තමන්ගේ ලව් එක ප්‍රතික්ෂේප වුණාද? එහෙමනම් කාඩ් එක තියාගෙන වෙන අතක් බලාගන්නේ මෙහෙමයි – Saru News Media

0
9

ඔය ආදරේ කියන්නේ මාර පුදුම දෙයක්නේ. ඒක ඔය පස් මහ බැලුම් බල බලා ඇතිවෙන එකක් නෙවෙයි. සමහර වෙලාවට අපේ හිත ගිහින් නතර වෙලා බැඳීම් ඇති කරගන්න තැනකින්, අපිටත් ඒ විදියෙම ප්‍රතිචාරයක් ලැබේවි කියලා කියන්න බැහැ. ඒත් ඉතින් එහෙම හිත ගිහින් නතර වුණු තැනකින් හිත ගලවගන්න එකත් ලේසි නැහැනේ. ඉතින් ඔන්න තමන් ගැන ආදරයක් නැති තැනකින් වුනත් ආදරේ ඉල්ල ඉල්ලා පස්සෙන් යනවා. සමහර වෙලාවට චාටර් වෙන්නත් සිද්ධ වෙනවා. හැබැයි ඉතින් මේ හැමදෙයක්ම බොක්කටම වැදුණු ආදරේ නාමයෙන්නේ කියලා ඉවසා දරාගන්නවා. හැබැයි ඇත්තටම එහෙම වෙන්න ඕනද? අපේ හිත ගියපු කෙනෙක්ගේ හිත අපිට හිමි වෙලා නැති නම්, අපේ තත්වය, කාඩ් එක තියාගෙන වෙන අතක් බලාගන්න බැරිද? බැරි නෑ. ආන්න ඒ නිසා ඒකපාර්ශ්වික ආදරයන් උරුම කරගෙන ඉන්න අය අනිවාර්‍යයෙන්ම කියවන්න ඕන ආටිකල් එකක් තමයි මේක.

 

සාමාන්‍යයෙන් මේක ඔය අපේ හිත යන කෙනා අපිට හිත නැති වෙලාවක, අපේ යාලු මිත්තරයින්ගෙන් අහගන්න වෙන කථාවක්. හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයක් ඔතනත් තියෙනවා. ඒ වෙලාවට අපිට හිතෙන දේ තමයි, මූදේ ඉන්නේ එක මාලුවා නොවුණට අපේ හිත ගියපු මාලුවාව ලැබෙන්නේ නැති නම් වැඩක් නෑ කියන එක. හැබැයි ඇත්තටම “ මෙයා ලැබෙන්නෙ නැති නම් මට වෙන කාවවත්ම එපා” කියලා හිතෙන හැඟීම තාවකාලිකයි. තව හිතට හරියන මාලුවෙක් ලැබුණු මොහොතකදීත් මේ හැඟීම් ටික මේ විදියටම දැනෙනවා කියන එක ඔලුවේ තියාගන්න. හිතට හරියන තව මාලුවෙක් කවදාහරි ලැබෙන්න පුළුවන් කියන එකත් හිතේ තියාගන්න. අන්න එදාට ඒ මාලුවාත් අපිට කැමති වුනොත් ජය සිරි මංගලම් නේ. ආන්න ඒක මෙනෙහි කළොත්, නොලැබෙන ආදරේ අමතක කරන්න පුළුවන් වෙයි.

 

අපි කෙනෙක්ට අපේ හිතේ තියෙන ආදරේ පුදලා, ඒ කෙනා අපිට පෙරළා ආදරේ නොකෙරුවොත් ඒක අපේ මාන්නයට, මමත්වයට පහරක් විදියටත් සමහරු හිතනවා. හැබැයි ඇත්ත කතාව මේකයි. අපි නියම ජෙන්ට්ල්මන් කෙනෙක් විදියට කෙනෙක්ට ආදරේ බව ප්‍රකාශ කළා නම්, ජෙන්ට්ල්මන් ලෙවල් එකෙන් ඒ කෙනා එක්ක හැසිරුනා නම්, කවදාවත්ම තමන්ගේ ආදරේ ප්‍රතික්ෂේප වෙනවා කියන්නේ තමන් බාල්දු වීමක් නෙවෙයි. විශේෂයෙන්ම අනික් කෙනා ගිහින් “අනේ අරයා මගේ පස්සෙන් ආවා” කියලා කිවුවත්, තමන් බාල්දු වුනා කියලා හිතන්න එපා. ඇත්තටම එහෙම නළලේ තියාගෙන ඉන්න ඩයල් අපිට සෙට් නොවෙන එකමයි හොඳ!

 

ආදරයක් බොක්කටම වැදුණහම ලේසි නෑ. ඒක අපි දන්නවා. එක පාරක් ආදරේ ඉල්ලලා බෑ කිවුවොත් හැරිලා යනවට වඩා තව පාරක් ට්‍රයි කරන්න හිතෙනවා. ඒකත් අපි දන්නවා. හැබැයි එක පාරක්, දෙපාරක් ආදරේ ඉල්ලලා, නොලැබෙනවා නම්, එතනින් එහාට දිගින් දිගටම පස්සෙන් යන එක අපේ තත්වයට හරි නෑ. සමහරු මෙහෙම පස්සෙන් යන්නේ එයාට අපි ගැන අනුකම්පා හිතිලා අපේ ආදරේ භාරගනී කියලා හිතාගෙන. හැබැයි එහෙම වෙන්නේ බොහොම කලාතුරකින්. එහෙම වුනත් ඒක හැබෑ ආදරයක් නෙවෙයි. අන්න ඒ නිසා පස්සෙන් ගිහින් ගිහින් බලෙන් හරි කැමති කරගන්නවා කියන තැනට යන්න එපා.

 

පිරිමින්ගේ ඇස් වලින් වුනත් ගැහැණුන්ගේ ඇස් වලින් වුනත්, කඳුළු වැටෙන්න පුළුවන් තැන් තියෙනවා. විශේෂයෙන්ම තමන් බලාපොරොත්තු  වෙන ආදරේ නොලැබෙන මොහොතක දැනෙන දුකත් එක්ක පිරිමියෙක්ගේ වුනත්, ගැහැණියෙක්ගේ වුනත් ඇස් වලින් කඳුළු වැටෙන්න පුළුවන්. හැබැයි තමන් ආදරේ ඉල්ලපු කෙනාට පේන්න මළාට කඳුළු සලන්න යන්න එපා. මොකද, ඒ කඳුළු වල කිසිම වැදගැම්මක් ඒ කෙනාට නොතිබෙන්න පුළුවන්. ඒ වගේම අපි කිසිම පෞරුෂත්වයක් නැති කෙනෙක් විදියට හංවඩු ගැහෙන්නත් පුළුවන්. එහෙම ඕන නැහැනේ. අපිව එපා නං අපිටත් එපා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here