කිසිවෙකුගේ උදව් නැතිව නිවැරැදිව සාරියක් අඳිමු – Saru News Media

0
1

බොහෝ යුවතියන් සාරී ඇඳීම හරිම කරදරයක් ලෙසටයි සළකන්නේ. මෙයට හේතුවී ඇත්තේ සාරී ඇඳීමට නොදැනුවත්කම සහ සාරිය ඇඟට අපහසු ඇඳුමක් ලෙස සැළකීමයි. නමුත් සාරියකින් නිවැරදිව හැඩවන ආකාරය පිළිබඳව දනුවත්විමෙන් පසු ඔබට ඉතාමත් පහසුවෙන් සාරියක් ඇඳගැනීමට හැකිවනු ඇත.

Step 01.
පළමුවෙන්ම සාරිය දකුණු පස සිට ඇඳීම ආරම්භ කරන්න. කඩදාසි කැබැල්ලක් රැඳවූ ලොකු හැට්ට කටුවකින් යට සායට සාරිය රඳවාගන්න. ඉන්පසු වරක් ඉන වටා සාරිය ආවරණය කර ඉදිරියට ගන්න.

Step 02.
ඔබට අවශ්‍ය ප්‍රමාණයට රැළි තබා පොට සකසාගෙන වම් උරහිසට දමා පොට රඳවා ගැනීමට හැට්ට කටුවක් යොදාගන්න.

Step 03.
ඉන්පසු ඔබේ සාරියේ ඉදිරිපස කොටස පිළිවෙලට අවශ්‍ය දිග ප්‍රමාණයට අනුව රැළි (pleats) තබාගන්න. රැළි තැබීමේදී අඟල් 5ක් පමණ පළලට ගන්න. පිළිවෙලට රැළි තබා ඔබේ නාභියට වම් පසින් යට සාය ඇතුළට යටකර ලොකු කටුවක් ගසාගන්න. හැකි නම් එම කටුව පිටතට නොපෙනෙන සේ ඇතුලතිනි ගසා ගන්න.

Step 4
දැන් උරහිසේ පොටට ගැසූ කටු ගලවා ගන්නන.

අමතක නොකල යුතුම දේවල්

බොහෝ දෙනෙක් සාරිය අඳිනුයේ උකුලටය. එය තම පෙනුමට එතරම් ලස්සනක් එක්කරන්නේ නැත.

යට සාය ඇඳීමේදී සිරුරට තද වුන යට සායක් මසා ගන්න. යට සාය බුරුල් විට ඇගේ හැඩය ඉස්මතු වෙන ආකාරයෙන් සාරිය තදට ඇදීමට අපහසු වේවි. ( ඇවිදීමට ඉඩක්තබා ඉදිරිපසින් රැල්ලක් හෝ දණහිසෙන් පහල එක පැත්තකට ඕපන් එකක් තබා මසන්න)

උකුලත් සමඟ යට සාය එකට තදවිය යුතුයි. එසේ නොවුණහොත් සාරිය කෙතරම් කටු ගසා රැඳවුවද එහි පොට උඩට තෙරපේ. සමහරක් දෙනා ඉණට පටියක් දමා ගැට ගසන යටසායවල් අඳී. එයින් ඇඟේ හැඩය වෙනස් වීමට හැක.

විනිවිද නොපෙනෙන සාරියක් නම්, ඔබේ ශරීරයේ හැඩය තවත් ඉස්මතු කොට පෙන්වීමට යටසායක් වෙනුවට legging එකක් වූවත් භාවිතාකල හැක.

සාරි ජැකට් එක මැසීමේදී ඔබේ සිරුරේ හැඩය ඉස්මතු වෙන ආකාරයට සාරියට ගැලපෙන රෙද්දකින් මසන්න. සාරියේ ජැකට් එකට ඇති රෙදි කොටසින්ම සාරි ජැකට් එක මසනවාට වඩා සාරියට ගැලපෙන අයුරින් ඔබට වෙනත් රෙද්දක් වුවත් ඒ සදහා ගලපා ගන්න පුලුවන්. ඒ තුලින් වැඩි ආකර්ශනීය බවක් ලැබේවි. ලස්සන සාරි ජැකට් එකක් නිවැරැදිව ගලපා ගැනීම සාරිය අදින ඔබේ සුන්දරත්වය වැඩි කරනව. සාරි ජැකට් මහන ආකාරය ගැන කියන අපේ මේ ලිපිය නිවැරැදි සාරි ජැකට් එක්ක තෝර ගන්න ඔබට උදව් වේවි

ලස්සනට හැඩට සාරි අඳින්න ඔබ දැන ගත යුතුම කරුණු

ඉතින් මේ විදියට කාගෙවත් උදව්වක් නැතිව ඔබටම සාරිය අදින්න පුලුවන්. ඔබම මේ ක්‍රම අත් හදා බලන්න එවිට වැටහේවි කිසිවෙකුගේ උදව්වක් නොමැතිව,ඔබටම තනියෙන්ම කොයිතරම් ලස්සනට සාරියක් අඳින්න හැකිද කියා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here