අලුත උපන් බබා​ගේ නින්ද ගැන කරුණු දැනගනිමු – Saru News Media

0
5

ඔන්න අලුත උපන් බබෙක් ඉන්න අම්මලා, තාත්තලා නම් දන්නව මේ කතා කරන්න යන කාරණේ කොයි තරම්නම් වැදගත්ද කියල. අලුත් බබෙක් කියන්නෙ පවුලකට අලුතෙන් එකතු වෙන සතුටු කන්දක්. අලුත් බබෙක් එකතුවුණ කාල සීමාව ඉතින් පවුලේ හැමෝම, විශේෂයෙන්ම අළුත් අම්මයි තාත්තයි අතිශය ප්‍රීතියෙන් ගත කරන කාලයක්. හැබැයි ඒ වගේම තමයි ඉතින් ආයේ මුළු ජීවිතේටම නොකරපු තරම් නිදිමරන්න වෙන කාලයක්. අලුත උපන් පුංචි බබාලගෙ නින්ද කියන්නෙ වෙනස්ම මාතෘකාවක්. අන්න ඒ නිසා තමයි අපි හිතුවෙ අලුත් බබාලට, අම්මලාට, තාත්තලාට හැමෝටම පහසුවක් වෙන්න මේ බබාගෙ නින්ද කියන කාරණේ හසුරුවන විදිහ ගැන ටිකක් කතා කරන්න. 

 

 

 

කොයි දේටත් කලින්, නින්ද විතරක් නෙමෙයි, පුංචි බබෙක් සම්බන්ධ කොයි කාරණාවෙදිත් ඉස්සෙල්ලම කරන්න ඕන දෙයක් තමයි මේක. අලුත් බබෙක් ඉන්න යුවළකට වැඩියෙන්ම ලැබෙන දේවල් තමයි මේ අනික් අයගේ උපදෙස්, අවවාද කියන්නෙ. විශේෂයෙන්ම පරණ අම්මල, තාත්තලා, ආච්චිලා, සීයලාගෙන්. ඒ පැරැන්නෝ කාලාන්තරයක් දරපු මත, ඒ කාලෙ දරුවන්ට කරපු දේවල් උනාට අද කාලෙට ඒ හුඟක් දේවල් ගැලපෙන්නෙ නැහැ. එහෙම පරණ දේවල්ම කර කර ඉන්න ඕන නම් මිනිස්සු අලුත් අලුත් සොයාගැනීම් කර කර ඉස්සරහට යන්න ඕන නෑනෙ. අලුතෙන් හොයාගන්න හුඟක් දේවල් වලින් වෙන්නෙ ජීවිතේ පහසු වෙන එක, අනතුරු ලෙඩ රෝග අවම වෙන එක. ඒ නිසා පුළුවන් තරම් වෛද්‍යවරු දෙන උපදෙස්ම පිළිපදින්න. බබා රෑට අඬන්නේ කිරි නැති නිසා, බබාට ඩයපර්ස් අන්දන්න හොඳ නෑ වගේ අනවශ්‍ය මත ඔලුවට දාගන්න එපා. කරුණාවෙන් ප්‍රතික්‍ෂේප කරන්න.

 

 

 

බබෙක් ඉපදුන මුල්ම කාලෙ, ඒ කිව්වෙ අඩුම තරමේ මුල් මාස තුනවත් ඉවර වෙනකං නින්ද කියන දේ ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න අමාරුයි. කොහොමත් බබාල රෑ දවල් වෙනස අඳුනගෙන නින්දට හුරුවෙන්න ටික කාලයක් ගතවෙනව. ඒ වගේම අලුත උපන් පැටවුන්ට කොලික් වගේ ලෙඩ රෝග නිසාත් මාස තුනක් විතර පහුවෙනකන් රෑට නිදියන්න අමාරුයි. අලුත උපන් බබෙකුට හැදෙන්න පුළුවන් ලෙඩරෝග ගැන අපි මීට කලින් ලිපියකින් සවිස්තරාත්මකව කතා කළා. අනිත් එක තමයි බබාගෙ බණ්ඩිය හරිම පුංචි නිසා මුල්ම කාලෙ බොන කිරි හරිම පොඩ්ඩයි බණ්ඩියට අල්ලන්නෙ. ඉතින් වෙන ප්‍රශ්නයක් නැති උනත් බබා රෑට සැරින් සැරේ ඇහැරිලා කිරි බොන එක සාමාන්‍යයි. ඒ කොයික වෙතත් රෑ නින්දට බබාලා හුරුවෙන්න මාස තුනක්වත් යනව. ඒ නිසා හොඳම දේ තමයි මේ දේවල් ගැන කලින් හොඳින් දැනුවත් වෙලා ඉන්න එක. නැත්තම් බබාගෙ නින්ද අඩු එක ප්‍රශ්නයක්දෝ කියල හිතලම ස්ට්‍රෙස් වෙන්නත් බැරි නැහැ. 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here