ඇස් කණ්නාඩි දාන අයට එදිනෙදා ජීවිතේදි සිද්ධවෙන කරදර 14ක් – Saru News Media

0
3

ඇස් කණ්නාඩි දාන අය ගොඩක් දෙනෙක් අද සමාජෙ ඉන්නව. ඒ අයට අනිත් අයට වඩා සැළකිය යුතු කට්ටක් ඒ වෙනුවෙන් කන්න සිද්ධ වෙනවා. ඒ නිසාමයි අපි ඒ අය කන කටු ගැන ලියන්න හිතුවෙ. ඒ ගැන ලියන එකත් කට්ටක්. ඇත්තටම ඔයාලගෙ ඇස් කණ්නාඩි පාවිච්චි කරන යාළුවට හැම මොහොතකම හැකි උදවුවක් කරන්න මේක හොඳ හේතුවක්.

 

වහිනකොට එක පාරටම ඇස් පේන්නෙ නැතුව යන ගතියක් ඇස් කණ්නාඩි දාන අයට දැනෙන්න ගන්නව. ඒ කණ්නාඩියට එළියෙන් වතුර වැදෙන නිසායි. ඒ වගේම උණුවෙන් තේ බොනකොට, කෑමක් උයනකොටත් වාෂ්ප බැඳෙන එක නවත්තගන්න අමාරුයි.

 

ගෑණු ළමයි කොහොමත් නවීන පන්නෙට මේකප් කරලනෙ ඉන්නෙ. ඉතිං ඇහැ වටේට අඳින්න තියෙන එවුව ඇඳලා, ඇසි පියත් ඇහි බැමත් හැඩ කරලානෙ ඉන්නෙ. හැබැයි ඉතිං කණ්නාඩි දැම්මම ඔය එවුව ඔක්කොම හබක්.

 

උදේට ඇ‌හැරෙන්නෙ කණ්නාඩි දෙක අත ගගා කොහෙද කියල හොය හොය. කලින්දා රෑ ඩ්‍රින්ක් එකක් දාලා තිබුනනං කණ්නාඩි දෙක ගැලෙවුවෙ කොහෙද කියල මතකත් නැති හින්දා පාන්දරම‌ ෂෝක්.

 

ට්‍රිප් ගියාම කණ්නාඩි දෙක අමතක වෙන එක තවත් ප්‍රශ්නයක්. කට්ටිය එක්ක අඩියක් ගහද්දි බෙර පාරක් ගහනකොට හෙල්ලෙන හින්දා එතනින් ගලෝලා තියනවා, නාන්න වැවට බහිද්දි මෙතනින් ගලෝලා තියනවා. ඉතිං තිබ්බෙ කොහෙද කියල මතක නැතුව ගිහින් දෘෂ්ඨිය නැතුව ගෙදර එනව.

 

කණ්නාඩිය එ‌ළියෙන් වාෂ්ප බැඳෙනකොට, වතුර ඉහෙනකොට වඩා හපං ආතල් එකක් තියෙනව දාඩිය දැම්මම. එතකොට කණ්නාඩිය ඇතුළෙන් බැඳෙන්නෙ. ගලෝ ගලෝ පිහදාන්න ඕන ඉතිං.

 

ෆිල්ම් එකක් බලන ගමන් ඇලවෙන්න විදියක් නෑ. පැත්තකට හැරෙන්න විදියක් නෑ.

 

හදිස්සියෙවත් අයි සයිට් එක හරි ගිහිල්ලා කණ්නාඩි දෙක ගලවලා හිටියොත් අඳුරන මිනිස්සුත් අහක බලාගෙන යන තරමට රූපෙ වෙනස් වෙනවා. හදිස්සියෙ අඳුරගත්තත් මොකෝ මේ මූණට උනේ? වගේ ප්‍රශ්න අහන්න ඉඩ තියෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here