අලුත් බබෙක් ඉන්න අම්මෙකුට මඟහැරෙන නින්ද ලබාගන්න ක්‍රම – Saru News Media

0
6

පුංචි බබෙක් ඉපදුණ අලුත ඒ ගෙදර අයට නිදාගන්න වෙනව කියල කියන්නෙනම් හීනයක්. මොකද චූටි බබා රෑ දවල් අඳුරන්නෙ නැති නිසා එයාට හරි නින්දකට හුරුවෙන්න සෑහෙන්න කාලයක් යනව. ඉතින් සැරින් සැරේ නිදාගත්තට රෑ පුරා හරි නින්දක් නිදාගන්නෙ නැහැ. වැඩේ කියන්නෙ බබා බලාගන්න අයටත් එයා එක්කම නැගිටල ඉන්න වෙනවනෙ. දරුවෙක් හදන එකේ අමාරුව තවත් හොඳින් දැනෙන කාලයක් තමයි මේක. වැඩිම අමාරුව අම්මට තමයි. මොකද බබාට කිරි දෙන්න, බබාගෙ නැපි මාරු කරන්න සැරින් සැරේට නැගිටින්නම වෙනව. ප්‍රසූතියේ අපහසුතා, තුවාල වේදනා වගේම හෝර්මෝන වෙනස් වීම් නිසා ඇතිවෙන මානසික අසමතුලිතතා එක්ක මේ නින්දත් අහිමි වෙන එකනම් පොඩ්ඩක්වත් ලේසි නැහැ අලුත් අම්ම කෙනෙකුට. ඉතින් මේ කතා කරන්න යන්නෙ අලුත ඉපදුණ කිරි දරුවෙක් ඉන්න අම්ම කෙනෙකුට මඟහැරෙන නින්ද ලබාගන්න අනුගමනය කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැනයි. ඔයාටත් අලුත් බබෙක් ඉන්නවනම්, නැත්තම් අලුත් බබෙක් ගේන්න ඉන්නවනම් මේක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්.

 

මේ කියන්නෙ බබා හම්බෙන්නත් කලින් කාලේ ගැන. හුඟක් අය දැනගෙන හිටියට බබා ලැබුනම නිදිමරන්න වෙනව කියල ඒකට පෙර සූදානමක් නැහැ. ඒ කියන්නෙ මේ නින්ද අහිමිවීම ගැන හිතලවත්, සැමියා බිරිඳ දෙන්න එක්ක කතාකරලවත් නැහැ. එතකොට මානසිකව උනත් මේ අහිමිවෙන නින්ද දරාගන්න හරි අමාරුයි. අන්න ඒ නිසා කලින් ඉඳලම සූදානම් වෙන එක මේ අමාරු කාලෙ ගෙවාගන්න ලොකු උදව්වක්. 

බබා ලැබෙන්න ඉන්න කාලෙම දෙන්න දෙමහල්ලෝ එක්ක මේ විදිහට නිදිමරන්න වෙනව, අපි ඒක බැලන්ස් කරගන්නෙ කොහොමද, දෙන්නත් එක්ක වැඩ බෙදාගෙන කරන්නෙ කොහොමද කියල කතාබහ කරල තියාගන්න. ඒකට අවශ්‍ය අමතර දේවල්, ඒ කියන්නෙ baby cot, baby monitor, breast pump, bottles වගේ දේවල් තියෙනවනම් බබාගෙ බඩු ගන්නකොටම ඒවත් සූදානම් කරගන්න.

 

ඊළඟ විදිහ තමයි බබා නිදියන වෙලාවට ටික ටික නිදියන්න පුරුදු වෙන එක. මේ මුල්ම කාලෙ බබා නිදියනකන් ඉඳල ගෙදර වැඩ කරන්නනම් තියාගන්න එපා. ඒකෙන් වෙන්නෙ අම්මා තවත් stress වෙන එකයි. ඒ නිසා බබා නින්දට යනකොටම දවල්ද රෑද කියල නොහිතා අම්මත් කෙටි නින්දක් හරි ලබාගන්න. මොකද මුල්ම දවස්වල තියෙන වෙහෙස, මානසික මට්ටම එක්ක ගෙදර පිළිවෙල වෙනවට වඩා අම්ම සතුටින්, නිරෝගීව ඉන්න එක තමයි අලුත් කිරි දරුවට වගේම පවුලටත් වැඩියම වැදගත්.

 

ගෙදර හැමෝගෙන්ම පුළුවන් තරම් උදව් අරගන්න. ගෙදරට එන අහල පහළ ලඟම නෑදෑ හිතවත් අයගෙන් උනත් කමක් නැහැ. උදව් ගන්න පුළුවන් ඕනම කෙනෙකුගෙන් උදව් අරගෙන මේ අමාරු දවස් කීපය ගෙවාගන්න. අම්මට ටිකක් නිදාගන්න බබා බලාගන්න, බබාගේ රෙදි හෝදන්න, වේලන්න, අයන් කරන්න, උයන්න වගේ ඕනම වැඩකට පුළුවන් තරම් උදව් අරගන්න. ඒ හැම වැඩක්ම අම්මගෙ ඔළුවේ තිබුණොත් නිදියන වෙලාවටවත් අම්මට මානසික නිදහසක් ලැබෙන්නෙ නැහැනේ. 

 

අනිත් කාරණේ තමයි වැඩ පහසු කරන ක්‍රම. පුළුවන් තරම් අලුත් ක්‍රම පාවිච්චි කරන්න. Breast pump එකක් පාවිච්චි කරල මව්කිරි දොවල තියන්න පුළුවන්. බබාට පොඩි කාලේ ඉඳන්ම බෝතලයක් හුරු කරලා, ඒ දොවපු කිරි වේලක් පොවන එක කාටහරි බාරදීලා අම්මට ටිකක් වෙලා එකදිගට නිදාගන්න පුළුවන්. 

රෑ තිස්සේ බබා තෙමාගෙන නැගිටින එක නැතිකරන්න ඩයපර්ස් භාවිතා කරන්න පුළුවන්. නැත්තම් පැය 2-3කට සැරයක් කිරි දෙනවට අමතරව ඒ අතර මැදට නැපි මාරු කරන්නත් නැගිටින්න එපැයි. ඩයපර්ස් භාවිතය ගැන මීට කලින් “බබාලට ඩයපර්ස් අන්දන අම්මලාට වැදගත් වෙන කරුණු” කියන ලිපියෙන් අපි වැඩිදුර විස්තර කතා කළා. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here