නිවර්තන රටකට නිවාඩුවකට යෑමේ වාසි – Saru News Media

0
15

ලංකාව, තායිලන්තය, ඉන්දියාව වගේ රටවලට මිලියන ගණන් සංචාරකයින් යුරෝපයෙන් එනවා. ඒ එන්න එක මූලික හේතුවක් තමයි නිවර්තන දේශගුණය. නිවර්තන කලාපයේ ඉන්න අපිට නම් ලස්සන හිම දැක්කාට පස්සේ හිතෙනවා “අනේ අපිත් හිම වැටෙන රටක හිටියනම්” කියලා. ඒත් ශීතලයෙන් සහ අයහපත් කාලගුණයෙන් පීඩා විඳින යුරෝපයේ ජනයා හිතන්නේ නිවර්තන කලාපයේ රටක ජීවත්වීම වාසනාවක් විදිහට. ඉතින් නිවර්තන රටක ජීවත්වීමේ වාසි මොනවද කියලා අපි ටිකක් හොයා බලමු. 

 

යුරෝපා රටක ඉඳන් නිවර්තන රටකට එද්දි සංස්කෘතික වෙනස්කම තදට දැනෙනවා. එකම රටක වුණත් ඉන්දියාව වගේ දේශයක විවිධ භාෂාවන් ගණනාවකින් සැදුණු සංස්කෘතික රටාවන් ගොඩක් තියෙනවා. ඒවායේ ජන ජීවිතය සහ උත්සව ආදිය විචිත්‍රවත්. තායිලන්තයේ එහෙම අප්‍රේල් මාසයට පැවැත්වෙන සොන්ක්‍රන් උත්සවය ජලය විදගැනීම ඇතුළත් ජලය හා සම්බන්ධ උත්සවයක්. ​ඒ වගේම ලංකාවේ අලුත් අවුරුදු උත්සව, වෙසක් උත්සව ආදිය වෙනත් රටවල අයට ගේන්නේ අලුත්ම අත්දැකීමක්. 

 

නිවර්තන කලාපයේ ජීවත්වෙන අපිට ආහාර ගොඩක් තියෙනවා. ඒ වගේම එළවළු, පළතුරු ආදිය අලුත් පිටම ගන්න පුළුවන්. අඹ, කෙසෙල්, දිවුල්, අලිගැටපේර වගේ නිවර්තන පළතුරු යුරෝපයේ රටවල සුලභ නැහැ. තිබුණත් මාස ගණන් නැව් වලින් ඇවිත් තමයි ​ඒවා එයාලට ලැබෙන්නේ. අපිට බොහොම සුලභව ලැබෙන තැඹිලි, කුරුම්බා වගේ බීමක් වුණත් ​ඒ රටවල ජනයාට ලේසියෙන් ගන්න බැහැ. ආහාර රටාව වුණත් ලංකාව, ඉන්දියාව වගේ රටවල යුරෝපයට වඩා හාත්පසින්ම වෙනස්. ඉතින් නිවර්තන කලාපවල මේ ආහාර පුරුදුත් සංචාරකයින් ආකර්ෂණය කරගන්න එක් මූලික සාධකයක් වෙනවා. 

 

හිරු එළිය තිබෙන අපිට වැඩිය අගයක් නැහැ. ඒත් හිරු එළිය කියන්නෙත් විඳගන්න ඕනි අත්දැකීමක්. ​ඒ නිසාම යුරෝපීය රටවල ගිම්හානයේදි මුහුදු වෙරළට ඇවිත් සංචාරකයින් හිරු එළිය විඳගන්නවා. මේ ලංකාව වගේ රටවල තියෙන හිරු එළිය විටමින් ඩී ලබාගන්නත් හොඳ ප්‍රභවයක් වෙනවා. ​ඒ වගේම මේ හිරු එළිය තියෙන විදිහ නිසා දවසෙන් හරියටම භාගයක්ම සක්‍රීයව දිවා කාලය ගත කරන්නත් අවස්ථාව නිවර්තන රටවල ජනතාවට ලැබෙනවා. 

 

ශීතල දැඩිව බලපාන රටවල ජනයාට ශීත කාලය එළියේ ගතකරන්නට බැහැ. හිම ක්‍රීඩා ආදිය තිබුණත් ඇඳුම් ඇඳගෙන කරන ​ඒ සෙල්ලම් නිවර්තන රටකදි කරන එළියේ සෙල්ලම් වලට වඩා වෙනස්. ​ඒ වගේම අරාබිකරයේ රටවල දවල්ට අවුට්ඩෝ වැඩ කරන්න තියා එළියට බැහැලා ඇවිදින්නත් අමාරුයි. ඉතින් අපි වගේ නිවර්තන ඒහෙත් යම්තාක් දුරකට සෞම්‍ය කාලගුණයක් තියෙන රටවලදී එළියේ කරන සර්ෆින්, සයිකල් පැදීම, බෝට්ටු ඔරු පැදීම, දිවීම, පැනීම, කඳු නැගීම වගේ එළියේ කරන ඇක්ටිවිටීස් ගොඩක් කරන්න ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here