කෝපි ෆෑන්ස්ලාට කෝපි බොන්න ටිප්ස් කීපයක්! – Saru News Media

0
2

සමහරු ඉන්නවා තේ බොන්න ආසයි. එතකොට තව සමහරු ඉන්නවා කෝපි බොන්න ආසයි. හැබැයි මේ අතරේ තවත් සමහරු ඉන්නවා ඩයි හාඩ් කෝපි ෆෑන්ස්ලා. ඒ කියන්නේ කෝපි ලවර්ස්ලා. ඒ කෝපි ලවර්ස්ලගෙන් සමහරු ඇත්තටම කෝපි හදන විවිධ ක්‍රම, ලෝකේ තියෙන විවිධ කෝපි වර්ග වගේ කෝපි ගැන හැමදෙයක්ම සෑහෙන්න දන්නවා. තවත් සමහර කෝපි ලවර්ස්ලා ඔය නිකම්ම කෝපි කුඩු වලට උණු වතුර දාලා කෝපි එකක් හදාගන්නවා ඇරෙන්න ලොකුවට කෝපි ගැන දන්නෙ නෑ. ඒක එහෙම වුණත් ඒකෙත් කිසිම වැරැද්දක් නෑ. අපි කැමතියි කෝපි ගැන කියල දෙන්න. ඒ හැරෙන්න, කෝපි ලවර්ස් කියලා දිගට හරහට කෝපි බීලා හරියන්නෙ නෑ. ඒකෙන් සෞඛ්‍යයට අහිතකර ප්‍රතිඵල පවා ඇතිවෙන්න පුලුවන්. අන්න ඒ නිසා, අපි හිතුවා ස්මාට් විදියට කෝපි බොන්න, ස්මාට් කෝපි ලවර් කෙනෙක් වෙන්න ගැලපෙන ස්මාට් ටිප්ස් ටිකක් කියලා දෙන්න.

Coffee drinking tips

මේක ඉතින් සරල කාරණයක්නේ. අහල ඇතිනේ ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑ නැත කියලා පැරැන්නෝ කියනවා. ඉතින් කොයි තරම් කෝපි ලවර් කෙනෙක් වුණත්, කෝපි බීම සම්බන්ධයෙනුත් එච්චර තමයි. ඕනෑවට වඩා බොන්න හොඳ නෑ. කෝපි වල ශරීරයට හිතකර, සෞඛ්‍ය වර්ධනය කරන ගුණයන් තියෙනවා තමයි. හැබැයි ඕනෑවට වඩා කෝපි බීමෙන් ශරීර සෞඛ්‍යයට අහිතකර ප්‍රතිඵල ඇතිවෙන්න පුලුවන්. සරලවම කියනවා නම්, දවසකට උපරිම කෝපි කෝප්ප හතරකට වඩා නොබී ඉන්න එක ඇඟට ගුණයි. මතක තියාගන්න. කෝපි වල හිතකර ප්‍රතිඵල ලබාගන්න නම්, අනික් හැමදේම වගේ කෝපි පානය කිරීමත් සමබර වෙන්න ඕන.

Coffee drinking tips

මේකත් උඩ කාරණය වගේම තමයි. ඒ කියන්නේ, එක්ස්පර්ට්ලා කියන විදියට, වර්තමාන ලෝකේ අපි සෑහෙන්න ඇබ්බැහි වෙලා ඉන්න දෙයක් තමයි සීනි කියන්නේ. සමහරු කියනවා කොකේන් වලටත් වඩා සීනි ඇබ්බැහිකාරකයි කියලා. ඇත්තටම සීනි වැඩියෙන් පාවිච්චි කරනකොට, අපිට වැඩි වැඩියෙන් පැණි රස ඕන වෙනවා කියන එක සමහරු අත්දැකලා ඇති. අන්න ඒක එක කාරණයක්, කෝපි එකකට ඕනෑවට වඩා සීනි දාන්න එපා කියන. වර්තමානයේ ගොඩක් බෝ නොවෙන රෝග වලට සීනි හේතුකාරකයක් කියලා ඕනම වෛද්‍යවරයෙක් කියයි.

හැබැයි මෙතන තව කාරණයක් තියෙනවා. කෝපි එකක හරිම රසය එන්නේ සීනි ඉතාම අඩුවෙන් දාලා බොනකොට. නියම කෝපි ලවර් කෙනෙක් නම්, කෝපි වල හැබෑ රසය විඳගන්න ආසයිනේ. ආන්න එහෙමනම්, උත්සාහ කරන්න සීනි නැතුව කෝපි බොන්න. කෙනෙක්ට එක පාරටම අමාරු වෙයි ඒක. හැබැයි ඇත්තටම සීනි නැති කෝපි එකකින් එන නියම කෝපි රසට හුරු වුණු කෙනෙක් දන්නවා රස රහස. එහෙම අමාරුම නම්, සීනි ටිකක් දාලා කෝපි එක හදාගන්න.

Coffee drinking tips

මේක ඇත්තටම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුලුවන් කාරණයක්. හැබැයි ගොඩක් අය සම්බන්ධයෙන් මේක තමයි කතන්දරේ. ගොඩක් හවස් වෙලා කෝපි නොබී ඉන්න තරමට හොඳයි කියන එක. එහෙම කියන්න හේතුවක් තියෙනවා. දන්නවා ඇතිනේ කෝපි එකක් සෑහෙන්න කැෆීන් වලින් පොහොසත් කියලා. මේ කැෆීන් වලින් පුලුවන් අපිව ප්‍රබෝධමත් කරන්න, ප්‍රාණවත් කරන්න, නව ජවයක් ලබාදෙන්න. හැබැයි ඒ වගේම, කැෆීන් වලින් අපේ ජවය ඉහළ නංවන නිසාම, නිදාගන්න එකත් ටිකක් අමාරුයි. එතකොට හවසට හෝ රාත්‍රියට කෝපි බොනවා කියන්නේ, රාත්‍රියේ හොඳ, සුව නින්දක් ලබාගන්න තියෙන හැකියාවට බාධා එල්ල වෙනවා කියන එක තමයි.

Coffee drinking tips

මේකත් අපි උඩ කිව්වා වගේ, අපේ ශරීර සෞඛ්‍යයට අහිතකර බලපෑමක් එල්ල කරන්න පුලුවන් දෙයක්. පුලුවන් තරම්, හිස් බඩ, ඒ කියන්නේ කිසිම දෙයක් නොකා කුසගින්නේ ඉන්නකොට කෝපි බොන එකෙන් වළකින්න. ඒකෙන් අපේ උදරයේ තියෙන ආරක්ෂිත පටලයන්ට හානි සිද්ධ වෙන්න පුලුවන්. ඇත්තටම හිස් බඩ කෝපි බොන්න අවශ්‍යත් නැහැනේ. උදාහරණයක් විදියට, උදේ ආහාර වේල අරගෙන, ඒකත් එක්ක කෝපි එකක් බොන්න පුලුවන්. රෑට නිදිමරනකොට වගේ කෝපි එකක් බිව්වත්, සරල, කෙටි ආහාරයක් එක්ක කෝපි එකක් බොන්න පුලුවන්. එතකොට ගැටළුවක් නැහැනේ.

Coffee drinking tips

මේකත් ඇත්තටම කෝපි ලෝලීන්ට විශේෂයෙන්ම දෙන උපදෙසක්. දැන් ඔය කෝපි ආශ්‍රිත විවිධ පානයන් තියෙනවනේ. එස්ප්‍රෙසෝ, මැකියාටෝ, ඇමරිකානෝ, ලතේ, මොකැපචිනෝ වගේ දේවල්. ඒවා බීලා එක්ස්පීරියන්ස් කරලා තියෙන එක මරු. ඒකෙන් කෙනෙක්ට කෝපි ගැන තියෙන අවබෝධය පවා පුළුල් වෙනවා. හැබැයි, අපි කියන්නේ, හැබෑම කෝපි ලෝලියෙක් නම්, නියම කළු කෝපි වලට හුරුවෙන්න කියලා. එක පාරටම අපේ රස ග්‍රන්ථි වලට කළු කෝපි වල ටිකක් දැඩි, ගැඹුරු රසයට හුරු වෙන්න අමාරු වෙයි. හැබැයි අපි දෙවෙනි පොයින්ට් එකේදිත් කියපු විදියට, සීනි නැතුව නියම කළු කෝපි එකක් ටික දවසක් රස විඳිනකොට, අපිට තේරෙන්න පටන් ගන්නවා කළු කෝපි එකක තියෙන ගැඹුරු රසය කොයි තරම්ද කියලා.

Coffee drinking tips

මේක ඉතින් ටිකක් විතර සල්ලි වියදම් වෙන පොයින්ට් එකක්. හොඳ කොලිටි කෝපි එකක් බීලා රහ බලන්න නම්, හොඳ කොලිටි එකක කෝපි බ්‍රෑන්ඩ් එකක් ඕන වෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම කඩයක විකුණන්න තියෙන කෝපි නරකයි කියන්න බෑ. හැබැයි ගොඩක් වෙලාවට, කොලිටි කෝපි රහක අත්දැකීම ලබාගන්න නම්, අපිට වඩාත් සීරියස්, වඩත් කොලිටි කෝපි බ්‍රෑන්ඩ් ට්‍රයි කරලා බලන්න වෙනවා. කාබනික කෝපි බ්‍රෑන්ඩ් එකක් නම් වඩාත් හොඳයි. ඒකෙන් ඔය කෘත්‍රිම පොහොර නිසා රස බිඳක් වත් වෙනස් නොවුණු හැබෑම කෝපි එකක රසවින්දනය ලබාගන්න පුලුවන්.

තව දෙයක්. ඔය ක්ෂණික කෝපි වල වැරැද්දක් නෑ. හැබැයි ඉතින් නිතරම ක්ෂණික කෝපි බොන්න පුරුදු වුණු කෙනෙක් නියම කෝපි ලෝලියෙක් කියන්න නම් බෑ. ක්ෂණික කෝපි වලින් එන්නේ හැබෑ කෝපි රසය නෙවෙයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here