බිත්තරයෙන් පෝෂණය ලැබීමේ වාසි – Saru News Media

0
5

කාර්මික විප්ලවයෙන් මිනිසාට පහසුවෙන් හදාගන්න පුළුවන් ප්‍රෝටීන විශේෂයක් විදිහට කුකුළු මස් දියුණු වුණා. තාක්ෂණය නිසා කුකුළු මස් කිලෝවක් දෙකක් හදාගන්නට දැන් මාසයකටත් අඩු කාලයකින් පුළුවන් වෙලා තියෙනවා. බිත්තර කියන්නෙත් ඒ විදිහට දියුණු කරන ලද කිකිළියන්ගෙන් අපිට ලැබෙන වටිනා ආහාරයක්. ප්‍රෝටීන අඩංගු මස් මාංශ අහස උසට මිල වෙද්දි බිත්තර තවමත් සාමාන්‍ය ජනයාට වේලකට එකතු කරගන්න පුළුවන් මට්ටමේ තියෙනවා.

 

විටමින් ඒ – 6%ක්, ෆෝලේට් 5%ක්, විටමින් බී 5 : 9%ක්, විටමින් බී 12 : 15%ක්, විටමින් බී 2 : 9%ක්, පොස්පරස් : 9%ක් සහ සෙලනියම් : 22% ක් බිත්තරවල අඩංගු වෙනවා. එයට අමතරව විටමින් ඩී, විටමින් ඊ, විටමින් කේ, විටමින් බී 6 වගේම කැල්සියම් සහ සින්ක්ද බිත්තරයක තියෙනවා. බිත්තරයකින් කැලරි 77ක් සිරුරට එකතුවෙන අතර ප්‍රෝටීන ග්‍රෑම් 5ක් සිරුරට හිතකර මේද අම්ල ලෙස සිරුරට ඇතුළත් වෙනවා. එක් බිත්තරයක තිබෙන පෝෂ්‍ය පදාර්ථ එක්ක ගත්තාම බිත්තර හරහා සිරුරට අවශ්‍ය බොහෝ පෝෂ්‍ය පදාර්ථ සිරුරට එකතු වෙනවා.

 

එක් බිත්තරයක කොලෙස්ටරෝල් මිලි ග්‍රෑම් 212ක් ඇතුළත් වෙනවා. මේ අගය සිරුරට දිනකට අවශ්‍ය කොලෙස්ටරෝල් මිලි ග්‍රෑම් 300න් අඩකටත් වඩා වැඩි අගයක් වෙනවා. එත් මේ බිත්තර හරහා ලැබෙන කොලෙස්ටරෝල් රුධිරයේ තැන්පත් වන කොලෙස්ටරෝල් නෙමෙයි, සාමාන්‍යයෙන් අපේ අක්මාවෙන් අපිට අවශ්‍ය කොලෙස්ටරෝල් නිෂ්පාදනය කෙරෙනවා. අපේ ආහාර වලින් කොලෙස්ටරෝල් සැපයෙද්දි අක්මාවෙන් නිපදවෙන ප්‍රමාණය ඉබේම අඩු වෙනවා. කරන ලද පර්යේෂණ වලින් අනාවරණ වී ඇති පරිදි 70%ක් පිරිසකගේ කොලෙස්ටරෝල් මට්ටම බිත්තර වලින් ඉහළ යන්නේ නැහැ. ඒත් 30%කගේ එල් ඩී එල් කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යනවා. මේක ජානමය හේතු නිසා වෙන දෙයක් බවත් සොයාගෙන තියෙනවා.

 

ලෝකයේ, ආසියාවේ, අප්‍රිකාවේ වගේම ඇමරිකාවෙත් බිත්තර ආහාර වලට යහමින් එකතු කරගන්නවා. ප්‍රධාන ආහාර වේලට වගේම වෙනත් රසවත් කෑම වර්ග සෑදීමටත් බිත්තර ගන්නවා. ඉතින් යම් අයෙක්ට බිත්තර කෙලින්ම ආහාර පිණිස ගන්නට බැරි නම් තම්බලා හෝ බැදලා කන්න පුළුවන්. එහෙම නැතිනම් හාෆ් බොයිල් කරගන්න පුළුවන්. ඒකත් අමාරු නම් බිත්තර යහමින් දාපු හොඳ කේක් කෑල්ලක් වැනි රසවත් කෑමක් කන්නට පුළුවන්. ඒ ආකාරයෙන් බිත්තර අපිට කන්නට උවමනා නම් ඒකට විවිධ ආකාරයේ ක්‍රම ගණනාවක් සපයලා දීලා තියෙනවා.

 

මස් මාළු අපේ ආහාර වේලකට එකතු කරගන්නවා කියන්නෙ ලේසි වැඩක් නෙමෙයි. දරුවන්ට සහ වැඩිහිටියන්ට වගේම වැඩ කරන අයට ශක්තිය සපයන රතු මස ආහාරයට ගන්නට ලොකු මිලක් වියදම් වෙනවා. පවුලකට වේල් දෙකකට සෑහෙන්න හරක් මස් කිලෝවක් ලංකාවේ මුදලින් දැන් රුපියල් දාහකට වැඩියි. ඒත් වේල් දෙකකට බිත්තර ආහාරයට එකතු කරගන්න බොහෝවිට රුපියල් දෙසීයක් වත් වැයවන්නේ නැහැ. මස් මාළු සහ අනෙකුත් ප්‍රෝටීන ප්‍රභව වලට වඩා අඩුමිලට බිත්තර ගන්න පුළුවන් එක තවත් වාසියක් වෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here