එයාට සෙක්ස් කරන්න ඕන, ඒත් මට සෙක්ස් කරන්න බෑ වගේ… එහෙම වෙලාවකට මොකද කරන්නේ? – Saru News Media

0
1

මතකද යාලු වුණු මුල් කාලේ? එතකොට කසාද බැඳපු මුල් කාලේ? ඒ කාලේදී අපි පිස්සුවෙන් වගේ සෙක්ස් කරන්නේ. හා නැද්ද? හැබැයි කසාද බැඳලා ටික කාලයක් යනකොට, ඕක ටිකක් පුරුද්දට යනවා. එතකොට සාමාන්‍යයෙන් සෙක්ස් ලයිෆ් එක හොඳට තිබුණත්, සමහර වෙලාවල් තියෙනවා බැහැයි කියලා හිතෙන. සමහර අවස්ථාවන් තියෙනවා කරන්න අමාරු වෙන. හැබැයි පාර්ට්නර්ට ඒ වෙලාවට වුනත් සෙක්ස් ඕන වෙලා තියෙන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? ඔලුව කැක්කුමයි කියලා ෂේප් එකේ නිදාගන්නවද? එහෙම නැතිනම් මේක දෙන්නගෙන් එක්කෙනෙක්ගේ වත් හිත් රිද්දගන්නේ නැතුව විසඳගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? ආන්න ඒ ගැන තමයි මේ කියන්න යන්නේ.

 

සන්නිවේදනේ කියන්නේ කොහොමත් ආදරේකට, විවාහයකට වැදගත්ම දෙයක්නේ. අන්න ඒ නිසා මේ වගේ අවස්ථාවකදීත් අපි සන්නිවේදනය හරියට කරන්න ඕන. ඇයි ඇත්තටම අපිට සෙක්ස් කරන්න මේ වෙලාවේ අමාරු කියන එක අපි ආදරෙන් එයාට කියන්න ඕන. මේ වෙලාවේ අපි කොයි තරම් නුරුස්නා මූඩ් එකක හිටියත්, මේ කාරණාව කියන්නේ ආදරෙන් කියන එක අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්. මොකද, ඒක කියන විදිය අනුව එයාගේ හිත රිදෙන්නත් පුළුවන් නිසා.

 

මේක තමන් කල්පනා කරලා බලන්න ඕන දෙයක්. විශේෂයෙන්ම මේක නිතර දෙවේලේ සිද්ධ වෙන දෙයක් නම්, තමන්ම කල්පනා කරලා බලන්න ඕන ඇයි සෙක්ස් කරන්න බෑ කියලා හිතෙන්නේ කියලා. ඒක සමහර වෙලාවට තමන්ට දැනෙන අප්සට් එකක් වෙන්න පුළුවන්. ඒක සමහර වෙලාවට ශාරීරික හේතුවක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට එයත් එක්ක තියෙන අප්සට් එකක් නිසා වෙන්න පුළුවන්. සමහර වෙලාවට මූඩ් එකක් නැතිකම වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට හේතුවක් හිතාගන්නම බැරි වෙන්න පුළුවන්.

 

මෙන්න මේක ඉතාම වැදගත්. ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ වෙලාවට තමන්ව වින්දිතයා වගේ පේන්න බොරුවක් කියන එක. හොඳම උදාහරණය තමයි “අද මගේ ඔලුව රිදෙනවා” කියන එක. එහෙම කියනකොට අනික් කෙනාටත් අප්සට්. හැබැයි බොරුවට ඔය වගේ දෙයක් නිතර කියනකොට වෙන්නේ තමන් ගැන අනික් කෙනාට තියෙන හොඳ හැඟීම පළුදු වෙන එක. අන්න ඒ නිසා තමන්ට තියෙන ප්‍රශ්නය ගැන බොරු නොකියන එක වැදගත්.

 

සමහර වෙලාවට අපි කියමු සෙක්ස් කරන්න බෑ කියලා හිතෙන්නේ එයාගේ ප්‍රශ්නයක් නිසා කියලා. සමහර වෙලාවට එයා ඒ තරම් පිරිසිදු නැතුව ඉන්න නිසා අපිට බෑ කියලා හිතෙන්න පුළුවන්. අන්න එතකොට වුනත් ඒක බොරුවක් කියලා වහන්න එපා. ඒකෙන් ප්‍රශ්නය විසඳෙන්නෙ නෑ. හොඳම දේ තමයි අපි මුලින්ම කියපු විදියට ආදරෙන් ඒක කියලා, ඒ ගැටළුව විසඳාගන්න උත්සාහ කරන එක.

 

මෙන්න මේකත් ඉතාම වැදගත්. සෙක්ස් කියන්නේ එකට ගෙවන ජීවිතේට අතිශයින්ම වැදගත් දෙයක් තමයි. හැබැයි ඊට වඩා වැදගත් ආදරේ. අන්න ඒක කොයි මොහොතක වුනත් නොදී ඉන්න එපා. උදාහරණයක් ගමු. අද ඇත්තටම අපේ ඔලුව රිදෙනවා. ඒ නිසා සෙක්ස් කරන්න හිතක් නෑ. ඒත් එයාට සෙක්ස් ඕන. එතකොට අපි එයාට ආදරෙන් කියනවා අද ඔලුව රිදෙන නිසා සෙක්ස් නොකර ඉමු කියලා. හැබැයි අපි අනික් පැත්ත හැරිලා නිදාගන්නෙ නෑ. අපි එයාට ආදරෙන් කිස් එකක් දෙනවා, ආදරෙන් තුරුළු කරගෙන ඉන්නවා. ආන්න එතකොට එයාට තේරෙනවා අද දවසේ සෙක්ස් කරන්න බැරි වුනත් ආදරේ මදි නොකියන්න තියෙනවා කියලා. ඒකෙන්ම ප්‍රශ්නය විසඳෙන්න පුළුවන්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here