මියා කලීෆා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කළ කතාව – Saru News Media

0
3

නිල් චිත්‍රපටි ක්ෂේත්‍රය ගැන කතා කරද්දී මියා කලිෆාගේ නම අනිවාර්යයෙන් කියැවෙන්නක්. ඇය ඒ ක්ෂේත්‍රයේ තරුවක්.  දැන් ඇය ක්ෂේත්‍රයේ නිරත වන්නේ නම් නැහැ.

 මියා කලීෆාට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කතා කිරීමට ආරාධනා කරන ලැබුවේ පසුගිය දවසක මෙම ආරාධනය ආන්දෝලනයට තුඩු දුන්නා , ඇය විශ්වාස කළ හැකි කථිකයෙකු නොවන බවට ඇතැමුන් තර්ක කරා. තවත් අය පැවසුවේ ඇය තරුණියන්ට ආදර්ශයක් බවයි.

කලීෆා මේ වන විට ක්‍රීඩා විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරනවා.ඇය වැඩිහිටි චිත්‍රපට ක්ෂේත්‍රයේ භයානකකම ගැන කතා කර ඇති අතර ඇය ක්ෂේත්‍රයේ ගත කළ කාලය ගැන කනගාටු වන බව පවසා තිබුණා.මේ වන විට ඇය කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නඟන්නියක් බවටද පත්ව තිබෙනවා.

ඇගේ කතාවට මිශ්‍ර ප්‍රතිචාර ලැබී තිබෙනවා. ඇයගේ ධෛර්යය සහ ඇගේ අත්දැකීම් ගැන කතා කිරීමට ඇය දක්වන කැමැත්ත ගැන ඇතැමුන් ඇයට ප්‍රශංසා කරනවා.  

වැඩිහිටි චිත්‍රපට ක්‍ෂේත්‍රයේ ඇයගේ අතීත කටයුතු සම්බන්ධයෙන් තවත් අය ඇයව විවේචනය කරනවා.ඔවුන් තර්ක කරන්නේ කලීෆා වැඩිහිටි චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ වී තිබීම ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය වැනි කීර්තිමත් ආයතනයක කථිකයෙකුට නොගැලපෙන බවයි. ඇයගේ පෙර වෘත්තීය නිසා  එය සිසුන්ට ඇති කළ හැකි ඍණාත්මක බලපෑම පිළිබඳ කනස්සල්ල මතු කරන්නට ඔවුන් අමතක කර නැහැ.

විවේචකයින් තවදුරටත් තර්ක කරන්නේ කලීෆාට ශාස්ත්‍රීය හා ප්‍රසිද්ධ කතා කිරීමේ සීමිත අත්දැකීම් හේතුවෙන් කථිකයෙකු ලෙස විශ්වසනීයත්වයක් නොමැති බවක්. වෙනත් ක්ෂේත්‍රවල ප්‍රවීණත්වක් ඇති සහ ශක්තිමත් පසුබිමක් ඇති පුද්ගලයින්ට ආරාධනා කිරීම විශ්ව විද්‍යාල දේශනවල අධ්‍යාපනික වටිනාකම වැඩි දියුණු කළ හැකි බව ඔවුන් පවසනවා.කලීෆාගේ ආරාධනයට එරෙහි තවත් තර්කයක් නම්, විශේෂයෙන් තරුණියන්ට වැරදි පණිවිඩයක් ලබා දෙන බවයි.වැඩිහිටි චිත්‍රපටි කර්මාන්තයේ ඇයගේ අතීත සම්බන්ධය කාන්තාවන් ඒ සඳහා දායක වීමට උදව්වක් විය හැකියි. ඒ වගේම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා දරන ප්‍රයත්නයන් අඩපණ කළ හැකියි.

විවේචකයන්ගේ තර්ක ඒ ආකාරයි.

නමුත් කලීෆා ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ මෙවැනි සටහනක් තබා තිබුණා.

ඊයේ ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයට කතා කිරීමට ලැබීම හොඳම ජීවිත අත්දැකීම් වලින් එකක්. මේ මුළු කාලයම ජීවත් වීමට ලැබීම මොනතරම් වාසනාවන්ත ද කියලා මම දැනගෙන හිටියා.එවැනි ඓතිහාසික ගොඩනැගිල්ලක සහ සංවිධානයකට කතා කරන්නට අවස්ථාව ලබා දීම ගැන ඔක්ස්ෆර්ඩ් සරසවියට ස්තූතියි. ලෝකය තුළ සැබෑ වෙනසක් ඇති කරන්නත් ඒ සඳහා විවිධ කථිකයන්ට අවස්ථාව දෙන්නටත් ඔබ ගත් පියවර නිසා මම නිහතමානී සතුටක් විඳිනවා. ඔබ කරන දේ ඇදහිය නොහැකියි. නමුත් වැදගත්. මේ බිමෙහි සිට මම ගෞරවයට පත් වෙනවා. ඔබට අවශ්‍ය නම් විනිශ්චය කළ හැකියි. නමුත් මම ජීවිතයේ කළ දේ ගැන කතා කරන්නට මෙතැන ඉන්නවා.”

ඇය ඇගේ වර්තමානය ගැන ආඩම්බර වෙනවා. අතීතය ගැන පසුතැවීමක් තිබුණත් ඇය දැන් හිඳින්නේ සතුටින්.

අතීතයක් ඇති ගැහැනියකට වර්තමානයක් නැති බව පැරණි කතාවක්. වර්තමාන ලෝකයට එය අදාළ වන්නේ නෑ. වැඩිහිටි ගැහැනියක ලෙස ඔබ දැනුවත්ව ගත් තීරණ ඇති. ලාබාල යෞවනියක ලෙස ඔබ නොතේරුම් කමට ගත් තීරණ ඇති. ඒවා සමාජයට මොනතරම් නරක වුවත් ඔබ ඒ සීමාවෙන් මෙපිටට විත් අවසන් නම් සසැලෙන්නට එපා.

හිස කෙලින් තබා ඇවිද යන්න. ඔබේ කතාව දිනයට තවත් යෞවනියන් දහස් ගණනකට ජීවිතය කියා දෙන කතාවක් වෙන්නට පුලුවන්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here