උමතු විනාශයකින් අවසන් වූ උමතු ප්‍රේමය – Saru News Media

0
4

2000 මාර්තු 1 වන දින ඇබර්ඩීන්හි හන්ටර් නිම්නයේ සාමකාමී ගම්මානයක පිහිටි ජෝන් ප්‍රයිස්ගේ නිවසට ගොස් දුටු දර්ශනය සඳහා පොලිසිය ඉන් පෙර  කිසිදා අත්විඳි දෙයක් නෙවෙයි.

මුළුතැන්ගෙයි ලිප මත එළවළු සහිත බඳුනක මිනිස් හිසක් ද මුළුතැන්ගෙයි මේසය මත එළවළු සමග මිනිස් මස් කුට්ටි ද තිබුණා.ගෙදර ආලින්දයේ හොඳින් සම ඉවත් කළ මිනිස් සිරුරක් තිබුණා වින්දිතයාගේ සම ප්‍රදර්ශනයට තබා තිබූ අතර, සමහර මස් කොක්කකින් එල්ලී ඇත.

වින්දිතයාට අවම වශයෙන් 37 වතාවක් පිහියෙන් ඇන තිබුණත් ප්‍රහාරයේ දරුණුකම නිසා තුවාල ගණන ගණන් කිරීම දුෂ්කර වුණා.බොහෝ තුවාල ගැඹුරුයි. පෙනහළු, අක්මාව, වකුගඩු සහ ධමනිය වැනි අවයව වලට පහර වැදී තිබුණා.රුධිර වහනය ද අධිකව සිදුවී තිබුණා.

එය ඉතා අඳුරු, නපුරු සහ දූෂිත අපරාධයක් වූ නමුත්, පසුව පොලිසිය සොයා ගත් පරිදි ඒ සිහිබුද්ධිය ඇති කෙනෙකුගේ වැඩක්.ඝාතනය සැලසුම් කළ සහ කරන්නේ කුමක්දැයි හරියටම දැන සිටි එකක්.

මෙම මිනිස් අස්ථි කොටස් නිවාස හිමියා වූ හතලිස් හතර හැවිරිදි ජෝන් ප්‍රයිස්ගේ බවට පොලිසිය හඳුනාගෙන තිබුණා.ප්‍රයිස් ප්‍රදේශයේ විසූ මිත්‍රශීලී, යහපත් ගති පැවතුම් ඇති අයෙක් ලෙස ප්‍රකට වුණා ඔහුගේ හිටපු බිරිඳ පැවසුවේ ඔහු ප්‍රචණ්ඩකාරී මිනිසෙකු නොවූ බවයි.

2000 පෙබරවාරි 29 වැනි දින රාත්‍රියේදී ඔහු ඝාතනය වුණා.මිනීමරු ප්‍රහාරය ප්‍රයිස් ඇඳේ සිටියදී ම අත්ව තිබුණා.අපරාධ ස්ථානයේ සාක්ෂි වලින්, විමර්ශකයින් නිගමනය කළේ ප්‍රධාන නිදන කාමරය තුළ පළමු පහරවල් එල්ල වූ බවයි.ඔහු පැන යාමට උත්සාහ කළේ කොරිඩෝවෙන් ඉදිරිපස දොර දෙසට.
ඔහුගේ ප්‍රහාරකයා පසුපසට නැවත නැවතත් පිහියෙන් ඇන ඔහු පසුපස හඹා ගොස් තිබුණාපිටත දොර අගුලේ තිබී ඇති ලේ පැල්ලම් වලින්, දරුණු ලෙස තුවාල ලැබුවද, ප්‍රයිස් නිවසින් පිටතට යාමට සමත් වූ බව පැහැදිලියි
ඒත් ඔහුගේ බලාපොරොත්තුවට ආයුෂ තිබී නැහැ.

මිනීමැරුම් ආයුධය මස් කපන පිහියක් වූ අතර එය ප්‍රයිස්ගේ සිරුර අසලින් සොයා ගනු ලැබුණා.මෙය ඉතා සැලකිය යුතු විශේෂඥ දැනුමකින් සහ හුරුපුරුදු අතකින් සිදු කරන ලද බවට මරණ පරීක්ෂණ වාර්තා වල සඳහන් වුණා.ඉස්ටු කරන ලද හිස එළවළු සමඟ ගැවසූ තට්ටම් වල මස් ආදිය පොලිස් නිලධාරීන් පවා දැඩි ආතතියට පත් කළ අතර ඔවුන් සමහරු නිවාඩු ලබා ගන්නට ද තීරණය කළේ ආතතියෙන් මිදීම සඳහායි.

ඒ භයානක මිනීමරුවා කාන්තාවක් බව ඔබ විශ්වාස කරන එකක් නැහැ.නමුත් සත්‍යය එයයි.ඇය ප්‍රයිස් සමඟ වසර හතරක පමණ සම්බන්ධතාවයක් ගෙන ගොස් තිබෙනවා.ඇය ට්‍රක් රථ රියදුරෙකු හා විවාහ වී සිටි අතර කිහිප වරක් ඔහුව ඝාතනයට ද උත්සාහ දරා ඇත්තේ ඔහුට අනියම් සම්බන්ධතා ඇති බවට සැක කරමින්.

කැතරින් නයිට් නම් මේ ගැහැනිය ප්‍රයිස් සමඟ ගැටුම් ඇති කරගනිමින් හිඳ තිබෙනවා.ඇය ඔහුව මරන්නට සිතෙන බවත් එය ඇය කරන ලද බවට කිසිවෙක් විශ්වාස කරන්නේ නැති බවත් සැබෑවටම ඇයට උමතු භාවයක් දැනෙන බවත් ඇගේ සොහොයුරා සමඟ පවසා තිබුණා.කැතරින් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන නිසා ඇය අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රයිස් උසාවි නියෝගයක් ද ඉල්ලා තිබුණා.නමුත් එය සාර්ථක වන්නට පෙර එදින රාත්‍රියේ ඇය ඔහුව ඝාතනය කරනවා.

ප්‍රයිස් ඉතා භීතියෙන් මිය යන්නට ඇති බවත් කැතරින් ඉන් මහත් විනෝදයට පත් වන්නට ඇති බවත් පරීක්ෂණ වල සඳහන්.ඇය මානසික ගැටලුවක සිටි බව පැහැදිලියි.කැතරින් උසාවියේදී වරද නොපිළිගත් අතර ඇයගේ දඬුවම් ලිහිල් වූයේ ද නැහැ.සිරකාරියට ඇති එකම සුදුසු දඩුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් වන අතර ඇය වෙනුවෙන් කිසිවිටෙකත් සමාව නොදිය යුතු බව විනිශ්චකරු පවසනවා.

උමතු ප්‍රේමයක් උමතු විනාශයකින් අවසන් කළ ගැහැනිය තවමත් ඒ ගැන පසුතැවීමක නැති වන්නටත් පුලුවන්.සමහර පුද්ගලයන් තමන් කරන විනාශයන් ගැන බිඳුවක හෝ දුක් වන්නේවත් ඒවා පිළි ගන්නේවත් නැති බව කැතරින් අපට වටහා දෙන පැහැදිලි සත්‍යයක් වනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here