බලන්නම වටින ලෝකයේ අමුතු තැන් – Saru News Media

0
1

සොබාදහම් අම්මා අපිට ජීවත් වෙන්න අවශ්‍ය දේවල් විතරක්ම නෙමෙයි, ලස්සන දේවලුත් කොච්චර දීල තියෙනවද බලන්න? ඇවිදින්න කැමති අයට, ලස්සන දේවල් බලන්න කැමති අයට වගේම අලුත් දේවල් දැනගන්න කැමති අයටත් හොඳ වටිනා ලිපියක් තමයි මේ. මේ කියන්න යන්නෙ ලෝකය පුරාම තියෙන ස්වභාවධර්මයේ අපූර්වතම නිමැවුම් කිහිපයක් ගැනයි. ඇස පිනවන පුදුමාකාර නිමැවුම් වෙන මේ සමහරක් නිර්මාණය උනේ කොහොමද කියලා හිතාගන්නවත් බැරිතරම් පුදුමාකාරයි. මේ පුදුමාකාර ස්වභාවික නිර්මාණ හැම එකක්ම වගේ එවගේ විශේෂිතභාවය නිසාම සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත්ත දේවල්. මේ වගේ නිමැයුම් ස්වභාවධර්මයේ ඕනතරම්. අපි මීට හුඟ කාලෙකට කලිනුත් කතා කළා ස්වභාවධර්මයේ අපූරු නිමැවුම් කිහිපයක් ගැන. හැබැයි තවත් කතා නොකරම බැරි ලස්සන ස්වභාවික ස්ථාන හුඟක් ලෝකයේ තියෙන නිසයි ආපහු ඒ වගේ තැන් කිහිපයක් ගැන කතාකරන්න හිතුවෙ. 

 

මේ අපූරු පාට පහේ ගඟ හැඳින්වෙන්නේ Cano Crisrales කියන නමින්. පිහිටලා තියෙන්නෙ කොළොම්බියාවේ. River of Five Colors එහෙමත් නැත්තම් පාට පහේ ගඟ කියන නමින් වගේම Liquid Rainbow ඒ කියන්නෙ ද්‍රවමය දේදුන්න කියන නමිනුත් මේ ගඟ හැඳින්වෙනවා. සෑම වසරකම ජූලි මාසේ ඉඳන් නොවැම්බර් මාසය වෙනකං කාලසීමාව ඇතුළත මේ ගඟේ වතුර කහ, කොළ, නිල්, කළු සහ රතු වර්ණ වලින් ඉතාම විචිත්‍රවත් ලෙස හැඩවෙනවා. අපූරු සිතුවමක් වගේ. ගඟේ ජලය මෙහෙම විවිධ පැහැයන් ගන්න හේතු වෙන්නෙ ගඟ පතුලේ වැවෙන පැලෑටි වර්ගයක් නිසා කියල තමයි කියන්නෙ. 

 

Salar De Uyuni එහෙමත් නැත්තම් මේ ලුණු තැනිතලාව පිහිටල තියෙන්නෙ නිරිතදිග බොලීවියාවේ. මේ අරුම පුදුම ස්ථානය තමයි ලෝකයේ විශාලතම ලුණු තැනිතලාව. හරියටම කිව්වොත් වර්ග කිලෝමීටර 10,000කටත් වඩා විශාල භූමි ප්‍රමාණයක්. ඇන්ඩීස් කඳුමුදුන අසල මුහුදු මට්ටමින් මීටර් 3656ක් උඩින් තමයි මේ අරුම පුදුම ලුණු පිරුණ භූමිය පිහිටල තියෙන්නෙ. පුදුමය කියන්නෙ මේ තැනිතලාව ඉතාම අසාමාන්‍ය පැතලි බවින් යුක්තයි වගේම මීටර කිහිපයක් ඝණකම ලුණු තට්ටුවක් තමයි මේ මතුපිටින් පිහිටල තියෙන්නෙ. සමාන්‍ය වර්ෂාවකින් පස්සේ මේ ලුණු තට්ටුව මත රැඳෙන නිෂ්චල ජල තට්ටුව නිසා මේ ස්ථානය ලෝකයේ ලොකුම දර්පණය බවටත් පත්වෙනවා. ගංඟාවන්වල කාලාන්තරයක් තිස්සේ සිදුවුණ වෙනස්වීම් වල ප්‍රතිඵලයක් විදිහට මේ ලුණු ස්ථරය නිර්මාණය වෙලා තියෙන බවයි මතය. 

 

මේ අමුතු වකගැහුණු වනාන්තරය පිහිටල තියෙන්නෙ පෝලන්තයේ බටහිර පොමරේනියාවේ. මේක වනාන්තරයක් කිව්වට ඒ තරම්ම විශාල නැති සාමාන්‍ය ෆයින් කැලයක්. හැබැයි පුදුමය කියන්නෙ මේ අමුතු කැලෑවේ තියෙන 400කට අධික ඔක්කෝම ෆයින් ගස් අමුතුම හැඩයකට නිර්මාණය වෙලා තියෙන එකයි. ඒ නිසාම මේ පුංචි වනාන්තරය මධ්‍යම යුරෝපයේ තියෙන අසාමාන්‍ය වනාන්තර වලින් එකක් විදිහටත් හැඳින්වෙනවා. මොකක්මහරි පාරිසරික හේතුවක් නිසා මේ වනාන්තරයේ තියෙන සියළුම ගස් පාදම ලඟින් අංශක 90ක් තිරස් අතට හැරිලා ආපහු මඟින් ලස්සන වක්‍රාකාර හැඩයක් අරගෙන ඉහළට ගමන් කළත් එහෙම සිද්ධ වෙන්න හරිම හේතුව මෙන්න මේකයි කියන්න කවුරුත්ම දන්නෙනම් නැහැ. 

 

මේ ස්ථානය “නිරයට පිවිසෙන දොරටුව”, “මරණයේ භූමිය” වගේ භයානක නම් වලින් හැඳින්වෙන ටිකක් භයානක තැනක්. ලුණු තැනිතලා, උණු දිය උල්පත් වගේම මේ ස්ථානයේ ඇසිඩ් විල් දකින්නත් පුළුවන්. සංචාරකයින්, ලුණු පතල්කරුවන් වගේම විද්‍යාඥයින්ගෙත් ආකර්ෂණය දිනාගත්ත මේ ස්ථානය පිහිටලා තියෙන්නෙ ඉතියෝපියාවේ. ලෝකයේ උණුසුම අධිකම ස්ථානවලින් එකක් වගේම මුහුදු මට්ටමේ ඉඳලා පහලින්ම පිහිටලා තියෙන ස්ථානවලින් එකක් විදිහටත් මේ ස්ථානය ලැයිස්තුගත වෙලා තියෙනව. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here