දැන් කාලෙ ජොබ් එකකට යනකොට අනිවාර්යයෙන්ම ඕන වෙන ටෙක් කුසලතාවයන් කිහිපයක්! – Saru News Media

0
6

සාමාන්‍යයෙන් දැන් කාලේ ඔය යාලුමිත්‍රකම් වලට ජොබ් දෙනවට වැඩිය, හැකියාවන් වලට ජොබ් දෙන ට්‍රෙන්ඩ් එකක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම පුද්ගලික අංශයේ රැකියා දෙනකොට එහෙමයි. ඒ කියන්නේ ජොබ් එක ලැබෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඊලඟ මාස කීපේ ඇතුළත වැඩ පෙන්නන්න ඕන. එහෙම නැතිනම් ඉතින් වෙන ජොබක් හොයාගන්න වෙනවා.

දැන් ඔය ජොබ් එකේ වැඩ පෙන්නනවා කියන්නේ ගොඩක්ම වෙලාවට ඔෆිස් එකක එහෙම නම්, තමන්ට දවසින් දවස නවීන වෙන ලෝකේ ජොබ් වලට හරියන කුසලතාවයන් තියෙනවා කියලා පෙන්නන්න වෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් කාලේ තියෙන ඔය ටෙක් පැත්තට බර වෘත්තීන් වල එහෙම නම්, ඔය ටීම් ස්පිරිට් අරව මේවා ඇරුණහම, ටෙක් කුසලතාවයන් එහෙමත් තියෙන්න වෙනවා. අපි මීට කලිනුත් කියලා තියෙනවා දැන් කාලේ වෘත්තිකයෙක්ට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ඩිජිටල් කුසලතාවයන් කීපයක් ගැන. හැබැයි ඒ විතරක් මදි දැන් යන විදියට. එතනින් එහාට ගියහම අපි මේ අද කියන්න යන කුසලතාවයන්, හැකියාවන් එහෙමත් තියෙන්න ඕන. ඒ නිසා ජොබ් එකක් හොයනවා නම් විතරක් නෙවෙයි, ටෙක් පැත්තට වැඩි බරක් තියෙන ජොබ් එකක ඉන්නවා නම් වුණත්, මේ කියන ටෙක් කුසලතාවයන් තමන් ගාව තියෙනවද කියලා බලලා, නැතිනම් ඉගෙන ගන්න එක හොඳයි. ආන්න එතකොට තමන්ගේ වෘත්තිය ජීවිතේ හිතන විදියටම උඩට යන්න පුළුවන්.

 

 

 

දැන් කාලේ හැම ආයතනයක්ම වගේ ගත්තොත් ඩිජිටල් මාකටින් මත සෑහෙන්න යැපෙනවා. ආන්න ඒ නිසා ඩිජිටල් මාකටින් නැතිනම් ඉන්ටර්නෙට් එක මත පදනම් වුණු මාකටින් ක්‍රම සහ විධි ගැන ඉගෙනගෙන ඉන්න එකත්, ඒ ඔස්සේ සන්නිවේදනය කරන්නේ කොහොමද කියන එක දැනගෙන සිටීමත්, විවිධ ඔන්ලයින් ප්ලැට්ෆෝම් ගැන හොඳ අදහසක් තිබීමත් වටිනවා. හැබැයි මතක තියාගන්න, ඩිජිටල් මාකටින් කිව්වහම දන්නේ ෆේස්බුක් විතරක් නම්, ආන්න ඒක ප්‍රශ්නයක්.

 

මෙතනදී පොඩ්ඩක් ඩිජිටල් මාකටින් වලට ගැලපෙන්න ලියන්න කියන්න හැකියාව තියෙන්න ඕන. ඒ වගේම මූලික ග්‍රැෆික් ඩිසයිනින්, වීඩියෝ ප්‍රඩක්ෂන්, SEO optimization, ඩේටා විශ්ලේෂණ හැකියාව, කොන්ටෙන්ට් මැනේජ්මන්ට් වගේ දේවල් ඉගෙන ගෙන තියන එක හොඳයි. මෙතනදී මේ දේවල් වලට ඒ ඒ ක්ෂේත්‍ර වල ටැලන්ට් එක තියෙන මිනිස්සු ගත්තත්, තමන්ට ඇත්තටම අවශ්‍ය දේ ඒ එක්ස්පර්ට්ලට කියලා කරව ගන්න නම් තමන්ටත් ඒ හැකියාව තියෙන්නම ඕනෑ.

 

 

 

ගොඩක් වෙලාවට ටෙක් පැත්තටම බර නැති සමාගම් වල වුණත්, ඩේටාබේස් මැනේජ්මන්ට් කියන්නේ සෑහෙන්න භාරදූර කාර්යයක්. අන්න ඒ නිසා, පොඩ්ඩක් ඒ පැත්ත දැනගෙන ඉන්න එක ඉතාම වටිනවා. මෙහෙම කියනකොට ගොඩක් දෙනෙක්ගේ ඔළුවට එන්නේ මයික්‍රොසොෆ්ට් එක්සෙල්. ඔව්. එක්සෙල් වල වැඩ කරන්න දැනගෙන ඉන්න එක වටිනවා. හැබැයි ඩේටාබේස් මැනේජ්මන්ට් කියන්නේ එක්සෙල් නෙවෙයි. ඊට වඩා දැනගෙන ඉන්න ඕන ප්ලැට්ෆෝම්ස් තියෙනවා. MySQL, Microsoft SQL Server සහ Oracle ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ වගේම දැන් කාලේ සෑහෙන්න භාවිතා වෙන Salesforce Audience Studio, MediaMath, Adobe Audience Manager, Adform, HubSpot, Mobilewalla වගේ ප්ලැට්ෆෝම් වල වැඩ කරන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න එක වටිනවා. හැබැයි මේ එක එක ප්ලැට්ෆෝම් අදාළ වෙන්නේ එක එක විදියේ වැඩකටයුතු වලට. ඒ නිසා, තමන්ගේ ක්ෂේත්‍රයට අදාළ වෙන ප්ලැට්ෆෝම් ගැන දැනගෙන හිටියහම ඇති.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here