දෙන්නා අතරේ රණ්ඩුවක් යන වෙලාවක කවදාවත් නොකිවයුතු දේවල් මේවා තමයි! – Saru News Media

0
13

දැන් ඔය දෙන්නා දෙමාල්ලෝ ඉන්නවනේ. ඒ කියන්නේ එක්කෝ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වෙන්න පුළුවන්. පෙම්වතා සහ පෙම්වතී වෙන්න පුළුවන්. දැන් කාලේ තියෙන වෙනත් සම්බන්ධතා බැලුවහම හස්බන්ඩ්ලා දෙන්නා, වයිෆ්ලා දෙන්නා, පෙම්වත්‍තු දෙන්නා, පෙම්වතියෝ දෙන්නා වගේ ඔය ඕන එකක් වෙන්න පුළුවන්. දැන් ඔය දෙන්න දෙමාල්ලෝ මොක්කු වුනත්, තමන්ගේ ආදරේ ගඟ වගේ ගලා බසී කියලා පටන් ගත්ත තැනේදී ඉඳන් වලියක්, කොක්කක්, කසිලි බිසිලියක් නැතුව කාලයක් ගිහින් තියෙනවා දැකලා තියෙනවද? එහෙම ලව් මේ ලෝකෙ නෑ මා පුතා. බඹලොවත් නෑ. දිව්‍යලෝකේ දෙවියෙක් වුනත්, තමන්ගේ වයිෆ් හරි හස්බන්ඩ් හරි එක්ක වලියකින් තොරව දීග කාලා ඇති කියලා අපිට හිතන්න බෑ.

 

හරි, දැන් ඔය කසිලි බිසිලි, වලි ඇදෙන එකත් කමක් නෑ කියමුකෝ. එව්වා බත ඉදෙනකල්, ෆිල්ම් එක ඉවර වෙනකල්, ඉස්සො වඩේ ප්ලේට් එක ඉවර වෙනකල්, කෝච්චිය එනකල් විතරයි කියනවනේ. ලව් එක කියන්නේ එහෙම තමයි. මේ පැත්ත බලනකොට තුන්වෙනි ලෝක යුද්දේ වගේ මරාගත්තත්, අනික් පැත්තට තුරුල් වෙලා ආදරෙන් වෙලිලා නාඹර කපල් එකක් වගේ ඉන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි පුතෝ, ඔය වලිය ඇදුණු වෙලාවට සමහර කටවල් බ්‍රේක් නැති උන්දැලාගේ කටවල් වලින් පණින සමහර වචන, සමහර කතන්දර තියෙනවා ආයෙ හර්කියුලීස් බෝට්ටු ගෙනැල්ලාවත් ආපිට අද්දවන්න බෑ. සමහර වෙලාවට ගොඩින් ෂේප් කර නොගත්තොත් ඔය විදියේ කතන්දර නිසා කසාදෙත් හබක් වෙන්න ඉඩ තියෙනවා.

 

අපි කියන්න යන්නේ ආන්න ඒ විදියේ, වලියකදී දෙන්න දෙමාල්ලෝ කොහොමටවත් නොකිව යුතු කතන්දර කීපයක් ගැන. මේවා නැතුව මොන මෝටාර් ගහන විදියේ වලි දාගත්තත් අපේ මොටෝ!

 

මේක නං ඉතින් වලියකදී ඇහෙන්න පුළුවන් සුලභ කතන්දරයක්. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ මේක හරි කතන්දරයක් කියලා. සාමාන්‍යයෙන් වෙන්නේ මේ ලව් එක, එහෙම නැතිනම් මේ කසාදේ කරගත්ත එක තමයි වැරැද්ද කියලා ඇඟවෙන්න මෙහෙම කියන එක තමයි. සමහර වෙලාවට මේකේ එක්ස්ටෙන්ෂන් එකකුත් දකින්න පුළුවන්. ඒ තමයි “මට තමුසේ නැතුවට හොඳ මිනිහෙක්/ගෑණියෙක් ගන්න තිබ්බා” කියන එකත්. මේක ඒ තරම් සැර කතාවක් විදියට එක පාරට කෙනෙක්ට නොතේරුණත්, මෙතනින් පොඩි ඉඟියක් දෙනවා නේද මේ ලව් එක හෝ කසාදය තමන් ජීවිතේ ගත්තු වැරදි තීරණයක් කියලා? සමහර වෙලාවට අන්න ඒක වලිය ඉවර වෙලා වුනත් අනික් කෙනාගේ හිතේ හොල්මං කරන්න පුළුවන්. ඒකෙන්ම ලව් එක හෝ කසාදේ ඉවර වෙන්නත් පුළුවන්.

 

මේවා නං ඉතින් සමහර ඔය කපල් වලි දාගන්නකොට දිනපතා ඇහෙන එව්වා. සමහර වෙලාවට ගෑණි මේ විදියට කියන්නේ තමන් ගෙනාපු දෑවැද්දේ වරුණේ. සමහර වෙලාවට මිනිහා මෙහෙම කියන්නේ තමන් ගෙදරට හම්බු කරලා ගේන එකේ වරුණේ. සමහර වෙලවට ගෑණි මෙහෙම කියන්නේ තමන්ගේ රස්සාවෙන් ලැබෙන පඩියේ වරුණේ. සමහර වෙලාවට මිනිහා මෙහෙම කියන්නේ ගෑණිට ඇඳුම් කැඩුම් වලට තමන් වියදම් කරන එකේ වරුණේ. හැබැයි ඔය කොයි විදිය​කට මේ වගේ වචන ආවත්, ඒක කැතයි. ඕකට කියන්නේ කුල කියනවා කියලා. ආන්න ඒ නිසා මතක තියාගන්න. වලියකදී මේ වගේ ඒවා ඇදෙනවා කියන්නේම, ඒ සම්බන්ධතාවය භෞතික දේවල් මත පදනම් වුණු, අන්ෂුවර් තැනකයි තියෙන්නේ කියන එක!

 

අපි කෙනෙක්ට ලව් එකටත් කියනවනේ “තෝව මරනවා”, “තෝ මැරියං” වගේ එව්වා. හැබැයි සැරපරුස වලියකදී මෙහෙම වදන් කියවෙන එක හාත්පසින්ම වෙනස් කතන්දරයක්. ඒකෙන් මේ වචන දෙකේ හරි ඊට සමාන කීමක හරි තියෙන බරපතලකම ඉතාමත්ම වැඩිවෙනවා. ඒ කියන්නේ අපිට වලියකදී කෙනෙක් මෙහෙම දෙයක් කියන්නේ, අපි ගැන තියෙන උපරිම ද්වේෂයක්, පිළිකුලක් පිට කරන්න කියලා තමයි අපිට හැඟෙන්නේ. ආන්න ඒ නිසා වලියක් කොයි තරම් ඇවිලිලා ගිහිල්ලා මිනී මරාගන්න තැනට ලං වුණත්, මේ වගේ කතන්දර කියන එක හොඳ දෙයක් නෙවෙයි. ඒකෙන්ම සම්බන්ධෙට කණ කොකා අඬන්නත් බැරි නෑ!

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here