ගෙදර ඉන්නකොට වැඩිපු​ර ඩේටා කැපෙන එක අඩුකරගන්න හැටි – Saru News Media

0
6

ඩේටා කියන්නේ මූලික අවශ්‍යතාවයක් වෙලා. ආහාර, ඇඳුම්, නිවාස ජලය වගේම ඩේටාත් අපිට දැන් නැතුවම බැහැ. ඩේටා ලබාගන්න ක්‍රම කීපයක්ම තියෙනවා. හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සහ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් හරහා තමයි අපේ රටේ අපිට ඩේටා ලැබෙන්නේ. මොබයිල් නෙට්වර්ක් හරහා ලැබුනත් හෝම් විදිහට ලැබුනත් මේ ඩේටා වල නයිට් ටයිම් සහ දවාලට කියලා වෙනම කෝටා එකක් තියෙනවා. එහෙම තියෙන්නත් හේතු තියෙනවා. ඒ ගැන යම් යම් කතාබහ තිබුනත් මේ නයිට් ටයිම් ඩේටා කියන එක නැතිවෙන බවක් පේන්නත් නැහැ. 

 

මේක ෆෝන් එකක නම් හොයාගන්න පුළුවන්. ඉන්ටනෙට් කනෙක්ට් වෙන්නේ ෆෝන් එක විතරක් නම් සෙටින්ස් වලින් ෆෝන් එකේ වැඩිපුරම ඩේටා පාවිච්චි වෙන්නේ මොන ඇප්ස් වලටද කියලා හොයාගන්න පුළුවනි. ඒ වගේම පරිගණකයක වුනත් සාමාන්‍ය පාවිච්චියේදී වැඩිපුර ඩේටා යන අවස්ථාවන් ඔයාලට හසුකරගන්න පුළුවනි. කලකට ඉස්සර නම් අඩු ඩේටා ප්‍රමාණයකින් ලෝඩ් වෙන විදිහට තමයි ගොඩක් වෙබ් සයිට් තිබුනේ. දැන් දැන් ෆේස්බුක් ට්විටර් ඇතුළු බොහෝ සේවාවන් පාවිච්චි කරද්දි ටිකක් වැඩිපුර ඩේටා යනවා ඉස්සරට වඩා. කලින්ට වඩා ඇනිමේශන්, ග්‍රැෆික්, වීඩියෝ වලින් සවිමත් නිසා වෙබ් ඇක්සස්  වලදි ඉස්සරට වඩා ඩේටා කැපෙන ප්‍රමාණය වැඩියි. 

 

යූ ටියුබ් යනවා නම් යූ ටියුබ් කියන්නේ ඩේටා යහමින් ගිලින මාධ්‍යයක්. යූ ටියුබ්, වීඩියෝ වගේම අසභ්‍ය දේවල් තියෙන චැනල් වලත් වීඩියෝ එකේ රෙසලූෂන් එක අඩුකරගන්නට හැකියාව තියෙනවා. රෙසලූෂන් අඩු වෙද්දි පොඩි අඩුපාඩුවක් අපිට දැනෙනවා. ඒත් වීඩියෝවේ පෙන්වන දෙයක් බලාගන්න 360, 480 ආදී රෙසලූෂන් වලදිත් පුළුවන්. අපේ ගෙදරට එන ටෙලිවිෂන් නාලිකා ලංකාවෙදි තාමත් එන්නේ 480ට අඩුවෙන් මට්ටමකින්. ඉතින් ඒ මට්ටමින් අපිට වීඩියෝ බලන්න ලැබුනත් ඇති නේද? කොරෝනා තත්ත්වය නිසා ලෝක ජනගහණයෙන් 90%ක් විතර ගෘහාශ්‍රිත ජීවිතයට යොමු වුනා. ඒ එක්ක යූ ටියුබ් එකත් තමුන්ගේ ඩිෆෝල්ට් වීඩියෝ සෙටින්ස් 480ට ඒ කාලෙදි අඩු කරන්න ක්‍රියා කළා. ඉතින් ඩේටා ගැන ගොඩක්ම වොරි වෙනවා නම් අපි පොඩ්ඩක් රෙසලූෂන් අඩු කරලා බලමු නේද?

 

ටොරන්ට් මැග්නට් කියන්නේ ලංකාවේ අපිට ෆිල්ම් ටෙලි සීරීස් ගෙදරටම ලබා දෙන දෙයියෙක්. සමහර අවස්ථාවල අන්තර්ජාල සේවා සපයන අය මේ ටොරන්ට් බ්ලොක් කරන වෙලාවලුත් තියෙනවා. එතකොට ටොරන්ට් වල වේගය ඉතා අඩු අගයකට එනවා. ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරනවා වගේම අපෙන් අප්ලෝඩ් වීමකුත් වෙනවා. ඒ ක්‍රමයට තමයි ටොරන්ට් එකකින් ඩවුන්ලෝඩ් වෙන ෆයිල් එකක් හුවමාරු වෙන්නේ. ටොරන්ට් එක බෑවිලා 0.1ක කොටසක් අප්ලෝඩ් වෙන්න තැබීම හොඳ පුරුද්දක්. ඒත් වැඩිපුර අප් වෙන්න ඇරලා ඔහේ උන්නොත් අපිට ඩවුන්ලෝඩ් වලට වගේම අප්ලෝඩ් වලටත් ඩේටා නාස්ති වෙනවා. 

 

මීට කාලෙකට කලින් VHS ඩෙක්පීස්, සීඩී විදිහට ෆිල්ම් ටෙලි සීරීස් ආවා. ඒ කාලේ ඒ එකක් අපි බොහෝ දෙනෙක් බැලුවා. දැන් අපි මෙමරි කාඩ්, පෙන් හරහා ෆිල්ම්, ටෙලි සීරීස් බෙදාගන්නවා. ගෙදර ඉන්න කොට නම් එහෙම ෂෙයා කරගන්න එක ටිකක් අමාරුයි. ඒත් ගෙදර කිහිප දෙනෙක් එකම ෆිල්ම් එක, එක එක වෙලාවෙදි ඩවුන්ලෝඩ් කරනවා නම් එයින් ගෙදර හෝම් කනෙක්ශන් එකේ ඩේටා නාස්ති වෙනවා. ඒ වගේම හැමදාම අලුතින් එන හැම ටෙලි සීරීස් එකම, ෆිල්ම් එකම ඩවුන්ලෝඩ් කරලා හාඩ් එකේ දාගන්න යාලුවෝ ඉන්නවා. එහෙම කෙනෙක්ගෙන් පෙන් එකකට හෝ පෝටබල් හාඩ් එකකට අපිට ෆිල්ම් සහ ටෙලි සීරීස් ටික ගෙන්නගන්න හැකි නම් ඒකෙන් අපේ ගෙදර ඩේටා ටික ගාණට ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here