කොල්ලෙක්ගේ ස්මාට්ෆෝන් එකක අනිවා තිබිය යුතු ඇප්ස් 7ක්! – Saru News Media

0
9

දැන් කාලේ කාගේ අතේද ස්මාට්ෆෝන් නැත්තේ? පොඩි කොල්ලන්ගේ කෙල්ලන්ගේ අත්වල ඉඳන් වයසක සීයලා ආච්චිලා දක්වා හැමෝම ස්මාට්ෆෝන් පාවිච්චි කරනවා. හැබැයි මේ හැමෝම ස්මාට් විදියට ස්මාට්ෆෝන් පාවිච්චි කරනවද කියන එක නම් ප්‍රශ්නයක්. අපි එහෙම කියන්නේ මේකයි. ස්මාට්ෆෝන් එකක් තියෙන්නේ සෙල්‍ෆි ගහන්නයි ෆේස්බුක් යන්නයි විතරක් නෙවෙයි. කෝල් එකක් ගන්නයි, එස් එම් එස් එකක් ගහන්නයි විතරකුත් නෙවෙයි. ඉස්සර තිබුණු කම්පියුටර් එකකටත් වඩා වැඩි දෘඩාංග හැකියාවන් තියෙන අද කාලේ සාමාන්‍ය ස්මාට්ෆෝන් එකක් වුනත් ඊට වඩා සෑහෙන්න කටයුතු වලට පාවිච්චි කරන්න පුලුවන්. ආන්න ඒ නිසා ස්මාට් කොල්ලෙක්ගේ ස්මාට්ෆෝන් එකක තියෙන්න පුලුවන් ඇප්ස් කීපයක් එකතු කරලා අපි ලැයිස්තුවක් හැදුවා. බලන්න මේ ඇප්ස් ඔබත් පාවිච්චි කරනවද කියලා!

 

ස්මාට් කොල්ලෙක් තමන්ගේ ‍රැකියාව හෝ තමන් කරන දේ සෑහෙන්න සීරියස් ගන්න කෙනෙක්. ඒ නිසාම තමන්ගේ ‍රැකියාව හෝ අධ්‍යාපන කටයුතු නොපිරිහෙලා ඉෂ්ට කරන්න ස්මාට් කොල්ලෙක් උත්සාහ කරනවා. ආන්න ඒකට ස්මාට් ක්‍රම සහ විධිත් එහෙම කෙනෙක් හොයාගන්නවා. මේ ඇප් එක තමන්ගේ උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්න නොවරදින විදියක්. බොහොම ප්‍රයෝජනවත් ටූල් එකක්. මේකේ ක්‍රියාකාරකම් කිහිපයක් තිබුණත්, අපි මෙතනදී වැදගත් කියලා සලකන්නේ පොමොදෝරෝ ටයිමර් එක. ඒ කියන්නේ විනාඩි විසිපහක් උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරලා විනාඩි පහක් විවේක ගන්න සිස්ටම් එක. ඒක නිවැරදිව කළමනාකරණය කරගන්න මේ ඇප් එක හරහා පුලුවන්.

 

අපි සාමාන්‍යයෙන් භාෂා කීයක් දන්නවද? ගොඩක් වෙලාවට එකයි. සිංහල විතරයි, නැතිනම් දෙමළ විතරයි. තව කොටසකට මේ මවුභාෂාවට අමතරව ඉංග්‍රීසිත් ගේමක් නෑ. හැබැයි ස්මාට් කොල්ලෙක්ට තව භාෂාවක් දෙකක් යම් ප්‍රමාණයකට හෝ පුලුවන් වෙන එක අමතර වාසියක්. ඉතින් නිවාඩු පාඩු වෙලාවට එහෙම අමතර භාෂාවක් ඉගෙන ගන්න විනාඩි දහයක් පහළොවක් දවසෙන් වෙන් කරන්න පුලුවන් නම්, මේ තමයි ඒකට ගැලපෙන ඇප් එක.

 

 

ස්මාට් කොල්ලෙක් කියන්නේ ඇත්තටම බුද්ධියක් තියෙන මනුස්සයෙක් වෙන්න ඕනනේ. හැබැයි මේ බුද්ධිය කියන එක නිකම්ම වර්ධනය වෙන්නෙ නෑ. බුද්ධිය ට්‍රේන් කරන්න ඕන. ආන්න ඒකට ගැලපෙන ඇප්ස් ඕනෑ තරම් තියෙනවා. එතනින් Brilliant කියන්නේ ඇත්තටම විශිෂ්ට ඇප් එකක්. මේකෙන් ගණිතමය, විද්‍යාත්මක බුද්ධි කලම්බන ගැටළු ලබාදෙනවා. හැබැයි ගොඩක් ඇප්ස් වල වගේ ලේසියෙන් විසඳන්න පුලුවන් හැංකි පැංකි ප්‍රශ්න නෙවෙයි. ටිකක් සීරියස්, මොළේ වෙහෙසවන්න ඕන ප්‍රශ්න. එක පාරටම වැඩේ අමාරු වෙන්න පුලුවන්. හැබැයි ස්මාට් කොල්ලෙක් එහෙමයි කියලා වැඩේ අත ඇරලා දාන්නෙ නෑ. හෙමිහිට හෙමිහිට ඉස්සරහට යනවා මිසක්.

 

ස්මාට් කොල්ලෙක් කවදාවත් තමන් ඉස්සරහා බෝම්බයක් පිපිරුණත් කලබල වෙන්නෙ නෑ. ස්මාට් කොල්ලෙක් දන්නවා ඕනෑම හදිසි අවස්ථාවක් කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක. කැලේක අතරමං වුනොත් කොහොමද ගිනි මැලයක් ගහන්නේ, කොහොමද වතුර හොයාගන්නේ, කොහොමද තරු රටා අනුව පාර හොයාගන්නේ වගේ හැම දෙයක්ම ස්මාට් කොල්ලෙක් දන්නවා. දැන් එහෙම කියනකොට තමන් ස්මාට්ද කියලා ෂුවර් නෑ වගේද? අප්සට් යන්න එපා. වහාම මේ Survival Guide ඇප් එක ස්මාට්ෆෝන් එකට දාගෙන බලන්න මොනවද හදිසි අවස්ථා සම්බන්ධයෙන් තමන්ට ඉගෙනගන්න තියෙන්නේ කියලා!

 

සාමාන්‍යයෙන් නම් ඔය රහමෙර කියන්නේ සම්පූර්ණයෙන්ම වළකින්න ඕන දෙයක් කියලනේ අපේ සංස්කෘතියේ හැටියට කියවෙන්නේ. ඒ කියන්නේ රා සුට්ටක් කටේ ගාන උපාසක මහත්තයා වුනත් හොඳ මනුස්සයෙක් විදියට සැලකෙන්නේ නෑ. සුරාමේරයෙන් වැලකෙමු කියලා පන්සිල් පද වලත් පස් වෙනි සිල්පදයේම කියලා තියෙනවනේ. ආන්න ඒ නිසා සුරා ගැන ලංකාව වගේ රටක කතා කරන එකත් පොඩ්ඩක් කේස්.

හරි, නොබොන අමද්‍යප කොල්ලෝ පැත්තකින් තියමුකෝ. හැබැයි මඳ පමණට බොන ස්මාට් කොල්ලෝ ඉන්න බැරිද? කුජීත වෙලා කාණුවේ වැටෙන්න බොන එව්වෝ අතෑරලම දාමුකෝ. ඒත් තමන්ගේ ප්‍රමාණයට, ගාණට රහමෙර සුට්ටක් තොල ගාන කොල්ලෙක් නම් ස්මාට්ෆෝන් එකේ තියෙන්නම ඕන ඇප් එකක් තමයි මේ. මේ ඇප් එකෙන් බොන එකේ සංස්කෘතිය අධ්‍යයනය කරන්න ඉඩ ලැබෙනවා. ඒ අනුසාරයෙන් තමන්ට ගැලපෙන බ්‍රෑන්ඩ් හොයාගන්න, විවිධ ඇල්කොහොල් වර්ග වල, බ්‍රෑන්ඩ් වල විස්තර විචාරයන් කියවලා බලන්න ඉඩ ලැබෙනවා.

 

රසට කෑමක් දෙකක් හදන්න පුලුවන් කොල්ලෙක් මාර සෙක්සි කියලා පුරාණයේ හිටපු ඉරිසින්නාන්සෙලා කියල තියෙනවනේ. ආන්න ඒ නිසා ස්මාට් කොල්ලෙක් කවදාවත් කෙල්ල කෑම එක හදලා ගෙනැල්ලා දෙනකල් කකුල් දෙක උඩ තියාගෙන ටීවී බලන ජාතියේ කම්මැලියෙක් වෙන්නෙ නෑ. ඊට වඩා ස්මාට් කොල්ලෙක්ට පුලුවන් තමන්ගේම කෑම වේලක් පට් පට් ගාලා හදාගන්න. විශේෂයෙන්ම ඩේට් නයිට් එකකට තමන්ගේ සුවිශේෂී ප්‍රංස කෑම වේල කෙල්ල වෙනුවෙන් හදන්න පුලුවන් කොල්ලෙක්ට ලකුණු වැටෙන්නේ කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ආන්න ඒ විදියේ ස්මාට් කොල්ලෙක් තමන්ගේ ස්මාට්ෆෝන් එකේ ඔය රෙසිපි ඇප් එකක් එහෙම තියාගත්තට කමක් නෑ. ආන්න ඒ වැඩේට මේ BBC Good Food ඇප් එක බොහොම ප්‍රයෝජනවත්!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here