දැඩි තහංචි මැද දිවි ගෙවන දරදඬු කොරියානු නායකයාගේ බිරිඳ… – Saru News Media

0
1

Kim john un රාජකාරි ජීවිතයේ බොහෝ අවස්ථාවල තමන්ගේ බිරිඳ පෙරටු කරගෙන ගමන් කරන ආකාරය ඔබ දැක ඇති.ඒ බොහෝ රාජ්‍ය නායකයන් පරිද්දෙන්මයි.ඔහු සෑම නිල ගමනකට ම වැය එකතු කරගන්නා ආකාරය බොහෝ වීඩියෝ පට වල දකින්නට ලැබෙනවා.ඔහු සැබෑවටම යක්ෂයකු බඳු මිනිසෙක්.ඒ නිසා ඔහුගේ විවාහය සම්බන්ධයෙන් ද ඔහු අවංක වන්නේ නැහැ.මේ,කිම් ජොන් වුන්ගේ විවාහය සම්බන්ධයෙන් ඔබ නොදන්නා රහස් කරුණු කීපයක්.ඔහුගේ ජීවිතය අඳුරු පැතිකඩ මේ ලිපියෙන් ඔබට හෙළි වේවි.

ඔහුට Pleasure Squad නමින් කාන්තාවන් 2000 සමන්විත කණ්ඩායමක් සිටිනවා.ඔහු තමන්ගේ බිරිඳ සමඟ ගත කරන කාලයට වඩා වැඩි කාලයක් මේ කාන්තාවන් සමඟ ගත කරන බව ඔහොම පවසා තිබෙනවා.මේ අතීත උතුරු කොරියානු සිරිතක් වන අතර කන්‍යාවන් අතුරින් මේ කණ්ඩායමට සාමාජිකාවන් තෝරා ගන්නා බවයි පැවසෙන්නේ.විවිධ සැලසුම් අනුව උතුරු කොරියාව පාලනය කරන කිම් ජොන් උන් ඔහුගේ බිරිඳ සමග හිඳින්නේ ඇයි දැයි මේ කණ්ඩායම නිසා සැකයක් මතු වී තිබෙනවා.ඒත් ඒ ප්‍රදර්ශනය වෙනුවෙන් පමණයි.ඔහු සතුව ඇති මෘදු ස්වභාවය මිනිස්සුන්ට පෙන්වීම උදෙසා ඔහු තමන්ගේ බිරිඳ පාවිච්චි කරනවා.

කිම් ජොන් උන් නම් මිනිසා සම්බන්ධයෙන් පවතින්නේ කොහොමටත් හොඳ ආකල්ප නොවේ.ඔහු අන් අය හසුරවනසුළු මිනිසෙක්.ඔහු තමන්ගේ සහෝදරයා සහ ඥාතියෙකු ඝාතනය කළ පුද්ගලයෙක්.ඒ වගේම බොහෝ අයට හිංසා පීඩා කරන අයෙක්.ඒ නිසා ඔහුගේ බිරිඳ කැමැත්තෙන් ඔහු සමග සමඟ විවාහයට එකඟ වූවා ද යන්න බොහෝ අයට පවතින ප්‍රශ්නයක්.

කිම්ජොන් වුන්ගේ පියා හෘදයාබාධයක් වැළඳීමෙන් පසු ඔහුට ඉක්මනින් විවාහ වීමට බල කළ අතර ඉන් පසුව ඔහු තමන්ගේ බිරිඳ තෝරාගත් බව පැවසෙනවා.Ri So Ju රට වූ සමග විවාහයට බල කෙරුණු බව බව ද පැවසෙනවා.මේ විවාහය නිසා ඇයගේ ජීවිතයම වංචාවකට හැරී තිබෙනවා.ඇගේ සම්පූර්ණ අනන්‍යතාවය මේ විවාහය නිසා මකා දැමීමට ලක් වුණා.ඇය මේ විවාහයට පෙර වාද්‍ය වෘන්දයක ගායිකාවක් වූවා.නමුත් විවාහයෙන් පසු කිම්ජොන් වුන් රජයේ නියෝගයක් මත ඇගේ සෑම ඉදිරිපත් කිරීමක වීඩියෝ සහ හඬපට මකා දමා තිබෙනවා.ඔහු විශ්වාස කරන්නේ ඔහුගේ බිරිඳ කිසිම පිරිමියෙකු පිනවීම සඳහා ගී ගැයිය යුතු නැති බවයි.ඇගේ ජීවිතය ඉතා තහනම් නියෝග මත ගෙවී යනවා.ඔහු තහනම් කර ඇති අන්දමට ඇයට ඇගේ රාජකාරි චාරිකාවක යෙදෙන්නට බැහැ.සියල්ලම ඔහු සහභාගි වන ඒවා පමණයි.වගේම ඔහු බිරිඳට ඇගේ ඥාතීන් සහ දෙමාපියන් ව දැකීම ද තහනම් කර තිබෙනවා.ඇයට තනිව ඡායාරූප ගැනීමේ අයිතිය ද ඔහු ලබා දී නැහැ.එපමණක් නෙමෙයි බොහෝ අය විශ්වාස කරන පරිදි ඔහු ඇයට පිරිමි දරුවකු ලැබෙන තෙක්ම ගැබ් ගැනීමට විශාල පීඩාවක් ඇති කර තිබෙනවා.ඒ වගේම ඇගේ සියලුම ගර්භනී කාලයන් සඟවන්නට ද ඔහු කටයුතු කර තිබෙනවා.මේ වන තුරු කිසිම කෙනෙකු ඔහුට සහයට සිටින දරුවන් ගණන දන්නෙ නැහැ

කිම් ජොන් උන්ගේ අත දරාගෙන අභිමානයෙන් ඇවිද යන ගැහැණියකගේ ඡායාරූප ද වීඩීයෝ පට ද අප අන්තර්ජාලය පුරා ඕනෑ තරමට දැක තිබෙනවා.නමුත් ඇය තමන්ගේ අනන්‍යතාවය පවා අහිමි වු සිරගත වූ ගැහැනියක්.ලෝකයට ඉහළ පෙළේ රාජ්‍ය නායකයෙකුගේ ආර්යාව ලෙස දිස්වන තවත් කාන්තාවන් කී දෙනෙකුට මෙවැනි රහසිගත කතා තිබේ දැයි අප දන්නේ නැහැ.

රාජ්‍යයක රැජින වීමට ඕනෑම ගැහැනියකට වාසනාව ලැබෙන්නට පුළුවන්.නමුත් දේශපාලනික උවමනා වෙනුවෙන් පමණක් නම් ඇයට මුලින්ම අහිමි වී යන්නේ ඇයව.ලෝකයේ සිටින සෑම ගැහැනියකටම සැප සම්පත් සහ තනතුරු වලට පෙර ආදරය සහ ගෞරවය ලැබීම අගනා බව Ri So Ju අපට හෙළි කරන කතාව වනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here