ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – හතරවන කොටස – Saru News Media

0
9

අපි මේ වෙනකොට සෑහෙන්න වෙබ් අඩවි ගැන කතා කරලා තියෙනවා. ඇත්තටම ඉන්ටර්නෙට් එකේ වෙබ් අඩවි කීයක් විතර නම් මේ වෙනකොට තියෙනවා ඇතිද? බිලියන ගාණෙන් තියෙන්නේ, බිලියන ගාණෙන්! හැබැයි සක්‍රිය වෙබ් අඩවි ගාණ නම් මිලියන 200 ක් වගේ. ඒකත් ඉතින් සෑහෙන්න ලොකු ගාණක්නේ! ඉතින් ඔය මිලියන 200 කටත් වඩා වෙබ් අඩවි වලින් අපි දන්නේ කීයෙන් කීයද? ඔතනින් අපි අහලවත් නැති, ඒත් සෑහෙන්න ප්‍රයෝජනවත් වෙන වෙබ් අඩවි තියෙනවා. අන්න ඒ වෙබ් අඩවි වලින් කිහිපයක ලැයිස්තුවක් තමයි මේ!

 

අපිට ඔය වැඩකටයුතු කරනකොට PDF ෆයිල්ස් මුණගැහෙනවනේ. ගොඩක් වෙලාවට අපිට තියෙන්නේ PDF ෆයිල්ස් කියවන්න විතරක් වුණාට, සමහර වෙලාවට PDF කපන්න කොටන්න වගේ වැඩත් සෙට් වෙනවා. එක්කෝ PDF එකක තියෙන කොටසක් හරි පිටුවක් හරි පිටු කීපයක් හරි වෙනත් PDF එකක් විදියට සේව් කරන්න, PDF දෙකක් එකතු කරලා එක PDF එකක් කරන්න, PDF එකකට පාස්වර්ඩ් දාන්න, පාස්වර්ඩ් දාපු PDF එකක් අන්ලොක් කරන්න, PDF එකක අපේ ඊ-සිග්නේචර් එක දාන්න, PDF ඉමේජ් බවට හරි වර්ඩ් ඩොකියුමන්ට් බවට හරි වෙන මොකක් හරි ෆෝමැට් එකකට හරි හරවන්න වගේ වැඩ කරගන්න වෙනවා. ආන්න එතකොට පිහිටට එන්නේ මේ tools.techjunkie.com වෙබ් එක තමයි. මේකෙන් PDF වැඩ කිඩ විතරක් නෙවෙයි, වීඩියෝස්, ඉමේජස් එක්ක වැඩ කිඩ දාන්නත් පුළුවන්! හිතනවට වඩා සෑහෙන්න ප්‍රයෝජනවත් මේ වෙබ් අඩවිය!

 

දැන් ඔය යූටියුබ් චැනල් එකක් එහෙම කරන කෙනෙක්ට, නිකම්ම ෂූට් කරපු එකක් දානවට වඩා, හොඳ ආතල් ඇනිමේෂන් එකක් එහෙම තියෙන සුපිරි ඉන්ට්‍රො එකක් දාලා වීඩියෝ එකක් අප්ලෝඩ් කරන එක සෑහෙන්න වටිනවා. අන්න ඒකට තමන්ට ගිහින් ඇනිමේෂන් ඉන්ට්‍රෝ හදනවට වඩා සෑහෙන්න පහසුයි, හදපු ඇනිමේෂන් ඉන්ට්‍රෝ එකක්ම පාවිච්චි කරන්න තියෙනවා නම්. ආන්න ඒකට ගැලපෙනම තැන තමයි Panzoid.com කියන්නේ. මේකට ගියාට පස්සේ මේකේ තියෙන පිස්සු හැදෙන තාලේ ඇනිමේෂන් වලින් ඕනම එකක් තෝරලා, ඒක තමන්ට ඕන කරන වදන් අනං මනං දාලා ගාණට කස්ටමයිස් කරගන්න පුළුවන්. එහෙම කළාට පස්සේ තියෙන්නේ ඉන්ට්‍රෝ එක වීඩියෝ ෆයිල් එකක් විදියට ඩවුන්ලෝඩ් කරගෙන, තමන්ගේ වීඩියෝ එකේ මුලට හරි මැදට හරි අගට හරි ඕන තැනකට එඩිට් කරගන්න තමයි!

 

අපි ඉන්ස්ටග්‍රෑම් නං දන්නවනේ. හැබැයි අහල තියෙනවද ඉන්ෆොග්‍රෑම් ගැන? විශේෂයෙන්ම ඔය ඩේටා විෂුවලයිසේෂන් නැතිනම් ඩේටා හරි ලස්සන විදියට පෙළ ගස්වලා ඉදිරිපත් කරන්න අවශ්‍ය අයට මේක මරු වෙබ් එකක්. ඇත්තටම මේක ප්‍රධාන වශයෙන්ම ඔය ඉන්ෆොග්‍රැෆික් නිර්මාණයට සුදුසු ටූල් එකක් වුනාට, එතනින් නතර වෙන්න අවශ්‍ය නැහැ. ඉන්ෆොග්‍රැෆික් ඇරෙන්න විවිධ රිපෝට්ස්, ස්ලයිඩ් ෂෝස්, ප්‍රසන්ටේෂන්, ඩෑෂ්බෝඩ්ස්, මැප්ස්, සෝෂල් මීඩියා විෂුවල්ස් වගේ සෑහෙන්න පරාසයක වැඩ කොටසක් මේ වෙබ් සයිට් එකේ තියෙන ටූල්ස් ඔස්සේ නිර්මාණය කරගන්න පුළුවන්. ඕන නම් ටීම් එකකටම එක පාර මේකෙන් එකම ප්‍රොජෙක්ට් එකක වැඩ කරන්න එහෙමත් පුලුවන්. තව සෑහෙන්න පහසුකම් තියෙනවා!

 

දැන් කාලේ අපි හැමෝම වගේ ගොඩක්ම වෙලාවට එක තැනකට වෙලානේ කාලය ගත කරන්නේ. විශේෂයෙන්ම ඔෆිස් යන්නෙත් නැතුව ගෙදර ඉඳන් වැඩ කරනවා කියන්නේ ඉස්සර තරමට වත් ඇඟට එක්සයිස් එකක් ලැබෙන්නෙ නෑ. හැබැයි ඉතින් සමහරු එහෙමයි කියලා ජිම් එකකට යන්නත් කැමති නෑ. ඒත් ගැටළුවක් නෑ. යන්න MuscleWiki.com වෙබ් අඩවියට. ඒකේ තියෙනවා මනුස්සයෙක්ගේ ඉස්සරහයි පිටුපස්සයි පෙන්නන පින්තූර දෙකක්. ඒකෙන් තමන්ගේ ඇඟේ අඩු කරගන්න ඕන කියලා හරි, ටෝන් කරගන්න ඕන කියලා හිතෙන හරි, තව ගාණකට වැඩි කරගෙන ලස්සන කරගන්න ඕන කියලා හිතෙන හරි බොඩි පාට්‍ එකක් ක්ලික් කරන්න. ආන්න එතකොට ඒ බොඩි පාට් එකට අදාළව කරන්න පුළුවන් එක්සයිස් ලිස්ට් එකක් අපිට ලැබෙනවා. දැන් කරදරයක් නැතුව අපිටම ගෙදර ඉඳන් අපේ ඇඟට ගැලපෙන වර්ක්අවුට් ප්ලෑන් එක හදාගන්න පුළුවන්!

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here