එක නවකතාවක් ලියා සාහිත්‍ය ලෝකය පෝෂණය කළ කතුවරුන් හත් දෙනෙක් – Saru News Media

0
4

එක පොතක් පමණක් ලියපු ජනප්‍රිය කතුවරු කීප දෙනෙක් සහ ඔවුන් ලියූ කෘතිය ගැන පොඩි සටහනක් තමයි මේ. ලෝක සාහිත්‍ය උදෙසා මහඟු අත්වැලක් සපයන්න මේ පොත් සමත් වුණා. සාහිත්‍යයට ප්‍රිය කරන්නෙක් අනිවාර්‍යෙන්ම කියවන්න ඕනේ පොත් එකතුවක් හැටියටත් අපි මේ පොත් හඳුන්වන්න කැමතියි. 

 

“වදරින් හයිට්ස්”… මේ පොත ගැනනම් නොදන්න කෙනෙක් නැති තරම්. ආදරය, වෛරය ගැන මෙච්චර ලස්සනකට පොතකට ලියවුනාමද කොහෙද. බ්‍රොන්ටේ පවුල මුළු සාහිත්‍ය ලෝකේම හොල්ලන්න සමත් වෙච්චි පවුලක් වුණා. ඒ බ්‍රොන්ටේ පවුලෙන් එක හා සමාන දක්ෂතාවයකින් යුතු කතුවරියන් තුන්දෙනෙක් බිහි වීමත්, ඔවුන් අඩු වයසින් ලොව හැරදා යාමත් නිසායි. එමලි බ්‍රොන්ටේත් ලිව්වේ එක පොතයි. ඒ වදරින් හයිට්ස්. ඇය මියගියාට පසුව තමයි මේ පොත වඩාත් ජනප්‍රිය වුණේ. රංජනී අභයවර්ධන විසින් මේ පොත “උරුම ලද්දෝ” නමින් අපූරුවට සිංහලට පරිවර්තනය කර තිබෙනවා

 

“ගෝන් විත් ද වින්ඩ්” පොත මතක නැතත් ඒ චිත්‍රපටය ඔබට මතක ඇති. සිවිල් යුද්ධ කාලේ ජීවත් වෙච්ච ස්කාලට් ඔහාරාගේ කතාව මාග්‍රට් මිචෙල් අපූරුවට මේ නවකතාවට නගලා තියෙනවා. ඇය ආබාධයකට ලක්ව සිටි කාලෙක තමයි මේ පොත ලියලා තියෙන්නේ. මේ පොත කොච්චර ජනප්‍රිය වුනාද කිව්වොත් පොතේ ප්‍රකාශන ආයතනය තම සේවකයන්ට වැඩිපුර බෝනස් මුදලක් පවා දීලා තියනවා. අවාසනාවකට මෙන් පසු කලෙක ඇය මෝටර් රථ අනතුරකින් මිය ගියා.

ජයන්ති සමරසේකර විසින් “සුළඟේ ගිය දිවිය” නමින් මේ පොත අපූරුවට පොත් හතරකට පරිවර්තනය කර තිබෙනවා. 

 

“බ්ලැක් බියුටි” නම් වූ මේ පොතත් අතිශය ජනප්‍රිය වුණා. මේ පොතත් වෙනස්ම ලියවිල්ලක්. සතෙකුගේ ආත්මකථනයක් විදියට තමයි මේ පොත ලියවෙන්නේ. මේ කතාවත් එක්ක සත්තු දිහා මිනිස්සු සංවේදී විදියට බලන්න හුරු කරවන එක කතුවරියගේ අරමුණක් වුණා වෙන්න පුළුවන්. මේ පොත කියවද්දිත් ඇතැම් ස්ථාන වලදී ඔවුන් විඳින කම්පනයත් අපේ හිතට තදින් කාවැදෙනවා. මේ පොතත් සෝමා ටී පෙරේරා ඒ නමින්ම සිංහලට පරිවර්තනය කර තියනවා.

 

රුසියානු සාහිත්‍යකරුවෙකු වන බොරිස්, නොබෙල් ත්‍යාගලාභියෙක් වුණේ ඔහු විසින් ලියූ “ඩොක්ටර් ෂිවාගෝ” පොත නිසයි. ඩොක්ටර් ෂිවාගෝ තමයි මොහු ලියපු එකම පොත. ඒ වුණාට මේ පොත ගොඩාක් ජනප්‍රිය වුණා. පොත ඇසුරින් නිපදවුන චිත්‍රපටයත් හුගාක් ජනප්‍රිය වුණා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here