ආකර්ෂණීය ශරීරයක් නිර්මාණය කරගත්තට පස්සේ? ඊලඟට මොකද කරන්නේ? – Saru News Media

0
1

අපේ බාහිර පෙනුම කියන්නේ ඇත්තටම අපි ඕනම කෙනෙක් සෑහෙන්න හිතන දෙයක්නේ. ඒ කියන්නේ, පෙනුම නෙවෙයි ගතිගුණ තමයි වැදගත් වගේ කතන්දර ඇහුණට, ඇත්තටම ඔය පෙනුම ගැන උනන්දු වෙන කීයෙන් කී දෙනෙක් ඉන්නවද? අපි කෙනෙක්ව හරියට දැන අඳුනගන්නකොට ඔය පෙනුම කියන එක වැදගත් නොවී යන්න පුළුවන්. හැබැයි එහෙම වුණත්, ගොඩක් වෙලාවට මුලින්ම කෙනෙක්ව දකිනකොට වුණත්, කෙනෙක්ගේ හිතේ අපි ගැන ඇතිවෙන හැඟීමට ඔය පෙනුම කියන එක සෑහෙන්න දායකත්වයක් දක්වනවා.

හරි, ඔය පෙනුම ගැන කියනකොට ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් වෙන්නේ ඇඟ වුවමනාවට වඩා මහත් වෙලා කියන එකනේ. ඔන්න ඔය ප්‍රශ්නේ ගොඩදාගන්න පුළුවන් ඉතින්. හොඳ ඩයට් ප්ලෑන් එකකට ගිහිල්ලා, පොඩ්ඩක් එක්සයිස් එහෙම කරලා, ඉවසිල්ලෙන් කටයුතු කළොත්, ශරීරයට තමන්ට ඕන ගාණට ආයෙමත් ගේන්න පුළුවන්. 

හරි, ඔන්න ඉවසිල්ලෙන් ඉඳලා, ඩයට් එකත් කරගෙන ගිහිල්ලා, ජිම් එකේ යකඩත් උස්සලා, මාස හයක්, අවුරුද්දක් විතර ගිහිල්ලා ශරීරය ගොඩදාගත්තා කියමුකෝ. දැන් ඇඟ ගාණට, අවශ්‍ය ප්‍රමාණයට, ෆිට් එකට, හැඩට තියෙනවා. ඉතින් ඊට පස්සේ?

 

මේක තමයි ඇඟ හදාගත්තට පස්සේ මුලින්ම කරන්න ඕන. දැන් අපිට ඇඟ හදාගත්තා වගේම, ලස්සනට පේන්න ඉන්නත් ඕනනේ. එතකොට ඇඟ හැදුණට, ලස්සන වුණාට විතරක් මදි. අපි ලස්සන වෙන්නත් ඕන. ඇත්තටම මේවා කරන්න නම් ඇඟ හදාගන්න කල් ඉන්න ඕනැත් නෑ. කමක් නෑ, දැන් හරි පටන් ගමුකෝ. මුලින්ම ගන්න හොඳ හෙයාර් කට් එකක්. විශේෂයෙන්ම තමන්ගේ අඩු වුණු ඇඟට ගැලපෙන විදියේ හෙයාර් කට් එකක්. ඒ එක්කම රැවුල වවලා නම් ඉන්නේ, රැවුලත් හොඳ ස්ටයිල් එකකට කපා ගන්න එක හොඳයි. ඒ වගේම ඉතින් රැවුල වවලා නම් ඉන්නේ, ඒක දිගටම මේන්ටේන් කරන්න සිද්ධ වෙනවා. එහෙම රැවුල මේන්ටේන් කරන අතරෙම, ඔය නහයේ කණේ අරෙහෙ මෙහේ දිගට වැවිලා තියෙන අනවශ්‍ය රෝම කූප එහෙමත් කපාගන්න එක හොඳයි. ඊට පස්සේ අත් පා වල නියපොතු කපලා, හොඳට පිරිසිදු කරලා තියාගන්න ඕන. මැනික්‍යු පෙඩික්‍යු එකක් එහෙම කරගත්තටත් පාඩුවක් නෑ. ෆේෂල් එකක් එහෙමත් දැම්මට කමක් නෑ ඉඳලා හිටලා හරි.

පිරිසිදුවට ඉඳීම ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.

 

 

මෙන්න මේක සෑහෙන්න වැදගත්. දැන් අපි ඇඟ මහත දෙහෙත කාලේ ඇන්දේ ඒ ඇඟට හරියන්න ඇඳුම්නේ. ඒවල ඉතින් එහෙමට ලොකු ෆැෂන් නැහැ. මොකද, ප්ලස් සයිස් වලට ගොඩක් වෙලාවට ෆැෂන් හොයාගන්න තියෙන ඉඩ අඩු නිසා. හැබැයි ගොඩක් මහතට ඉඳලා සෑහෙන්න ඇඟ අඩු කරගත්තු කෙනෙක්ට මහත කාලේ ඇඳපු තාලේ ඇඳුම් හරියන්නෙ නෑ. ඉතින් දුවලා ගිහිල්ලා තමන්ට ආස හිතෙන ආස හිතෙන ඇඳුම් මිලදී ගන්න කලින් විනාඩියක් නැවතිලා හිතලා බලන්න. තමන්ට ඇත්තටම ගැලපෙන ස්ටයිල් එකක් මොකද්ද කියලා. ඒ කියන්නේ, තමන්ටම ආවේණික විලාසිතාවක්. සමහරු ඉන්දියන් විදියට කැමති වෙයි. සමහරු ෆන්කි විදියට කැමති වෙයි. මේ මොකක් හරි, තමන්ගේ විදියට ගැලපෙන ස්ටයිල් එක මොකද්ද කියලා හිතලා බලන්න වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ මේ හදාගත්තු ඇඟත් එක්ක. ඕන නම් ඒකට ෆැෂන් ගැන එක්ස්පර්ට් යාළුවෙක්ගේ එහෙම උපදෙස් ගන්නත් පුළුවන්!

 

 

ඔන්න ඉතින් ඊට පස්සේ තියෙන ආතල් වැඩේ. ඇඳුම් හොයන එක. ඒක ඉතින් අමාරු කාරියක් නෙවෙයි, ඉස්සර මහතට හිටපු කාලේ සයිස් එකටත් හිතටත් ගැලපෙන ඇඳුම් හොයන්න කාපු කට්ට ගැන හිතනකොට. හැබැයි ඇත්තටම ඒ කාලේ හිතට ගැලපුණු ඇඳුම් හම්බුණේ ඉතාම කලාතුරකින්. ඉතින් ඇඟ අඩු වුණාට පස්සේ තමන්ට සෙට් වෙන ඇඳුම් හොයන්න යන එක ඩබල් ආතල්!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here