ඒ කාලේ ෆෝන්වල තිබුණ මේ සුපිරි ගේම් ටික ප්ලේ කරලා නැත්තම් වැඩක් නෑ – Saru News Media

0
5

දැන් තමයි ෆෝන්වලින් දාහක් දේවල් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට ඉස්සර කෝල් කරන්නයි යන්තමින් මැසේජ් එකක් කොටාගන්නයි තමයි පුළුවන් වුණේ. හැබැයි ඒ කාලේ හැටියට ෆෝන් එකකින් ඊට වඩා වැඩගන්න අපිට සෙට් වුණ ආසා හිතෙන වැඩක් තමයි ඒ කාලේ ෆෝන්වල තිබුණ ගේම් සෙල්ලම් කරන එක. දැන් වගේ තෝරලා බලලා කරන සෙල්ලම් නෑ ඉස්සර. ෆෝන් එකේ තියෙන එක කරන්න ඕනි.


Nokia ෆෝන්වල මේ සර්ප සෙල්ලම ඉස්සෙල්ලා ම එන්නේ Nokia 6110 කියන ෆෝන් එකේ. ඒත් කට්ටියට නැගලා ම ගියේ Nokia 3310 එක්ක ආපු Snake II කියන ගේම. සර්ප දණ්ඩාව ආංබාං කරගෙන බොහොම සීරුවට ගොදුරු පස්සේ පැන්නුව හෙන ගේම්කාරයෝ තමයි අපි ඒ කාලේ. අපිට ඒ මිහිරි අතීතයෙන් මිදෙන්න බැරි බව ගොඩක් අය දන්න නිසා දැන් මේ නමෙන් ම සහ ලාවට මේක ළඟින් යන ඇප්ස් තියනවා ඉස්මාට් ෆෝන් එකට දාගන්න පුළුවන් වෙන්න. ඒත් අර නොකියා කට්ට ඔබ ඔබා ගත්තු ආතල් එක ළඟින්වත් තියන්න අමාරුයි.

මේකත් Nokia එකේ ම වැඩක් තමයි. ඉස්සෙල්ලා ම ෆෝන් එකක දකින්න පුළුවන් වුණේ Nokia 9210 කියන අයිටම් එකේ. හැබැයි ගොඩක් ජනප්‍රිය වුණේ හුරුබුහුටි Nokia 2600 වගේ ෆෝන් එක. මේ ගේම් එකේ වුණේ බෝලයක් වළලු අතරින් වගේ ම එක එක බාධක අතරින් ඉස්සරහට අරගෙන යන එක. මේකේ ලෙවල් එකොළහක් තිබිල තියනවා. හැබැයි මේ ඔක්කොම සහසුද්දෙන් ම ප්ලේ කරපු ජගතෙක් ඉන්නවද කියන්න නම් අපි දන්නේ නෑ. ඇප් එකක් විදියට මේකත් ඩවුන්ලෝඩ් කරතෑකි.


Nokia 3310, Nokia 3320, Nokia 3330, Nokia 3350, Nokia 3360, Nokia 3390, Nokia 3410, Nokia 3610 කියන සෙට් එකේ තිබුණු තවත් සුපිරි භාණ්ඩයක් තමයි. වෙඩි තියන සීන් එකක් වුණාට ලේ හලාගන්න ඒවා අනම්මනම් සද්ද තිබුණේ නෑ. ප්‍රතිවාදීන්ට වෙඩි තියාගෙන තියාගෙන ගිහින් අන්තිමේ එනවා දසමහා යෝධයා වගේ එකෙක්. ඌව ඩවුන් කරන එක තමයි ඉතින් ටිකක් විතර අමාරු වුණේ. ඒවත් ඉතින් වැඩකාරයෝ එක්ක බලද්දි හරිම ලේසි වැඩක්.

Motorola කොම්පැණිය ගැනත් කතා නොකර බෑ මේ ආදිකාලීන වැඩ ගැන කියවනකොට. Motorola Rizr Z3 ෆෝන් එකක් තියෙනවා කියන්නේ ඒ කාලේ අනුව නම් සුපිරිම කොල්ලෙක් තමයි. ඒ වගේ ෆෝන්වල තිබුණ මේ Guitar Hero එක හරියට Tetris සෙල්ලම් කරනවා වගේ. හැබැයි වෙනස ඉතින් අපි කැමති (ඒත් මේ සෙල්ලමේ තියන) සින්දුවක් අහන ගමන් මේක කරන්න වෙන එක. පාට තුනකින් රවුම් තුනක් තියනවා. මේ රවුම් තුන පැත්තට එන තව රවුම් එකිනෙක ගෑවෙන්න කලින් ෆෝන් එකේ තියන බට්න්වලින් ගේම දෙන්න ඕනි. කම්මැලිකමට හොඳා ඉතින්.

Nokia 6300 එක්ක කරළියට ආපු මේ ගේමත් ආතල්. නිශ්චිත කාල වේලාවක දී බ්ලොක් එකෙන් බ්ලොක් එකට බිල්ඩිමක් ගහන්න නේ තිබ්බේ. සමහරු ඉතින් අභ්‍යවකාශයට යනකන් උසට බිල්ඩින් ගැහුවා. සමහරු නම් බ්ලොක් දහයෙන් පහළොවෙන් කැපුණා. මේ බ්ලොක් හරි කෙළින් සෙට් වෙන්නෙත් නැති නිසා සමහර ඒවා එක බ්ලොක් එකක කෙළවරෙන් තමයි සෙට් වෙන්නේ. එතකොට සම්පූර්ණ බිල්ඩිම ම එහාට මෙහාට වැනි වැනී තියෙන්නේ. මතක් වෙනකොටත් පට්ට කික් එකක් එන්නේ.

තවත් අයිකනික් නොකියා ගේමක්. ඔන්න පැත්තකින් ඩයිනමයිට් කරලක් වගේ එකක් පත්තු වෙනවා. ඒ ඉතින් අපිට තියන කාල සීමාව තමයි. ඒ ඇතුළත ජෝඩු මැච් කොරන්න තමයි තියෙන්නේ. මේකත් ඉතින් Nokia 3310 එකෙන් තමයි පුංචි අපිව හොයාගෙන ආවේ. ගේම් එක ප්ලේ කරනකොට කීපැඩ් එක ඔබන්න නෙවේ මරන්න වෙනවා.

කිරි කෑල්ල වගේ තිබුණ Nokia 6600 එකේ වගේ ම Sony Ericsson K750 එකේ සෙල්ලම් කරපු Ancient Empires කියන්නේ Age of Empires සෙල්ලම් කරන්න කලින් පිහිටට හිටපු දේවතාවා තමයි. මේක ජාවා ගේම් එකක්. පොයින්ට්ස් 1000ක් ඉස්සෙල්ලා ම ප්ලේයර්ට ලැබෙනවා. නොදැනුවත්කමට ඔහේ සෙල්ලම් කරාට රජ කාලේ වලි සීන් එකක් තමයි ඉතින්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here