ඔසප් දිනවලදී සනීපාරක්ෂක තුවා අඳින එක අපහසුවක් ද? – Saru News Media

0
4

කාන්තාවක් වීම නිසා ම මනා ශරීර සෞඛ්‍යකින් පසුවෙන හැම කාන්තාවම මාසිකව මුහුණ දෙන දෙයක් තමයි මාස් ශුද්ධිය. මෙතන දී සිද්ධ වෙන්නේ ගර්භාෂ බිත්තිවල පටක රුධිරයත් සමග යෝනි මාර්ගයෙන් පිටවන එක. ඉතින් ඒ නිසා ඒක අසීමිත වේදනාවක් ගෙන දෙන්න පුළුවන්. බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නේ සනීපාරක්ෂක තුවාවල පිහිට පතන්නයි. හැබැයි ඉතින් හැමෝට ම ඕක හරි යන්නේ නැහැ. සමහර ඒවායින් ලීක් වෙනවා, බිබිලි දානවා, තමන්ට අවශ්‍ය ප්‍රමාණයට නැති නිසා අපහසුවට පත් වෙනවා වගේ ප්‍රශ්න ගොඩක් තියනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මොනවද කරන්න පුළුවන්?

 

එතනින් ම පටන් ගන්න ඕනි. මොකද ඉතින් අනික් විසඳුම් හැමෝටම හරි යන්නේ නැති නිසා. හැබැයි කවුරුත් සනීපාරක්ෂක තුවා මත ම යැපෙන්න පෙළඹෙනවා නේ. දිග, ඝනකම, නිමැවුම, අමුද්‍රව්‍ය සහ උරාගැනීමේ ස්වාභාවය කියන කරුණු මත සනීපාරක්ෂක තුවාය මිල දී ගැනීම වැදගත් වෙනවා. දිග කිව්වම යෝනි මාර්ගයෙන් පටන් අරන් මග හරියකින් ඉවර වෙනවා නම් සමහරුන්ට සෙට් වෙන්නේ නැහැ. ඝනකම රුධිරය පිටවන ප්‍රමාණය එක්ක තමන් තීරණය කරන්න ඕනි. ඊළඟට තමයි හමට කිසි ගින්නක් නැති අමුද්‍රව්‍යයක් ද කියලා බලන එක. උරාගැනීමේ ස්වාභාවය තමයි ගොඩක් වටින්නේ. ඒ හින්දයි මෙහෙම එකක් අඳින්න පවා පෙළඹෙන්නේ. නිමැවුම කියන්නේ මෙහි හැඩය. සමහර ඒවා දෙපැත්තේ ඇලවිය හැකි තටු දෙකක් එක්ක එනවා. ඒවා තමයි ඇඳිය යුත්තේ. මේ විස්තර ගැන තුවා පැකට්ටුවේ සඳහන් වෙනවා.

 

ඉස්සර ඉතින් මොන සැනිටරි නැප්කින්ස් ද? අපේ අත්තම්මලාගේ විදිය තමයි මේ. අපි මොනවට හරි භාවිත කරලා ඉවත් කරපු පිරිසිදු කපු රෙදි එකතුවක් ඉස්සෙල්ලා ම හදාගන්න ඕනි. මේවා නැප්කින් එකක් හැඩයට නවාගෙන තමන්ට අවශ්‍ය පමණට ලේයර් තියාගන්න ඕනි. මුල් දවස්වල නම් ලේයර් ගොඩක් තියාගන්න වෙයි. කපු උෂ්ණත්වයෙන් අඩු නිසා පෑඩ් ඇන්දම වගේ බිබිලි, ඉකිලි කැසීම්, යීස්ට් ආසාදන කිසිම දෙයක් නැහැ. හැබැයි ඉතින් භාවිත කරාට පස්සේ හොඳින් සෝදා වේලාගන්න ඕනි. ගඳක් ගැන සැකයක් දැනෙනවා නම් භාවිතයෙන් පස්සේ උණු වතුරෙන් තම්බාගන්න. ආය එතකොට ඉතින් අලුත් ම රෙද්දක් වගෙයි. ගෘහනියන්ට නම් හරිම පහසුයි. දවසේ පැය අටක් පමණ වැඩ කරන යුවතියකට නම් මාරු කරන්න අවශ්‍යතාවකුත් නැහැ. හැබැයි වෙනම පුංචි බෑග් එකක් මේ සඳහා තියාගන්න එක හොඳයි.

 

මේක අත්හදා බලන්න පුළුවන් සාර්ථක ක්‍රමයක්. දැන් ඉතින් සෑහෙන කොම්පැණිවල නම්වලින් එක එක මාදිලියේ ඒවා තියෙනවනේ. ඔය අතරින් හොඳයි කියලා හිතෙන කීපයක් මිල දී ගන්නවා. ඊට පස්සේ පෙට්ටියක අසුරලා තියාගන්නවා. අවශ්‍යතාව අනුව දිග වැඩි ඒවා, දෙපැත්තෙන් අලවන ඒවා වගේ ඒවා භාවිත කරන්න පුළුවන්. අනික පළමු දවස්වල පෙට්ටියේ තියෙන හොඳ ම මාදිලියේ ඒවා භාවිත කරනවා. රෑ වෙනකොට ඊට හරියන්න දිගින් වැඩි එකක් භාවිත කරනවා. ඔය විදියට එක ම නැප්කින් එක භාවිත නොකර තමන්ගේ අවශ්‍යතාව පරිදි භාවිත කරන්න පුළුවන්.

 

නැප්කින්ස් අඳින ගොඩක් අයට ප්‍රශ්න ඇති වෙන්න ප්‍රධාන සාධකය තමයි හරියට මාරු කරන් නැති එක. අඩු ම තරමේ පැය තුනෙන් තුනටවත් මාරු කරනවා නම් හොඳයි. සමහරු මුල් දවස්වල එහෙම කරන්න පෙළඹුනත් අවසාන දවස්වල දවසක් පුරා හරි ඇඳන් ඉන්න උත්සාහ කරනවා. සල්ලි ඉතිරිය කෙසේ වෙතත් වෙන්න තියෙන අමාරු නම් එතකොට නොමිලයේ ම ලැබෙනවා. අනික පමණට වඩා ඇඳගෙන ඉන්නකොට තමන්ගේ ළඟින් දුගඳක් හමන්න පුළුවන්. ඒකත් එක්ක  විශ්වාසය නැති වුණාම ඇඟේ අමාරුවයි හිතේ අමාරුවයි දෙකක් පාලනය කරන එක වදයක්.

 

ලංකාවේ ඒ තරම් ජනප්‍රිය නොවුණත් ජනප්‍රිය වේගෙන එන තැනකයි ටැම්පන් ඉන්නේ. විවාහක ස්ත්‍රීන්ට වඩාත් සුදුසුයි. මේක කොච්චර පහසුද කියනවා නම් මාස් ශුද්ධිය සිද්ධ වෙන බවට එක ම ඉඟිය විදියට දැනෙන්නේ බඩේ රුජාව විතරමයි. දුවන්න, පනින්න විතරක් නෙවෙයි කිසි අවුලක් නැතුව පීනන්න වුණත් පුළුවන්. පළමු වතාවට පුංචි නුහුරු ගතියක් දැනෙන්න පුළුවන්. ඉස්සෙල්ල ම ටැම්පන් එක යෝනියට ඇතුල් කරනවා. මෙතන දී රුධිරය ටැම්පන් එකට අතුල්විමයි වෙන්නේ. අවශ්‍ය වුණාම එළියට ඇදලා ගන්න පුළුවන්. නිවැරදි ආකාරයෙන් ටැම්පන් එක ඇතුල් කරන හැටි මෙතනින් බලන්න.

 

මේ කප් එකත් ටැම්පන් එක වගේ ම තමයි. ඉස්සෙල්ලා ම කප් එක අරගෙන මැදින් ඇඟිලි දෙකක් තියලා රවුම් වෙන ආකාරයට නමාගන්නවා. ඒක යෝනි මාර්ගයට ඇතුළත් කරනවා. පැය දොළහක පමණ කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ලේ ටික අයින් කරලා ආයෙත් සවි කරගන්න පුළුවන්. මේක ඉතා පරිසර හිතකාමී වගේම පහසු ක්‍රමයක්. මෙතනින් මේ සම්බන්ධයෙන් අවබෝධයක් ගන්න පුළුවන්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here