චොකලට් අතාරින්නෙත් නැතුව, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු වෙන්නේ මෙහෙමයි! – Saru News Media

0
15

දැන් කවුද අකමැති චොකලට් කන්න? ගොඩක් වෙලාවට චොකලට් කන්න අකැමැති මනුස්සයෙක් ඉන්නේ අතිශයින්ම කලාතුරකින් තමයි. සමහරු කියනවා හැම දවසකම ලෝකෙ පුරා මිනිස්සු බිලියනයක් විතර චොකලට් කනවා කියලා. ඒ කියන්නේ ලෝක ජනගහණයෙන් දළ වශයෙන් 1/7 ක් දිනපතා චොකලට් කනවා!

ඇත්තටම මිනිස්සු චොකලට් කන ආස වෙන ප්‍රධාන හේතුව වෙන්නේ, චොකලට් වල තියෙන මොළයෙන් සෙරටොරින් – ඒ කියන්නේ සතුටු හැඟීම් නිපදවන්න අදාළ වෙන- හෝමෝනය නිපදවන්න හේතු වෙන tryptophan කියන රසායනය නිසා කියලා තමයි කියන්නේ. ඒක නිසා තමයි චොකලට් කන එක අපිට සතුට ගෙනදෙන්නේ. චොකලට් වල රසත් ඉතින් හේතුවක් තමයි. ඒ ඇරෙන්න චොකලට් වල ශාරීරික සහ මානසික සෞඛ්‍ය වාසි එහෙමත් තියෙනවලු.

හැබැයි චොකලට් කන එකේ සෞඛ්‍ය අවාසිත් තියෙනවා. එකක් තමයි චොකලට් වල තියෙන ඉහළ සීනි සං‍යුතිය. ඒ වගේම, චොකලට් වල ඉහළ කැලරි ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ඔය තරබාරු වෙන්න එහෙමත් චොකලට් වැඩි වැඩියෙන් කන එක හේතුවක්. ඒ වගේම, චොකලට් වල තියෙන සීනි රසය නිසාම කෙනෙක් පහසුවෙන්ම චොකලට් කන්න ඇබ්බැහි වෙන්න පුලුවන්. අන්න ඒ නිසා, විශේෂයෙන්ම ඔය සෞඛ්‍ය සම්පන්න ඩයට් එකක් එහෙම කරන කෙනෙක්ට චොකලට් අතාරින්න වෙනවා. ඒත් චොකලට් වලට ආස කෙනෙක්ට, චොකලට් සම්පූර්ණයෙන්ම අතාරින්නේ නැතුව ඩයට් එකකට යන්න බැරි වෙයිද? ආන්න ඒ ප්‍රශ්නය අහන අය වෙනුවෙන් තමයි මේ ආටිකල් එක!

චොකලට් අතාරින්නෙත් නැතුව, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු වෙන්නේ මෙහෙමයි

මේක ටිකක් අමාරු කාරණයක් වෙන්න පුලුවන් සමහරුන්ට. හැබැයි ඉතින් දැන් කාලේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් කියන්නෙම ටිකක් වියදම අධික දෙයක්. කාරණාව මේකයි. තමන්ගේ ශරීර සෞඛ්‍යයට ගැටළුවක් කරගන්නෙ නැතුව, තමන්ගේ ආසම චොකලට් රස විඳින්නත් ඕනේ නම්, ගණන් අඩු, මාකට් එකේ ලාබෙට ගන්න තියෙන, ඒ තරම් කොලිටියක් නැති චොකලට් වලට නොයා, මිලෙන් අධික, වඩා හොඳ චොකලට් වලට යන්න කියන එක තමයි මේ කියන්නේ. ඇත්තටම හොඳ චොකලට් කියලා කියන්නේ හොඳ කොලිටියක් තියෙන, වඩාත් ඉස්තරම් අමුද්‍රව්‍ය වලින් හදලා තියෙන චොකලට්. එව්වා මිලෙන් අධිකයි. රසෙනුත් උසස්. හැබැයි එහෙම හොඳ චොකලට් වලට යන එකේ තව වාසියක් තියෙනවා. හොඳ චොකලට් ගණන් වැඩි නිසා පිස්සෙක් වගේ චොකලට් කන්න අමාරු වෙනවා.

චොකලට් අතාරින්නෙත් නැතුව, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු වෙන්නේ මෙහෙමයි

දැන් චොකලට් ගත්තහම ගොඩක් දෙනෙක් දන්න චොකලට් ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. වයිට් චොකලට්, හැමෝම දන්න බ්‍රවුන් චොකලට් සහ ඩාර්ක් චොකලට්. වයිට් චොකලට්, චොකලට් රසට වඩා කිරි රසයෙන් වැඩියි. සමහර විට ටිකක් පැණි රහෙනුත් වැඩියි. බ්‍රවුන් චොකලට් හැමෝම දන්නවා. ඒක බැලන්ස්. එතකොට ඩාර්ක් චොකලට් කියන්නේ වඩාත් චොකලට් රසයෙන් වැඩි, සමහර වෙලාවට සාමාන්‍ය මනුස්සයෙක්ට දරන්න බැරි තරමේ දැඩි චොකලට් රසයක් තියෙන, පාටින් වඩාත් අඳුරු චොකලට්. මේ ඩාර්ක් චොකලට් වල චොකලට් සං‍යුතිය වැඩියි. ඒ නිසාම සමහර වෙලාවට හොඳම ඩාර්ක් චොකලට් ටිකක් බර රසයක්, තිත්ත රසයක් තියෙන්නත් පුලුවන්. හැබැයි ඉතින් ඇත්තම චොකලට් ලෝලීන් නම් ඩාර්ක් චොකලට් වලට කැමතියි. දැන් ඔය අනික් චොකලට් වර්ග දෙකටම වඩා ඩාර්ක් චොකලට් වල තියෙන සෞඛ්‍ය ප්‍රතිලාභ වැඩියි. ඒ වගේම උඩින් කිව්වා වගේ ටිකක් මිලෙනුත් අධිකයි. එතකොට ඒකේ තියෙන වඩාත් දැඩි රසය නිසා එක හුස්මට ඩාර්ක් චොකලට් බාර් එකක්ම කාලා දාන්නත් අමාරුයි.

චොකලට් අතාරින්නෙත් නැතුව, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු වෙන්නේ මෙහෙමයි!

දැන් අපි සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරුවෙන්න අවශ්‍ය නිසා ඩයට් එකක් කරන්න පටන් ගත්තහම, දන්නෙම නැතුව අපේ ආහාර පරිභෝජනය බැලන්ස් වෙනවනේ. ආන්න ඒ බැලන්ස් එක, චොකලට් කෑමටත් යොදාගත්තා නම් හරි. ඒ කියන්නේ, අපි කියමු අපි ඉන්නේ හයි ප්‍රෝටීන්, හයි ෆැට්, ලෝ කාර්බ් ඩයට් එකක කියලා, එතකොට, අපි සතියකට කන චොකලට් ප්‍රමාණය, ඒ ඩයට් එකේ ඇතුළත් විය යුතුයි කියලා අපි ගණනය කරගෙන තියෙන කාබ්ස් ප්‍රමාණය ඇතුළට, සමහර විට කැලරි ප්‍රමාණය ඇතුළට අයිති වෙන්න තමයි තියාගන්න ඕන. එතකොට, දන්නෙම නැතුව චොකලට් කෑම යම් පාලනේකටත් යටත් වෙනවා. හැබැයි චොකලට් එකක් කන වෙලාවට හිතේ වරදකාරී හැඟීමක් නැතුව ඒක රසවිඳින්නත් පුලුවන් වෙනවා.

චොකලට් අතාරින්නෙත් නැතුව, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු වෙන්නේ මෙහෙමයි

උඩින් කිව්වනේ අපේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවේ, සෞඛ්‍ය සම්පන්න ඩයට් එකේ තියෙන බැලන්ස් එකම චොකලට් කෑමටත් යොදාගන්න කියලා. ඒකට හොඳම ක්‍රමයක් තමයි චොකලට් කන එකට යම් කිසි රූටීන් එකක්, දින චර්යාවක් නිර්මාණය කරගන්න එක. උදාහරණයක් විදියට ගත්තොත්, රෑ කෑමෙන් පස්සේ එක කෑල්ලක්, එහෙම නැතිනම් සති අන්තෙදී චොකලට් බාර් එකක් වගේ සිස්ටන් එකක් හදාගන්න පුලුවන්. හැබැයි එහෙමයි කියලා ඉතින් රෑ කෑමෙන් පස්සේ සම්පූර්ණ චොකලට් එකක්ම ඇදලා ඇරලා හරියන්නෙ නෑ. ඒ ගැනත් අපි ඉස්සරහට කියනවා. උඩ කියපු බැලන්ස් එකේ කන්න ඕන කියන කාරණාව ඇතුළේ තමයි මේ රූටීන් එක නිර්මාණය වෙන්න ඕන. එතකොට, ඒ රූටීන් එකෙන් පිටදී චොකලට් කෑල්ලක් කෑවොත් හොඳයි කියලා හිතන වෙලාවට, ෆ්‍රිජ් එක ඇරලා චොකලට් එකක් අතට නොගෙන ඉන්න තරමට හිත පාලනයක් තියෙන්නත් ඕන.

චොකලට් අතාරින්නෙත් නැතුව, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු වෙන්නේ මෙහෙමයි

මේක ඔය චොකලට් ලවර්ස්ලට නම් කේන්ති යන දෙයක්. ඒ කියන්නේ, සාමාන්‍යයෙන් චොකලට් කන්න ආස මනුස්සයෙක් දවසකට එක චොකලට් කෑල්ල ගානේ කන්න කොහෙත්ම කැමති වෙන එකක් නෑ. හැබැයි ඉතින් ඩයට් එකත් බැලන්ස් එකේ තියාගෙන, තමන්ගේ චොකලට් කන්න තියෙන ආසාවත් ඉෂ්ට කරගන්න ඕනේ නම්, මේ විදියේ මැද තැනකට එන්න වෙනවා. ඇත්තටම උඩින් කියපු බැලන්ස් එකේ, තමන්ගේ දවසකට හෝ සතියට ගත යුතු කාබ්ස් ප්‍රමාණය හෝ සීනි ප්‍රමාණය හෝ කැලරි ප්‍රමාණය ඇතුළේ චොකලට් කනවා නම්, එතකොට චොකලට් කන්න රූටීන් එකක් හදාගන්නවා නම්, ඉබේම අපි කන චොකලට් ප්‍රමාණයත් පාලනය වෙනවා. මේක එක පාර කරන්න බැරි නම්, අර සිගරට් බොන එක නවත්තනකොට කරනවා වගේ, ටික ටික මාසයක් දෙකක් ඇතුළේ චොකලට් කන ප්‍රමාණය අඩු කරගන්න පුලුවන්.

චොකලට් අතාරින්නෙත් නැතුව, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු වෙන්නේ මෙහෙමයි

මේකත් චොකලට් ලවර්ස්ලා ඒ තරම් කැමති නැති කාරණාවක්. ඒ කියන්නේ ඔය අපි දන්න සමහර චොකලට් ලවර්ස්ලා ඉන්නවා, ගෙදරට චොකලට් ගන්නවා නම්, ගෙදර අය තමන් තරම් චොකලට් වලට ලොකු පෙරේත කමකුත් නැති නම්, ගෙදරට චොකලට් එකයි, තමන්ට චොකලට් එකයි තමයි ගන්නේ. හැබැයි අපි පටන් ගන්නකොටම කිව්වනේ ඩයට් කරන ගමන් චොකලට් කන්නත් හිතනවා නම් වඩාත් උසස් තත්වයෙන් යුතු, මිලෙන් අධික චොකලට් ගන්න කියලා. එතකොට ඔය ක්‍රමේ කරන්න ලේසි නැහැ. හැබැයි පුරුද්දක් කරගන්න, චොකලට් කෑල්ලක් කන කොට, ගෙදර අනික් අය එක්කත් ෂෙයාර් කරගෙන කන්න. ඇත්තටම එහෙම ෂෙයාර් කරගෙන කන එකේ වෙනම තෘප්තියක්, වෙනම ආතල් එකක් තියෙනවා. ඒ ඇරෙන්න, ෂෙයා කරගන්න පුරුද්දෙන්, තමන් කන චොකලට් ප්‍රමාණයත් දන්නෙම නැතුව සීමා වෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here