නිවසේ වැඩට සැමියාගේ සහයෝගය ලබා ගන්නේ මෙහෙමයි. – Saru News Media

0
2

“ගෙදර වැඩ සේරම මගේ පිට පැටවිලා..කිසිම සහයෝගයක් නැති හස්බන්ඩ් කෙනෙක් මට ඉන්නේ..”

පවුල් ජීවිතය තුළ ඇති ගැටලු ගැන සාකච්ඡා කරන වෙලාවට Saru News Media ෆේස්බුක් සමූහයට එවැනි ගැටලු එන තැන් ඔබට මතක ඇති.ඇත්තටම ඇයි එහෙම වෙන්නේ? රණ්ඩු නොවී ඒ ප්‍රශ්නය විසඳා ගන්න ඇත්තටම අමාරුද?ඔබ වෙනුවෙන් තමයි අපි මේ ලිපිය ලියන්න හිතුවේ.ඔහුගේ සහයෝගය ඔබට ලබා ගන්න මේ ක්‍රම උදව්වක් වෙයි කියලා අපිට විශ්වාසයි.

ගෙදර වැඩ සියල්ලම කාන්තාවම කළ යුතු යැයි සමාජයේ ගැහැනු පිරිම් භේදයකින් තොරව විශ්වාස කරනවා.ඒ මතය මොනතරම් වැරදිද කියන එකත් ඔබේ සහකරුට වටහා දෙන්නත් මේ කාරණා උදව්වක් වෙයි.

ඔහුගේ සහයෝගය අවශ්‍ය බව වටහා දෙන්න.

ඔබට නිවසේ කටයුතු තනියම කරගන්න පුලුවන් වුණත් බැරි වුණත් සැමියාගේ සහයෝගය ලැබීම ඔබට සතුටක් බව ඔහුට වටහා දෙන්න.සමහර කටයුතු ඔබ තනියම කරනවට වඩා ඔහුත් එක්ක හවුලේ කිරීම වැඩ ඉක්මන් කිරීමක් බව පවසන්න.”ඔයා පොල් ගාලා දෙනවනම් මට ඉක්මනින් උයන්න පුලුවන්.මම ගේ අස් කරනකම් රෙදි වනන්න ඔයාට පුලුවන් නේද?”වගේ කාරණා රණ්ඩු ඇති කර නොගෙන අහන්න බැරිකමක් නැහැ නේද?වඩාත්ම හොඳ කෙලින් කතා කිරීම කියලා අමතක කරන්නම එපා.

ඔබට අවශ්‍ය දේ පවසන්න.

සමහරවිට ඔහුට ඔබට අවශ්‍ය දේ ගැන වැටහීමක් නැතිව ඇති.ඒ නිසා අවශ්‍ය මොනවද කියලා කෙලින් කියන්න. මාකට් එකට යන එක,මුලුතැන්ගෙයි වැඩට උදව් දෙන එක, ඔබට වෙහෙස මහන්සි ඇති වැඩ වැඩි දවසකට ඉහුම් පිහුම් බාරගන්න එක වගේ දේවල් ඇනුම්පද වලින් ඉල්ලා සිටින්න එපා.අවශ්‍ය දේ සෘජුව පවසා සැමියාගේ සහයෝගය ලබා ගන්න.

වැඩ බෙදා ගන්න.

පවුල කියන්නේ ටීම් වර්ක් එකකට ගෙදර වැඩකටයුතු බෙදා හදා ගැනීම ඔබට පහසුවක්.ඒ වගේම ඔහුගේ උදව් ලබා ගන්නත් හේතුවක්.ඒ නිසා ගෙදර වැඩ දෙන්නා කතා බහ කරලා බෙදා ගන්න.උයනවා නම් මුළුතැන්ගෙය අස් කරන කෙනා,ගේ අස් කිරීම සහ මිදුල පිරිසිදු කිරීම,මාකට් යාම සහ ගෙනෙන බඩු ඇහිරීම,බිල් ගෙවීමට යාම සහ දරුවන්ගේ කටයුතු වලට යාම වගේ මේ කාරණා බෙදා ගන්න.අන්න එතකොටත් ඔබට සැමියාගේ සහයෝගය ලබා ගන්න අසීරු වෙන එකක් නෑ.

ඔහු කරන දේ අගය කරන්න.

ඔවුන් අගය කිරීම් වලට බොහොම කැමතියි.ඔහු කරන දේ සහ ලබා දෙන සහයෝගය ආදරයෙන් අගය කරන්න.සැමියාගේ සහයෝගය ඔබට මොනතරම් උදව්වක් වෙනවද කියලා නිතරම ප්‍රසංසා කරන්න.ඔහුගේ උදව් අත්‍යවශ්‍ය කාරණාවක් වෙන්නේ ඒවා ඔබට ඔබේ ජීවිතය වඩා පහසු කරන නිසා බව කියන්න අමතක කරන්න එපා.ඔබට ශක්තිමත්ව බොහෝ වැඩ කරන්න ඒ සහයෝගය හේතුවක් වන බව ඔහුට කියන්න

සුළු අඩුපාඩුකම් ගැන කියවන්න එපා.

“අපෝ වතුර හලලා මෙතන අපායක් කරලා, මේ අතුගාලා ද? මඩ හැමතැනම..අපෝ ඔයා උයන්න් එපා ලුණු දානවා ගඟක් විතර.” මෙහෙම කතා අහන්න ලැබුණොත් ඔහු ආයේ උදව් කරන්න එන්නේ නෑ. ඔහුගේ අඩුපාඩු ආදරයෙන් පෙන්වා දෙන්න. ඔහුට ඒවා වඩාත් හොඳින් කළ හැකි බව ඔබ දන්නා බව කියන්න. එවිට ඔහු ඔබට උදව් කරන්නට පැකිලෙන එකක් නෑ.

ගෙදර වැඩ සඳහා කාලසටහනක් හදා ගන්න.

රැකියාවට ගිහින් වෙහෙස වෙලා ගෙදර ඇවිත් ආඩපාලි කියමින් ගෙදර වැඩ කරන්න එපා.ඔබේ දෛනික වැඩ සඳහා කාලසටහනක් හදා ගන්න. Meal plan,නිවෙස පිරිසිදු කිරීමේ කාලසටහන් සකසා ගන්න.එවිට හැමදාම හවසට උයමින් ගෙවල් අස් කරමින් වද වෙන්න වෙන එකක් නැහැ.දවස් පවා බෙදා ගනිමින් දෙදෙනාට සහයෝගයකින් කටයුතු කරන්න පුලුවන්.

ආදර මිතුරියනි,

පිරිමින් කැමතියි අගය කිරීම් වලට.ඔහු ඔබට උදව් කිරීම වෙනුවෙන් ඔහු කැමතිම ආහාරයක් සකසා දෙන්න.නැතිනම් ඔහුට හෙඩ් මසාජ් එකක් දෙන්න. ඔහු කැමති වර්ගයේ ත්‍යාගයක් ඉඳහිට හෝ ලබා දෙන්න. මේ ලිපි මාලාව https://Saru News Media.lk/article/category/sex/ කියවලා ඔහු වඩා ප්‍රිය කරන තව දෙයක් හොයා ගන්නත් ඔබට පුලුවන්.ආදරෙන් සහ සතුටින් ඉන්න තරමට ඔහුගේ සහයෝගය ලබා ගන්න ඔබට අසීරු නැහැ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here