අවශ්‍ය ටාගට් එකට ආවට පස්සෙ ආහාර පාලනයට මොකද වෙන්නෙ? – Saru News Media

0
1

ඩයට් කරන්න කලින් දැනගන්න ඕන දේවල් ගැන අපි කලින් ලිව්වනෙ. ඒ ආටිකල් එක මෙතනින් කියවන්න!

 

අ​ද මේ ලියන්න හදන්නෙ ඩයට් එකකින් තමන්ට අවශ්‍ය ගාණට ඇඟ බස්සගත්තට පස්සෙ මේන්ටේන් වෙන එක ගැන. ඒ කියන්නෙ ඩයට් කරල කෑම පාලනේ කරල අපේ ටාගට් එකට ආවට පස්සෙ මොනාද අපි කරන්න ඕන කියල. මොකද ඩයට් එකකින් පස්සෙ එන අඩුපාඩු ගතිය නැති කරගන්න අපේ කට්ටිය ටාගට් එකට ආව ගමන් කරන්නෙ පිස්සුවෙන් වගේ කාගෙන කාගෙන යන එක. ඊට පස්සෙ සතියෙන් අර බස්ස ගත්තු බර ආපහු නග්ග ගන්නව. මෙන්න මේ නිසා ලයිෆි අපි අද මේ කියන්න හදන්නෙ ඩයට් කරල ටාගට් එක ආවම කොහොමද ඉන්න ඕන කියන එක ගැන. 

 

 

ඩයට් එක එක පාරටම අතාරින්න එපා. සතියෙ දවස් පහක් කාර්බ් ෆ්‍රී හිටිය නම් ඩයට් එක නතර කරන්න හිතුවට පස්සෙ සතියට දවස් තුනක්වත් කාර්බ් ෆ්‍රී වෙන්න. හැකි තරම් කාර්බ් අඩු කරන්න. එක සැරේම ඩයට් එක නතර කරල පරණ පුරුදු විදියට හොඳට කන්න ගත්තම අපේ බරත් ඒ ශීඝ්‍රයෙන්ම වැඩිවෙනව. මේ නිසා ඩයට් කරන එක නතර කරනව කියල සම්පූර්ණයෙන් අත් අරින්න එපා. 

 

කිරි තේ, කාබනේටඩ් බීම, පැණි රස කෑම, පාන්, බනිස්, බර්ගර්, පීසා වගේ දේවල් අවම විදියට කන්න බොන්න. මේ කියන්නෙ නොකා නොබී ඉන්න නෙවෙයි. කන්න බොන්න ඒත් ලිමිට් එකක් තියාගන්න. ශරීරයේ පැවැත්මට අවශ්‍ය කැලරි ප්‍රමාණයට වඩා අනවශ්‍ය විදියට කැලරි ගොඩගහගන්න එපා. ඉඳ හිටක එන ක්‍රේවින්ග් ෆීලින්ග් එකට ලොක් දාන් ඉන්න ඕන නෑ. ඒත් ඒකට නිතරම ඉඩ නොදී ඉන්න බලන්න. ආසම හිතුනොත් කැලරි ලිමිට් එකේ ඉඳන් කනව මිසක් පරණ පුරුදු ආහාර රටාවට ආයෙම වැටෙන්න එපා. 

 

ඩයට් කරන එක ගැන කියද්දිත් කිව්වනෙ ව්‍යායාම වැදගත්. ඩයට් කරන එක නතර කළා කියල ව්‍යායාම නවත්තන්න එපා. ඒකෙන් වෙන්නෙ ඩබල් එකේ මහත් වෙන්න ගන්න එක. අනිවාර්යයෙන් දවසට තමන් වෙනුවෙන් පැය භාගයක් වෙන් කරගන්න. මොන වැඩක් තිබුණත් ඒ දේ කරන්න. අමතර කැලරි දහනයට වගේම ශරීරයේ මනා පැවැත්මට ව්‍යායාම ඉතාම අවශ්‍යයි. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here