කුස්සිය ස්මාර්ට් කරන “කිචන් ටිප්ස්” – Saru News Media

0
2

දක්ෂ ගෘහනිය ක් දැනගෙන සිටිය යුතුම රහස් රැසක්.

බිත්තර නරක් නොවීමට
බිත්තර කටුව කටුවට පොල්තෙල් ස්වල්පයක්  ආලේප කොට තබන්න .බිත්තර නරක් නොවී කල් තබා ගන්නට පුළුවන් .

මුලින්ම ගාන බෑය
පොල් ගෙඩිය බිඳ පාවිච්චි කිරීමේදී සිදුරු ඇති පැත්ත මුලින්ම ප්‍රයෝජනයට ගන්න .නැත්තම් ඉක්මනින් නරක් වීමට පුලුවන් .

සෙවල ගතියට.
බණ්ඩක්කා පිසින විට එහි සෙවල ගතිය නැති කර ගැනීමට ගොරකා කැබැල්ලක් එක් කරන්න .

රස කිරි තේ.
කිරි  තේ වලට කරාබු නැටි දෙක තුනක් තළා දැමූ විට  එයට ප්‍රනීත රසයක් ලැබෙනවා .

අඩන්නෙ නැතිව ලූණු සුද්ද කරමු.
ලූණු ශීතකරණයෙන් මද වේලාවක් තබා සුද්ද කිරීමට ගත්තොත් අඬන්නේ නැතුව සුද්ද කරගන්න පුළුවන් .

ඉක්මනින් නරක් නොවීමට.
දෙහි සහ අමු මිරිස් අමු මිරිස් එකට තැබූ විට අමුමිරිස් ඉක්මනින් නරක් වනවා.එනිසාඒනිසා මේ දෙක වෙනම තබන්නට වගබලා ගන්න .

මස් වලට.
ශීතකරණයේ දමා තිබූ මස් ඉක්මනින්ම මෘදු  කර ගන්නට අවශ්‍ය නම් විනාකිරි හෝ පොල් වතුරේ ගිල්වා මද වේලාවක් මඳ වේලාවක් තබන්න .ඉක්මනින් මෘදු බවට පත් වෙනවා .

තැලුණු තක්කාලි
තැලුන තක්කාලි ලූණු ටිකක් ලුණු ටිකක් මිශ්‍ර කර සිසිල් ජලයේ රැයක් ගිල්වා තබන්න .නැවත සවිමත් ස්වභාවයක් ලැබෙනවා .

ලස්සන ඔම්ලට්
බිත්තර ඔම්ලට් සෑදීමේදී පාන් පිටි ටිකක් එකතු කළහොත්  හොඳින් පිපෙනවා. ලස්සනටත් තියෙනවා .

පිලීගද නැහැ
කේක් එකේ බිත්තර පිළීගඳ  නැතිවීමට ගසා ගත් බිත්තර වලට එසන්ස් ටිකක් එකතු කරන්න බිත්තර පිටි මිශ්‍රණයට එක්කරන්න කලින් තමා මේ සිදු කළ යුත්තේ .

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here