ඇමරිකාවේ ප්‍රාන්ත ගැන විස්තර දැනගනිමු – Saru News Media

0
1

පහුගිය දවස්වල අපි ඉන්දියාවේ ප්‍රාන්ත ගැන තොරතුරු ඔබ වෙත ගෙන එන ලිපි මාලාවක් පටන් ගත්තා. ඒ ලිපි මාලාවට ඔබෙන් ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිචාර ලැබිලා තිබ්බ නිසා අපි හිතුවා ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත පිළිබඳවත් කෙටි හැඳින්වීමක් සහිත ලිපි මාලාවක් ඔබ වෙත ගෙන එන්න. මේ සඳහා ඔබෙන් ලැබෙන ප්‍රතිචාර උඩ ඉදිරියේදී මේ එක් එක් ප්‍රාන්ත ගැන සවිස්තරාත්මක ලිපි මාලාවක් ඔබ වෙත ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය ආරම්භ වෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ආරම්භ කරන ලද ජනපද කීපයක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව කැරළි ගසා නිදහස ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි. කාලයත් සමඟ ආර්ථික සහ යුදමය වශයෙන් බලවත් වූ මේ ජනපද එකතුව අත්ලාන්තික් සාගරයේ පටන් පැසිෆික් සාගරය දක්වා උතුරු ඇමෙරිකා මහද්වීපයේ සුවිශාල බිම් ප්‍රදේශයක තම ආධිපත්‍යය පැතිරවීමට සමත් වුණා. අවසානයේදී රටක් වශයෙන් ඔවුන් ලෝක බලවතුන් බවටත් පත් වුණා. මේ එරට ප්‍රාන්ත 50 අතුරෙන් ප්‍රාන්ත කිහිපයක තොරතුරුයි (මේ සඳහා අපි භාවිතා කරන්නේ ඉංග්‍රීසි අකාරාදී පිළිවෙළයි)

 

ඇමරිකා එක්සත් ජනපදයේ ගිනිකොණ දිග ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ප්‍රාන්තය එරට ප්‍රාන්ත අතරින් විශාලත්වයෙන් තිස් වන ස්ථානය උසුලනු ලබනවා. අතීතයේ දී ස්වදේශික ගෝත්‍රවල භූමියක් වූ මෙම ප්‍රදේශය පිළිවෙළින් ස්පාඤ්ඤ ජාතිකයන්, ප්‍රංශ ජාතිකයන් සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් අත්පත් කරගනු ලැබුවා. ඇමරිකා එක්සත් ජනපදය නිදහස ලබන විටත් මෙම ප්‍රාන්තයේ වර්තමාන භූමි ප්‍රදේශයෙන් කොටසක් ස්පාඤ්ඤ ජාතිකයන් පාලනය කළ අතර පසුව එම ප්‍රදේශය ඇමරිකා එක්සත් ජනපදයටම පවරා දෙනු ලැබුවා. අතීතයේදී කපු වගාව සිය ප්‍රධාන ආර්ථික භෝගය කරගෙන තිබූ මෙම ප්‍රාන්තය ඇමරිකානු සිවිල් යුද්ධ සමයේදී වහල් ක්‍රමයට පක්ෂ සන්ධානයේ ප්‍රධාන බල කණුවක් වුණා. කපු වගාව වැනි කෘෂිකාර්මික භෝග සඳහා මුල්තැන දීම නිසා පසු කලෙක එම ප්‍රාන්තයේ ආර්ථිකය පරිහානියට පත්වූ අතර වැඩි වශයෙන් ව්‍යාපාර සඳහා දිරි දෙමින් එම ප්‍රාන්තයේ ආර්ථික සමෘද්ධිය වැඩි කරගැනීමට ප්‍රාන්ත ආණ්ඩු  පසුව සමත් වුණා.

 

භූගෝල විද්‍යාත්මක පිහිටීම අනුව ඇමරිකා එක්සත් ජනපද භූමියෙන් පිටත පිහිටි ප්‍රාන්තයක් ලෙස ඇලස්කාව හැඳින්වීමට පුළුවන්. සිය රටේ ප්‍රධාන භූමියට වඩා ඇලස්කාවේ සිට රුසියාවට සහ කැනඩාවට ඇත්තේ කෙටි දුර ප්‍රමාණයක්. එය එරට විශාලතම ප්‍රාන්තය වන නමුත් අඩුම ජනගහණ ඝනත්වයක් සහිත ප්‍රාන්තයද වනවා. ආරම්භයේ දී රුසියානුවන් විසින් ඇලස්කාව පාලනය කළ අතර පසුව ඔවුන් ඇමරිකා එක්සත් ජනපදයට එම භූමි ප්‍රදේශය විකුණා දැමීමට තීරණය කළා. වර්තමානයේදී සංචාරක කර්මාන්තය සහ ස්වභාවික සම්පත් එම ප්‍රාන්තයේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව තිබෙනවා.

 

නිරිතදිග ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටා ඇති මෙම ප්‍රාන්තය විශාලත්වයෙන් හයවන ස්ථානය උසුලනු ලබනවා. ශුෂ්ක කාලගුණයක් සහිත මෙම ප්‍රාන්තය තුළ ග්‍රෑන්ඩ් කැන්යොන් ජාතික උද්‍යානය ඇතුළු ජාතික වනාන්තර, ජාතික උද්‍යාන සහ ජාතික ස්මාරක රැසක් පිහිටා තිබෙනවා. මුල් කාලයේදී අඩු ජනගහණයක් තිබුණත් උතුරු දිග ප්‍රාන්ත වලට වඩා උණුසුම් දේශගුණයක් පැවතීම නිසා මෙම ප්‍රාන්තයේ ජනගහණය ශීඝ්‍රයෙන් ඉහළ ගියා. එසේම පුරාණ ස්වදේශික ගෝත්‍ර වලින් පැවත එන ප්‍රජාවගේ කේන්ද්‍රස්ථානයක් විදිහටත් ඇරිසෝනා ප්‍රාන්තය හඳුන්වන්න පුළුවන්.

 

විශාලත්වයෙන් විසිනම වන ස්ථානය ගන්නා මෙම ප්‍රාන්තය ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යයට වන්නට පිහිටා තිබෙනවා. මුල් කාලයේදී ප්‍රංශයේ යටත් විජිතයක්ව පැවති මෙම ප්‍රදේශය පසුව ඇමරිකා එක්සත් ජනපදය වෙත විකුණා දමනු ලැබුවා. අතීතයේදී කෘෂිකර්මය වෙත පමණක් අවධානය දී තිබු මෙම ප්‍රාන්තය වර්තමානය වන විට ව්‍යාපාර විවිධාංගීකරණයට වැඩි අවස්ථාවක් ලබා දී තිබෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here