දත් වල සෞඛ්‍ය​යට ගුණ රැසක් ගෙන දෙන අපේ ආහාර වර්ග 5ක් – Saru News Media

0
10

ලංකාවේ අපිට උරුම වෙච්ච සුවිශේෂී ආහාර රටාවක් තියනවා. වෙනත් රටවලට සාපේක්ෂව අපේ ආහාරවල කුළු බඩු භාවිතය එහෙම ඉහළ මට්ටමක තියනවා කියල කියන්න පුළුවන්. අපි නිතර ගන්නා ආහාර අතුරින් දත් වලට හිතකර ආහාර ව​ගේම අහිතකර ආහාරත් ඕනෑ තරම් තියනවා. අද අපේ ලිපියට අපි පාදක කරගන්නේ ඒ අතුරින් අපේ දත්වල සෞඛ්‍යයට යහපත් ආකාරයට බලපාන ශ්‍රී ලාංකික අපේ ආහාරයට එකතු වෙන දේවල් කීපයක් ගැනයි. මේ සමහර ඒවායෙන් දත්වලට මේ තරම් ගුණ ලැබෙනවා කියලා මේ ලිපිය කියවනකම් ඔබ නොදැන ඉන්නත් ඇති.

එහෙනම් අපි බලමු මොනවද අපේ දත්වලට යහපත් ආකාරයෙන් බලපාන ආහාර කියලා.

 

ළූණු කියන්නේ අපේ ශ්‍රී ලාංකික ආහාර රටාවේ ආහාර පිසගන්න නැතුවම බැරි එළවළු වර්ගයක්. ළූණු එකතු නොකරන අපේ දේශීය ව්‍යංජනයක් තිබෙනවානම් ඒ බො​හොම කලාතුරකින් තමයි. රතු ළූණු, බී ළූණු ආදී ළූණු වර්ග කියන්නේ වැඩි දෙනෙක් නොදන්නවා වුණාට දත් වල සෞඛ්‍යයට ඉතාම හිතකර වන ආහාර දෙකක්. අමු ළූණු කියන්නේ දත් බුරුසුවක් වගේ ක්‍රියා කරමින් දත් අතර රැඳී ඇති අපද්‍රව්‍ය ඉවත් කරන්න කටයුතු කරන ආහාර වර්ගයක්. ඒ ව​ගේම ළූණු බැක්ටීරියා නාෂක ගුණයන්ගෙන් යුක්තයි. ඒ නිසා ළූණු ආහාරයට ගැනීමෙන් දත් පිරිසිදු වෙනවා වගේම අහිතකර බැක්ටීරියා මුව තුළ එකතු වීමත් වැළකී යනවා.

 

සුදු ළූණු කියන්නෙත් රතු ළූණු වලට නොදෙවෙනි, අපේ ආහාර තවත් රස ගන්වන්න යොදාගන්නක්. සුදු ළූණු බහුලව ආහාර ගත්තම අපේ මුඛය ඇතුළේ සැර ගන්ධයක් ඇතිවන නිසා සමහරු සුදු ළූණු ආහාරයට ගන්න ටිකක් මැළි වෙනවා. හැබැයි මුඛයේ සැර ගන්ධයක් ඇති කළාට සුදු ළූණු කියන්නේ මුඛ සෞඛ්‍යයට ඉතාම වාසි සලසන ගුණවත් ආහාරයක්. රතු ළූණු වගේම සුදු ළූණුත් මුඛයේ බැක්ටීරියා නසන්න මූලික වෙලා ක්‍රියා කරනවා. දත්වල ඇතිවන කැක්කුම් නසන්නත් සුදු ළූණු කියන්නේ දිව්‍යමය ඔසුවක්. දත් වලට වගේම විදුරුමස්වල ආසාදන සඳහාත් සුදු ළූණු ගුණදායී ඖෂධයක් වනවා.

 

කරාබු නැටි කියන්නේත් අපේ දේශීය ආහාර රස ගන්වාගන්නට යොදාගන්න ඉතා වැදගත් කුළු බඩුවක්. නමුත් ආහාරයට නිතර එකතු කරගන්න මේ කුළුබඩුවේ ඇති දිව්‍යමය ගුණයන් ගැන නම් බො​හෝ දෙනෙක් දන්නේ ඉතාම අඩුවෙන්. දත්වල සෞඛ්‍යයට කරාබු නැටි තරම් ගුණ දෙන වෙනත් ආහාරමය ඔසුවක් තිබෙනවාද කියලාත් සැක සහිතයි. කරාබු නැටි කියන්නේ දත් කැක්කුම් සඳහා ප්‍රතිකාර ලෙස යොදාගත හැකි ඉතාම වටිනා කුළුබඩුවක්. ඒ වගේම කරාබු නැටි විෂබීජ නාෂක ගුණයන්ගෙන්ද ඉහළින්ම තිබෙන ආහාර රසගන්වන කුළුබඩුවක් වනවා. සාමාන්‍ය ප්‍රති බැක්ටීරියා නාෂකයන්ට සටන් කරන්නට නොහැකි බැක්ටීරියා වර්ග වන Escherichia coli සහ Pseudomonas aeruginosa වැනි බැක්ටීරියා විනාශ කරන්නට කරාබු නැටි වලට හැකියාව තිබෙනවා. බොහෝ දෙනෙක් අපහසුතාවයට පත්වන ගැටළුවක් වන මුඛයේ දුර්ගන්ධය නැසීමටත් කරාබු නැටි උදවු වෙනවා. කරාබු නැටි මගින් මුඛය තුළ සිදුවන අහිතක​ර බැක්ටීරියා බලපෑම අවම කිරීම නිසා දත් දිරායා​ම, දත් කුහර ඇතිවී​ම අවම කර දත්වල මැලියම් බැඳීමද වළකනවා. මේ නිසා කරාබු නැටි කියන්නේ දත්වල ශක්තියට, යහපත් සෞඛ්‍යයට විතරක් නෙමෙයි, දත්වල දීප්තිමත් සහ සුන්දර පෙනුමටත් යහපත් බලපෑමක් කරන බලවත් ඖෂධයක් කියලා අපිට අනිවාර්යයෙන්ම සඳහන් කරන්න පුළුවන්.

 

ඉඟුරු කියන්නෙත් අපේ දේශීය ආහාර රටාව ඇතුළත බහුලව භාවිතා වන ආහාර රසගන්වනයක්. ගොඩක් දෙනෙක් ඉඟුරු වල ඖෂධීය ගුණය ගැන කිවුවම දන්නේ ඉන් ආහාර ජීර්ණය සහ උදරයේ අපහසුතාවලට සලසන ගුණය ගැනයි. නමුත් වැඩි දෙනෙක් නොදන්නවා වුණාට ඉඟුරුවලින් දත් සහ මුඛයටද යහපත් ප්‍රතිඵල ගෙන දෙනවා. විශේෂයෙන්ම දත් කැක්කුම් සමනයට සහ දත්වල කුහර ඇති වීම වැළැක්වීමට ඉඟුරු උපකාරී වනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here