාවරුනි මහත්වරුනි කතා මාලාව තුලින් හාස්‍යෝත්පාදක රංගනය තුළ ඔහු අලුත් ගමනක් යෑම ආරම්භ කළත් ඒ කාලය තුළදීයි ඔහුගේ හදිසි මරණය සිද්ධ වෙන්නේ. ඒ වගේ ම මනෝකාය ටෙලි නාට්‍යයේ ඔහු සිදු කරපු රංගනය කිසිම කෙනෙක්ට අමතක කරන්න බැරි තරමේ විශිෂ්ඨ රංගනයක්.

 

එකම ඉස්කෝලෙන් එකම කාලෙකදි නළුවෝ තුන් දෙනෙක් ලංකාවේ සිනමා ක්ෂේත්‍රයට පිවිසෙනවා. මේ තුන් දෙනාම සෑහෙන්න කට්ටක් කනවා. ක්ලීටස් මෙන්ඩිස්, රන්ජන් රාමනායක සහ රන්ජන් මෙන්ඩිස් තමයි මේ තුන් දෙනා. රන්ජන් මෙන්ඩිස්ට තමන්ගේ කෙටි ජීවිත කාලය තුළ දී රඟපාන්න ලැබුණේ සිංහල චිත්‍රපටය දෙකකට විතරයි. ඒ “පළඟැටියෝ” සහ “අපේක්ෂා” කියන චිත්‍රපටිවල. කඩවසම් පෙනුම සමග මුසු වුණු රඟපෑමේ හැකියාව නිසා රන්ජන් මෙන්ඩිස් සිංහල සිනමාව තුළ දිගු ගමනක් යයි කියල කියල බොහෝ දෙනෙක් අපේක්ෂා කරා. ඒත් අවාසනාවකට වගේ හදිසි අනතුරකින් රන්ජන්ට ජීවිතයෙන් සමු දෙන්න සිදු වුණා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here