ඕනි තැනකට බලය දෙන එන්ජිමේ ගමන් මග – Saru News Media

0
8

යම් වෙනත් ශක්ති ප්‍රභවයකින් යාන්ත්‍රික බලයක් උත්පාදනය කරන ගැජට් එකට අපි සරලව එන්ජිම කියනවා. ලෝකෙට එන්ජිම එන්න කලින් මිනිස්සු වහලුන්ගෙන් වැඩ ගත්තා. ඉස්සර කාලේ අප්‍රිකාවේ කළු කාපිරි වහල්ලු ලොකු බෝට්ටු වල පෝලිමට වාඩි වෙලා සැඩ මූදේ හබල් ගෑවා. ඒ වගෙම අපේ රටවල වාහන තිබුන් නැති නිසා දෝලාවල සැපට උන්න ප්‍රභූවරු දුප්පතුන්ගේ කරපිටින් ගියා. ඒ වගේම සත්තුන්ගේ බලයෙන් යාන වාහන ඒකාලේ ගියා. එන්ජිමක් ගැන හීනෙකින් වත් නොහිතපු කාලෙක උඩින් ගිය දඬුමොණර ගැන කතාන්දර තිබුනත් ඒවා කොහොම කොයි විදියට ගියාද කියල පැහැදිලි කරන්න කාටවත් බැහැ. ලෝකේ වෙනස් කරන්න කාර්මික විප්ලවයෙදි මේ එන්ජිම කියන අරුම පුදුම ශක්ති පරිවර්තකය ලොකු දායකත්වයක් දුන්නා.

 

1763 කාලයේදී ජේම්ස් වොට් හඳුන්වා දීපු ගල් අඟුරු දහනය කරන එන්ජිම ජනප්‍රිය වුනා. ඒකෙදි ගල් අඟුරු වලට ගිනි අවුලුවනවා. ඉන් පස්සේ උඩ තියෙන කුටීරයක ජලය හො​ඳටම රත්වෙලා හුමාලය හැදෙනවා. ඒ හුමාලයේ පීඩනයෙන් යාන්ත්‍රික ශක්තියක් නිදහස් කරගන්න සමත් වුනා. මේ ගල් අඟුරු දහන එන්ජිම ශතවර්​ෂයකට වැඩි කාලයක් ලෝකේ දුම්රිය ගමන් වලට බලය දුන්නා. මෙතනදි ගල් අඟුරු දැවෙන්නේ පිට. එයින් ලබාගන්නා තාපයෙන් හැදෙන හුමාලයේ පීඩනයෙන් රෝද කැරකුනා. ඉස්සර මේ ගල් අඟුරු එන්ජින් වලින් බලය ගන්නා දුම්රිය වල පළාතම හුමාලෙන් ගල් අඟුරු දුමාරෙන් වැහෙනවා. ඒ වගේම ගල් අඟුරු දහනය පාලනය කරන්නත් ලොකු සෙනගක් ඉන්න ඕනි වුනා. ඒ එන්ජිමක් ප​ණගන්වන්න මහත් වැර වෑයමක් ගන්න කාර්යමණ්ඩල වලට සිද්ද වුනා. අභ්‍යන්තරයේ දහනය සිද්ද වෙන අද කාලේ තියෙන එන්ජින් ලෝකේ ජනප්‍රිය වුනේ 1800 ග​ණන් වල අග කාලෙදි.

 

අභ්‍යන්තර දහන එන්ජිම එන්ජින් ලෝකයේ වෙනසක් ක​ළ නිෂ්පාදනයක් වුනා. අභ්‍යන්තර දහන එන්ජිමක වාසි ගොඩක් තියෙනවා. ඒ අතර.

අභ්‍යන්තර දහන එන්ජිම ආවට පස්සේ කලින් තිබුන පිටින් දහනය කරපු එන්ජින් අභාවයට ගියා. අභ්‍යන්තර දහන එන්ජිම සොයාගෙන දශක කීපයක් යනකල් පිටින් දහනය වන ගල් අඟුරු එන්ජින් සහිත දුම්රිය ධාවනය වුනත් දෙවන ලෝක යුද්ධ​යෙන් පසු අඟුරු කෝච්චි සම්පූර්ණයෙන්ම ඉතිහාසයට එකතු වුනා.

 

සිව් පහර එන්ජිමේදී එක් වරක් ඉන්ධන දහන​ය කළ විට ක්‍රෑන්ක් ශාෆ්ට් එක වට දෙකක් කැරකෙනවා. මේ නිසා ෆෝ ස්ට්‍රෝක් එන්ජින් වැඩි වේගයක් අවශ්‍ය රථවාහන වැනි ඇප්ලිකේශන් ස​ඳහා වැඩිපුර පාවිච්චි වෙනවා.

 

දෙපහර එන්ජිමේදී එක් වරක් ඉන්ධන දහනය ක​ළ විට ක්‍රෑන්ක් එක කැරකෙන්නේ එක වටයයි. ඒ කියන්නේ එක් ඉන්ධන දහනයකින් වැඩි බලයක් දෙන යෙදවීම් වලට දෙපහර එන්ජිම ගා​ණට ගැලපෙනවා. විශාල නාවුක එන්ජින් වලට මේ දෙපහර එන්ජින් ගන්නවා. ඒ වගේම බලය වැඩිපුර අවශ්‍ය වතුර පොම්ප, ලී ඉරන මැෂින්,  තණ කපන මැෂින් ආදී බල උපකරණ වලත් තවමත් දෙපහර එන්ජින් පාවිච්චි වෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here