මනසට සැනසුම ගේන විනෝදාංශයක් විදියට ජර්නලින් කරන්නෙ කොහොමද? – Saru News Media

0
6

ජර්නලින් කියන සංකල්පෙ සමහර අයට නම් නුහුරු දෙයක් නෙමෙයි. ඒත් මේ කාලේ ආර්ථික හා සමාජීය වශයෙන් හෙම්බත්වෙලා ඉන්න අපිට අපේ මනසට සුවදායි විවේකයක් හොයමින් ඉන්න අතරෙ මට හම්බුණ හොඳට විනෝදාංශයක් ගැන ඔයාලා එක්කත් බෙදගන්න හිතුවා. මේ ජර්නලින්.. ලංකාවටත් වඩා ලෝකේ ප්‍රසිද්ධ ලස්සන විනෝදාංශ අතරින් එකක්. ඉතින් අපි බලමු ජර්නලින් කරන්නෙ කොහොමද කියලා…

ජර්නලින් කියන්නෙ මේ සාමාර්ට් ලෝකයේ ස්මාර්ට් විදියට හිතන හැම කෙනෙක්ටම කරන්න පුලුවන් හරිම ලස්සන විනෝදාංශයක්. ඒ විතරක්ම නෙමෙයි රැකියාවේ පීඩනයෙන් මිදෙන්න, දුක් කම්කටොපු, කනස්සලු ගති මගෑරගන්න ස්වයං ආත්මතෘප්තියක් ලබාගන්න කරන්න පුලුවන් ලස්සනම ලස්සන වැඩක්. මේක ලංකාවට මෑතාකාලීනව ආවත් ගොඩක් රටවල් වල සෑහෙන කාලෙක ඉඳන් කරගෙන යන දෙයක්. ඒ වගේම ඔයාගෙ නරක පුරුදු, අපිළිවෙල ගති මගෑරගන්න, ඔයාටම ස්වයං මඟපෙන්වීමක් කරන්න වගේම ජොබ් ස්ට්‍රෙස් එක නැති කරගන්න, නෙගටිව් ෆීලින්ග්ස් අඩු කරගන්න කරන්න පුලුවන් දෙයක්. ඒ වගේම ඔයාගෙ සිතුවිලි එක අරමුණක පිහිටලා කටයුතු කරවන්න, මනස සුවපත් කරන්න කදිම බේතක්.

මේක කරන්න ඕනේ මෙන්න මේ විදියයි කියලා නිශ්චිත ක්‍රමයක් නෑ. ඔයාට ආස හිතෙන, හොඳයි කියලා හිතෙන ඕනම විදියකටමේක පටන් ගන්න පුලුවන්. මේ ගැන මොනවත්ම අයිඩියා එකක් නැති අයට මං මෙන්න මේ විදියට පැහැදිලි කරන්නම්.

ජර්නලින් වර්ග ගොඩක් තියනවා. මේ අතරින් ලෝකේ වැඩියෙන්ම ප්‍රසිද්ධ බුලට් ජර්නලින් ක්‍රමය. මේ ක්‍රමය තමන්ගෙ ජීවිතය ලස්සනට හදාගන්න ගොඩක් වැදගත් වෙනවා. මොකද ජීවිතයෙ ඉලක්ක, අපේක්ශා, සිතුම් පැතුම් එකට එකතු කරලා එක අරමුණකින් ගමනක් යන්න මේකෙන් උදව් වෙනවා.

මේ ජර්නලින් කරන එක සමහර වෙලාවට අපිට ඩයරි එකක් ලියනවා වගේ දැනෙයි. ඒත් ක්‍රියේටිව් විදියට කරන්න අපිට ඕන තරම් විදි තියනවා. මුලින්ම ජර්නල් බුක් එකක් ගන්න. එහෙම එකක් නැත්තන් ඔයා ලඟ තියන නෝට්බුක් එකක් උනත් කමක් නෑ. ඔයා ආස කරන තීම් එකකට ලස්සන ස්ටිකර්ස්, කොළ, ස්ටෑම්ප් වගේම එක එක පොසිටිව් වාක්‍ය මේකෙ අලවන්න පුලුවන්. ඒ වගේම ඔයාගෙ සෙලිබ්‍රිටි කෙනෙක් ඉන්නව නම් එයා ගැන හෝ සීමාවක් රහිතව ඔයාට ආස හිතෙන ඕනම දෙයක් මේ ජර්නල් එකට එකතු කරගන්න පුලුවන්. ඔයාගෙ දවස ගෙවුණ විදිය, ඔයා කන්න ආස කෑම වර්ග, යන්න කැමති තැන් වගේ ගොඩක් දේවල් මේකට ඇතුළත් කරන්න පුලුවන්.

ජර්නලින් කියන්නෙ මනස සුවපත් කරන දෙයක් කියලා මං කලින් කිව්වනේ. එක එක අධ්‍යනයන් වලින් මේකට දීලා තියන නිගමනයන් වෙනස්. සමහරු කියනවා ජර්නලින් කරන එකෙන් අසනීප වෙලා ඉන්න අය ඉක්මනින් ප්‍රකෘති තත්වෙට ගන්න පුලුවන්බෙහෙතක් කියලා. ඒ වගේම තුවාල සනීප වීම වේගවත් කිරීමත් මේ තුළින් වෙනවා. ඒ වගේම නෙගටිව් ෆීලින්ග් අඩු කරලා හැමවෙලේම සුබවාදීව හිතන්න පුහුණු කරනවා. අභියෝග වලට මුහුණ දෙන්න, ඉලක්ක හඹා යන්න මෝටිවේශන් එකක් මේ හරහා ලැබෙනවා. මේක විනෝදාංශයක් විදියට කරනවට වඩා පුරුද්දක් කරත්තොත් ජීවිතේ යහපත් වෙනස්කම් ‍රැසක් වෙනවා කියලා ඔයාටම දැනෙන්න ගනීවි.

මං උඩින් කිව්වනෙ මේක ඕනම විදියකට කරන්න පුලුවන්. ඒ කිව්වෙ ඔයා ආස කරන තීම් එකකට, පාටවල් මේ ඕන එක්ක් යූස්කරන්න පුලුවන්. සාමාන්‍ය ඩයරි එකකින් එහා ගිහින් හරිම ලස්සනට මේ ජර්නල් එක ප්ලෑන් කරන්න පුලුවන්. මේකට ලයිෆ් ගෝල්ස්, හැබිට් ට්‍රැකර්, බකට් ලිස්ට්, මූවි, බර්ත්ඩේ ලිස්ට්, ක්ලීනින් ශෙඩූල් මේ ඕනම එකක් දාගන්න පුලුවන්. ඒ වගේම ඔයාට කරන්න අමතක වෙන දේවල්, අධ්‍යාපනික වශයෙන් වැදගත් වෙන දේවල් මේ ඕන එකක් දාන්න පුලුවන්. හිස් ජර්නල් බුක් එකක් අරන් පිටුවෙන් කරලා ලස්සනට හදාගෙන පාවිච්චි කරන්න පුලුවන්.

මං මේ කිව්ව දේවල් වලට ලස්සන අයිඩියාස් ගන්න යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම් වගේම පින්ටරෙස්ට් ඇප් එකෙත් ගොඩක් ලස්සන දේවල් තියනවා. ඒ වගේම ජර්නලින් කරන අය වෙනුවෙන්ම සැකසුනු ජර්නල් පැක්ස් ෆේස්බුක් පේජ්, ඉන්ස්ටග්‍රෑම් පේජ් වල විකුණන්න තියනවා. ඔයාට එහෙම බජට් කරන්න බැරි නම් නෝමල් පොතක උනත් පාට පාට පෑන් වලින් ලස්සන පොඩි ස්ටිකර්ස්, පත්තරකෑලි, වියළන මල් වගේ ඕනම දෙයක් උපයෝගී කරගෙන ඔයාගෙ ජර්නල් එක ලස්සන කරගන්න පුලුවන්. ඉතින් ජර්නලින් වලට ආස අය අදම පුලුවන් විදියට පටන් අරන් කරගෙන යන්න. ඒක හරි ලස්සන ආස හිතෙන සතුට පිරුණු විනෝදාංශයක් වේවි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here