පිරිමින්ට ගෑණු එපා වෙන්නේ, සමහර ගෑණු කරන මේ වගේ වැඩ නිසා තමයි! – Saru News Media

0
2

මුලින්ම කියන්න ඕන දෙයක් තියෙනවා ආටිකල් එක පටන් ගන්න කලින්.අපි මෙතන කරන්නේ ගැහැණුන්ට පහර ගැහීමක් නෙවෙයි කියන එක. ඒ වගේම, මේ කියලා තියෙන දේවල් හැම ගැහැණියකටම පොදුයි කියලත් නෙවෙයි. සරලවම කියනවා නම්, සමහර ගැහැණුන්ගෙත් ප්‍රශ්න තියෙනවා, සමහර පිරිමින්ගෙත් ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ ලෝකේ තියෙන ගැහැණු පිරිමි බෙදීම නිසාම ඇතිවුණු ප්‍රශ්නත් තියෙනවා. ගොඩක් වෙලාවට අන්න ඒ ගැහැණු පිරිමි බෙදීම නිසා තමයි අපි මේ කියන්න යන විදියේ දේවල් වෙන්නේ. ඒ කියන්නේ පිරිමින්ට ගැහැණු සංහතියම එපා වෙන විදියට සමහර ගැහැණු කරන දේවල් සිද්ධවෙන්නේ!

 

 

 

දැන් අපි බස් එකක හරි කෝච්චියක හරි යන එක ගැන කතාකරනකොට, අපේ ඔලුවට එන්නෙම පොල් පටෝලා වගේ සෙනඟ පැක් කරගෙන යන කෝච්චියක් හරි බස් එකක් හරිනේ. ඇත්තටම ඒක එහෙම තමයි. ඒක ඉතින් ශ්‍රී ලංකාව වගේ රටක තියෙන ප්‍රශ්නයක්නේ. එතකොට ඒ ඔස්සේ එන තවත් ප්‍රශ්නයක් තමයි ඔය බස් වල කෝච්චි වල කාන්තාවන්ට සිදුවෙන හිරිහැර අතවර. ඒවත් බොරු නෙවෙයිනේ. ගැහැණු ගිහින් මිනිස්සුන්ට ජැක් ගහන්නෙ නැහැනේ. හැබැයි පිරිමි ගිහින් ගැහැණුන්ට ජැක් ගහනවා. ඕක කාලාන්තරයක් තිස්සේ සිද්ධ වෙනකොට, පිරිමියෙක් බස් එකකදී ඇඟේ ගෑවුණත් ගැහැණියක් වපර ඇහෙන් බලන එකට අපිට බණින්න අමාරුයිනේ. ඒක ඇත්ත. හැබැයි අපිට ප්‍රශ්නේ ඇත්තටම විසඳන්න ඕන නම්, හැම පිරිමියෙක්ම ජැක් කාරයෙක් ය කියන අදහස නැති කරන්න වෙනවා. මොකද ඇත්තටම එහෙම නෙවෙයි. අන්න ඒ නිසා, බස් එකකදී හරි කෝච්චියකදී හරි පිරිමියෙක් ඇඟේ ගෑවුණත් ඔරවලා කුඩේ අතට ගන්න එපා කියන එක තමයි කියන්න වෙන්නේ. මොකද, ඇත්තටම එහෙම නොවෙන පිරිමියෙක් ඊට පස්සේ බස් එකකදී ගැහැණියකට සීට් එකක්වත් දෙන්න ඉදිරිපත් වෙන එකක් නෑ.

 

 

 

දැන් ගෑණු පිරිමි භේදයක් නැතුව ඕනම මනුස්සයෙක්ට තමන්ගේ ආත්ම අභිමානයක් තියෙනවනේ. අන්න ඒ ආත්ම අභිමානයට පහරක් එල්ල වුණහම, ඒක දරාගන්න ඕනම කෙනෙක්ට අමාරුයි. දැන් සමහර ගෑණු කට්ටිය ඉන්නවා, පිරිමින්ට ගහන නිලේ ඒක තමයි. විශේෂයෙන්ම සෙක්ස් සම්බන්ධ කාරණාවකදී එහෙම කියන්නේ “වැඩක්‍ යැයි ඉතින්, කට නං තියෙනවා, අහවල් වැඩේවත් කරගන්න පුළුවන් නං මදෑ” කියලා. හැබැයි ඔය සෙක්ස් සම්බන්ධයෙන් නේ. ඒත් සෙක්ස් අදාළ නොවෙන පොඩි පොඩි තැන්වලදී පවා නොහිතා පිරිමියෙක්ගේ ආත්ම අභිමානයට පහර වදින දේවල් ගැහැණු කියනවා. සරලවම කිව්වොත් “අපෝ ඒකවත් කරගන්න බැහැනේ” කියලා නොහිතා කියන එක වුණත් ඇති පිරිමියෙක්ගේ ආත්ම අභිමානය කුඩුපට්ටම් වෙන්න!

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here