උදරයේ තැන්පත් මේදය වේගයෙන් දහනය කර ඔබට පැතලි උදරයක් ලබා දෙන ව්‍යායාම. – Saru News Media

0
3

කාන්තාවන්ගේ සිරුරේ හැඩයට බාදා කරන ප්‍රධාන සාධකයක් තමයි උදරයේ තැන්පත් මේද තට්ටුව.ඒ නිසා පැතලි උදරයක් ලබා ගැනීම කාන්තාවන් බොහෝ දෙනෙකුගේ එකම සිහිනය වෙලා තියනවා. ඉතින් මේ සරල ව්‍යායාම හය හැමදාම හරියටම කරන්න. මේ හැම පියවරක් අතරම තත්පර තිහක රෙස්ට් එකක් විතරයි ඔයාට ගන්න පුලුවන්.පියවර හයම හරියට කරන්න.

Double knee to chest

  1. පොලොව මත වැතිරෙන්න,කකුල් නවා බඩ දෙසට ගන්න
  2. දෙඅත් ඉහළට ඔසවන්න.
  3. උරහිස් පොළොවෙන් ඉහළට ඔසවන්න. ඒ අතර අනිත් පියවර දෙක කරන්න
  4. Crunching පියවරේ දී හුස්ම ගන්න.Streching පියවරේදී හුස්ම පහතට දමන්න.
  5. මෙසේ වාර දහයක් කරන්න.

Lumbar Rotation Stretch

  1. කකුල් ඉහළට ඔසවා සිරුර දෙපසට ගන්න.
  2. අත් දෙක දෙපසට කර පොලොවට තද කර දිගු කරගන්න.
  3. කකුල් ගන්නා දිසාවට නොව අනිත් දිසාවට හිස හරවන්න. (කකුල් වම් පැත්තට ගනිද්දී හිස දකුණට ගන්න)
  4. වතාවන් දහයක් කරන්න.

Spread leg raise

  1. බිම වැතිරී ඉනෙන් උඩ කොටස වැලමිටි වලින් ඔසවා ගන්න.
  2. දෙපැත්තට කකුල් දිගු කරන්න
  3. දණහිස් කෙලින් තබා ගන්න
  4. වාර දහයක් කරන්න

Glute Bridge

  1. බිම වැතිරී අත් දෙක සිරුරට කෙලින් තබා ගන්න.
  2. පපුව කොටසේ සිට ඉහළට සිරුර ඔසවන්න.
  3. වතාවන් දහයක් කරන්න.

Plank step out

  1. කකුල් වලින් සහ අත් වලින් සිරුර ඉහළට ඔසවා ගන්න.
  2. ඉන ඉහළට ඔසවන්න එපා
  3. කකුල් දෙක එක තැනකින් තවත් තැනකට ආකාරයෙන් දෙපසට කරන්න.
  4. වතාවන් දහයක් කරන්න

Air Bicycle

  1. බිම වැතිරී හිස කොටස ඉහළට ගන්න.
  2. අත් දෙක හිස පිටුපසින් තබා ගන්න
  3. කකුල් ඉහලට ඔසවා බයිසිකලයක් පදින ලෙස දස වතාවක් කරන්න

හරියට එක්සයිස් කරලා ඔබට අවශ්‍ය සුන්දර සිරුර ලබා ගන්න අපේ සුබ පැතුම්!!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here