ජාත්‍යන්තරය ජයගත් අපේ මිනිස්සු – Honorable Srilankans – Saru News Media

0
3

අපේ රට ජාත්‍යන්තරය දැනගත්තේ 96 ක්‍රිකට් ලෝක කුසලානෙන් පස්සේ කියලයි ගොඩක් අය කියන්නේ. ඒත් ඇත්තට ම පසුකාලේ ක්‍රිකට්වලටත් වඩා වෙනත් ක්ෂේත්‍ර නිසා ලංකාව ලෝකප්‍රකට වෙනවා. එහෙම වුණේ ඒ ක්ෂේත්‍ර තුළ හිටපු අතිදක්ෂ පුද්ගලයන් නිසා.

 

වැදගත් මිනිස්සු අපිට එදිනෙදා ජීවිතයේදීත් අනන්තවත් මග හැරෙනවා. අපිට මග හැරුනත් ජාත්‍යන්තරයට මග නොහැරුණු එහෙම පුද්ගලයෙක් තමයි රේ ජයවර්ධන. මේ මහත්මයා ශ්‍රී ලංකාවේ උත්පත්තිය ලැබුවත් දැන් කැනේඩියානුවෙක් බවට පත් වෙලා. නමුත් ඔහු ගැන කතා කරන්න, ආඩම්බර වෙන්න ශ්‍රී ලාංකිකයෙක් විදියට ඔබටත් මටත් පුළුවන්. හම්බන්තොට ඉපදිලා, රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබලා යේල් විශ්වවිද්‍යාලයේ ඉගෙනීම කරන්න ඔහු පූර්ණ ශිෂ්‍යත්වයක් ලබනවා. ඒ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ඔහු දැක්වූ දක්ෂතාව නිසාමයි. ඉන් නොනැවතී තමන්ගේ ආචාර්‍ය උපාධිය හාවඩ් සරස්වියෙන් ලබාගන්නවා. එතකොට මේ තරම් පාරම්බාන පුද්ගලයා ජාත්‍යන්තරය ජයගත්තේ කොහොමද? අද ඔහු කැනඩාවට අත්‍යවශ්‍ය ම පුද්ගලයෙක්. ටොරොන්ටෝවල තියෙන යෝක් සරසවියේ විද්‍යා පීඨාධිපතිවරයා සහ තාරකා විද්‍යාව/භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්‍යවරයා වන්නේත් මොහුයි. අපිට අගයක් නැතුවට විදෙස් මාධ්‍යවල නිරන්තර අවධානය ඔහු කෙරේ යොමු වෙලා තියනවා. මොකද තමන් සොයාගන්නා දේවල් අනික් අයට කියලා දෙන්න ඔහු තුළ ලොකු දක්ෂතාවක් තියෙන නිසා. මොහු ගැන උනන්දු ඔබට rayjay.net හරහාත් ඔහුගේ ට්විටර් ගිණුම වන @DrRayJay හරහාත් විස්තර දැනගන්න පුළුවන්.

 

ඇය මේ වෙනකොට ලෝකයේ ලොකු ම තනතුරක් හොබවන ජාත්‍යන්තර වශයෙන් අවධානය දිනාගත් තැනැත්තියක්. මේ ගැන ලාංකේය අපෙන් දන්නේ කීයෙන් කී දෙනාද? එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස ඇය කටයුතු කරනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරිණියක වන ඇය පාසල් අධ්‍යාපනය විසාකා විද්‍යාලයෙන් ලබාගෙන තියනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තරුණ ස්වේච්ඡා සංවිධානයේ ඇයගේ ක්‍රියාකලාපය කැපී පෙනිලා තියනවා. තරුණ කටයුතු අමාත්‍යාංශයේ නැගී එන තරුණ නායකයා සම්මානයේ අනුශූරතාවත් ඈ හිමිකරගන්නවා. 2012 වසරේ එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයට සහභාගී වීමටත් ඈ අවස්ථාව හිමිකරගන්නේ මේ අංශය පැත්තෙන් ඇගේ තිබුණ ආසාව නිසාමයි. විද්‍යා විෂයන් කළත් ඇගේ කැමැත්ත මත ඇය රැකියා ස්ථානය ලෙස තෝරාගන්නේත් පාර්ලිමේන්තුවයි. එතනින් නොනැවතී රාජ්‍ය සේවයට ආයුබෝවන් කියලා ඇය පරිපාලන සේවය තමන්ගේ හීනය කරගන්නවා. එක්සත් ජාතීන් සමග කටයුතු කරන ධුර කාලය අවසානයේ ඉතාමත් දක්ෂ පරිපාලන සේවා නිලධාරිනියක් ඈ තුළින් දකින්න හැකි වන බව නියතයි.

 

ඇමරිකාවේ සිලිකන් වැලි කියන ප්‍රදේශය පරිගණක තාක්ෂණ සමාගම් පිරුණු තෝතැන්නක්. ඒ බිලියනපතියන් අතර ලංකාවේ පුද්ගලයෙකුත් ඉන්නවා. ලංකාවේ කිව්වට දැන් ඔහු ඇමරිකානුවෙක්. නමින් චමත් පලිහපිටිය. පහුගිය දවස්වල ගූගල් ලූන් ව්‍යාපෘතිය නිසා මේ නාමය නිතරකතා බහට ලක් වුණා. චමත් පුංචි කාලයේ දී ම කැනඩාවට සංක්‍රමණය වෙනවා. වෝටර්ලූ සරසවියෙන් සිය උපාධිය ලබාගන්නා ඔහු AOL ආයතනයේත් Facebook ආයතනයේත් සේවය කරනවා. ඔහු Facebook ආයතනයට බැඳෙනකොට එය නිකන් ම නිකන් වෙබ් අඩවියක් පමණයි. එය ජනතාව අතර ප්‍රසිද්ධ වෙන්නේ චමත්ගේ වැඩකිඩ නිසා. කොහොමහරි ඔහු එතන සේවයෙන් ඉවත් වෙන්නේ ඔහුට තවත් හීන තිබුණ නිසා. Social Capital කියන්නේ ඔහු සැබෑ කරගත්ත ව්‍යාපාර හීනය.

 

ඩිලන්ත මාලගමුව අන්තර්ජාතික තලයේ දස්කම් දක්වන වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නියම ශ්‍රී ලාංකිකයෙක්. ශ්‍රී ලාංකික ධජයත් නිහතමානී ශ්‍රී ලාංකිකයන් ගැනත් සඳහනක් ඇති ලැම්බෝගිනිය ඔහුගේ යි. 2002 සිට 2017 දක්වා ඔහු අධිධාවන තරගවල යෙදීමෙන් ජයග්‍රහණ රාශියක් අත්පත් කරගෙන තියෙනවා. 2015 වර්ෂයේ විශිෂ්ටත ම ක්‍රීඩකයාට හිමි ජනාධිපති සම්මානය ඔහුට හිමි වෙනවා. Little Hearts ව්‍යාපෘතියට ඔහු නොමසුරුව දායක වෙනවා.

 

 

ලංකාවේ හිපොප් රැජින විදියට ඈ හැර වෙනත් කෙනෙක් නම් කිරීම කරන්න බැරි දෙයක්. දැන් නිතර ම අහන්න දකින්න නැති වුණත් මීට අවුරුදු දහයකට පහළොවකට පෙර ඇගේ නිර්මාණත් එක්ක ම හැදුණු වැඩුණු පරම්පරාවක් නිර්මාණය වුණා. ජාත්‍යන්තරව පිළිගත් යුනිවර්සල් ලේබලය යටතේ ගීත ඇල්බමයක් ඉදිරිපත් කළ එක ම ශ්‍රී ලාංකේය කාන්තාව විදියට ඇය ඉතිහාසයට එක්වෙනවා. 2012 වසරේ පැවති “Bite My Music Global Awards” යන අන්තර්ජාතික සම්මාන උළලේදී ඇය හොඳම පොප් ගායිකාව විදියට සම්මානය හිමිකරගන්නවා.

 
Cover Image Source – forbes.com/ thepapare.com/ robreport.com.my/ alamy.com
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here