ගූග්ල් කට්ටිය හඳුන්වලා දීපු, ගොඩක් අය නොදන්න ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් කීපයක්! – Saru News Media

0
1

දැන් ඔය ගූග්ල් කිව්වහම ගොඩක් අය දන්නේ ගූග්ල් බ්‍රවුසරේ ගැනනේ. හැබැයි පොඩ්ඩක් හරි ටෙක් සීන් එකේ ඉන්න දන්නෝ දන්නවා ගූග්ල් කිව්වහම ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම් එක, ඒකට ගැලපෙන සේවා බර තොගයක් සහ ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය වගේ සෑහෙන්න නිෂ්පාදන ප්‍රමාණයක් තියෙනවා කියන එක. ඉතින් ඔය අතරින් සමහර ගූග්ල් හදපු ඇප්ස් තියෙනවා ගොඩක් අය තියෙනවා කියලවත් නොදන්න. හැබැයි මේ ගොඩක් ඇප්ස් වලින් සෑහෙන්න කාර්ය භාරයන් ප්‍රමාණයක් ඉෂ්ට කරගන්නත් පුළුවන්. ඉතින් අපි හිතුව ආන්න ඒ ගූග්ල් එකේ ඇප්ස් වලින් ප්‍රායෝගිකව උදවු වෙන ඇප්ස් කීපයක් හඳුන්වලා දෙන්න.

 

මේ දවස් වල ඉස්කෝලේ ළමයින්ගේ ඉඳලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ දක්වා ඉගෙන ගන්නේ ඔන්ලයින් නේ. ෆෝන් එක අතේ. ඉතින් මේක ඇත්තටම ඒ අයට බොහොම ප්‍රයෝජනවත් ඇප් එකක්. මේකේ ප්‍රයෝජන කිවුවොත්, අපිට පුළුවන් මොකක් හරි අපිට තේරෙන්නෙ නැති වචනයක් හෝ වාක්‍යයක් හෝ ගණිත සමීකරණයක් හෝ තේරුම් කරල දෙන්න කියලා මේ ඇප් එකට කියන්න. කරන්න තියෙන්නේ එක්කෝ ෆොටෝ එකක් ගන්න එක. එතකොට අවශ්‍ය ටෙක්ස්ට් එක ඒ ෆොටෝ එකෙන් හොයාගෙන ගූග්ල් අපිට කියනවා මොකද්ද ඒකේ තේරුම සහ ඒ ගැන තව තොරතුරු මොනවද කියන එක. එතකොට ඕන නම් වොයිස් කමාන්ඩ් එකකින් අපිට දැනගන්න ඕන දේවල් අහන්නත් පුළුවන්. තමන් නොදන්න දේවල් තේරුම් කරලා දෙන වීඩියෝ, ස්ටෙප් බයි ස්ටෙප් තේරුම් කරන ප්‍රකාශන වගේ ඕනම දෙයක් මේකෙන් හොයාගන්න පුළුවන්.

 

ඉගෙන ගත්තු දෙයක් අපතේ යන්නෙ නෑ විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් දැන් කාලේ විදියට ඩිමාන්ඩ් එකක් තියෙන ක්ෂේත්‍ර වලට අත්පොත් තියලා තිබීම ඉතාම වටිනවා. කෝඩින් නැතිනම් පරිගණක ක්‍රමලේඛනය කියන්නෙත් ඉන් එකක්. ඉතින් සම්පූර්ණයෙන්ම ආධුනික ලෙවල් එකේ ඉඳලා වුණත් කෝඩින් ඉගෙන ගන්න ආසා කෙනෙක්ට ගූග්ල් හඳුන්වලා දීලා තියෙන ඇප් එක තමයි Grasshopper කියන්නේ. මේකෙන් බොහොම පැහැදිලිව, සරලව කෝඩින් උගන්වන්නේ ගේම් එකක ආකාරයට තමයි. ඒකෙන් ඉගෙන ගන්න තියෙන උනන්දුවත් වැඩි වෙනවා. ඒ වගේම මේ Grasshopper එකෙන් කෝඩින් ඉගෙන ගැනීම විනෝදාත්මක දේකුත් වෙනවා.

 

Snapseed කියන්නේ ෆොටෝ එඩිටින් ඇප් එකක්. සාපේක්ෂව ගොඩක්ම ප්‍රචලිත ෆොටෝ එඩිටින් ඇප් එකක් නොවුණට, පාවිච්චි කරලා බැලුවොත් ආයෙ අත අරින්නෙ නැති ඇප් එකක්. ඒකට මූලිකම හේතුව තමයි, ටූල්ස් විශාල ප්‍රමාණයක් තියෙන ටූල් කිට් එකකින්, බොහොම සරලව ඒත් ප්‍රොෆෙෂනල් විදියට ෆොටෝ එකක් එඩිට් කරගන්න මේ ඇප් එකෙන් දෙන සපෝට් එක. කිසිමාකාර ගෙවීමක් අවශ්‍ය නැති, ඒත් හෙවි ඩියුටි ඕනම ෆොටෝ එඩිටින් ඇප් එකකට වඩා ඉහළ කොලිටි වැඩක් ලබාදෙන Snapseed කියන්නේ නියම ප්‍රොෆෙෂනල් ෆොටෝ එඩිටින් ඇප් එකක්.

 

මේ ඇප් එක නම් වැදගත් වෙන්නේ දරුවෝ ඉන්න අම්මලා තාත්තලාට. දැන් කාලේ ළමයින්ගේ වුණත් අතේ ස්මාට්‍ෆෝන් තියෙනවා. ඒකට කරන්න දෙයක් නෑ. හැබැයි දරුවන්ගේ ෆෝන් පාවිච්චිය සීමාවක් ඇතුව සිද්ධවෙන බවට වගබලා ගැනීම දෙමාපියන්ගේ වගකීමක්. Google Family Link ඇප් එකෙන් ආන්න ඒ වගකීම ඉටු කරන්න දෙමාපියන්ට හොඳ සහායක් ලබාදෙනවා. Google Family Link ඇප් එක ඔස්සේ අම්මලා තාත්තලාට බලන්න පුළුවන් ළමයි ෆෝන් එකේ සිද්ධ කරලා තියෙන ඇක්ටිවිටීස් වල සම්පූර්ණ ඉතිහාසයම. ආයෙ කිසිම හොර වැඩක් කරන්න බෑ. ඒ වගේම Google Family Link එකෙන් ෆෝන් එකේ තියෙන යම් යම් ඇප්ස් බ්ලොක් කරන්න පුළුවන්. ඒ වගේම යම් යම් ඇප්ස් ඩවුන්ලෝඩ් කරනකොට අම්මට තාත්තට නෝටිෆිකේෂන් එන විදියට සකස් කරන්නත් පුළුවන්. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here