මුල්ම කාලේ පරිගණක පාවිච්චි කරපු අයගේ සුන්දර මතකයන් කිහිපයක්

0
14

80 දශකයේ ඉපදුන අය තමයි ලංකාවට කොම්පියුටර් ආපු මුල්ම කාලේ ඒ සුන්දර අත්දැකීම ලබපු අය. 2000 අවුරුද්ද වගේ වෙද්දී ලංකාවේ ගෙවල් වලට කොම්පියුටර් එක කියන ගැජමැටික් එක හෙමින් හෙමින් සේන්දු වෙන්න ගන්නවා. එහෙම කිව්වට එක පාර ගමේම මිනිස්සු ඔය ගැජමැටිස් එක ගත්තේ නෑ. ඇත්තටම ගන්න පුළුවන් තත්ත්වයක් තිබුනෙත් නෑ කිව්වොත් හරි. ඒ වෙද්දීත් ලංකාවේ ගොඩක් අයට විදුලිය තිබුනෙත් නෑ. ඒ කාලේ ඉතින් කොම්පියුටර් එකක් ගත්තේ සල්ලි යහමින් තිබුන අය තමයි. එක්කෝ රට ඉන්න හෝ ඉඳල ආපු අය. මොකද ඉතින් ඔය කොම්පියුටරේ කියල ලේසියට කිව්වට ඒවායේ ගණන් මිනුම් නම් එච්චර ලේසි නෑ ඒ කාලේ. අනික ඉතින් අද වගේ ඕව අත්‍යවශ්‍ය දේවල් වෙලා තිබුනෙත් නැහැ නොවැ ඒ කාලේ. 

කොයි හැටියකින්  හරි ගමකට එකක් දෙකක් වගේ කොම්පියුටර් තිබ්බ ඒ කාලේ. ඉතින් ඒ අවට ඉන්න කොල්ලෝ ඔක්කොම ඉතින් ඒ ගෙදරට සෙට් වෙනවා මේකේ වැඩකෑලි ටික බලන්න. කරන්න මහලොකු දේවල් නොදන්නවා උනාට දන්න වැඩ කෑලි දෙක තුන බලාගන්න තමයි හැමෝටම ඕනේ. ඔන්න ඔය කියපු කාලේ ඒ අත්දැකීම ලබපු අයගේ සුන්දර මතකයන් නම් ඉතින් ආයේ මතක් කරන්න කරන්න සුන්දරයි. 

 

 

ඉස්සර කොම්පියුටර් වලට හිතෙන හිතෙන සොෆ්ට්වෙයාර්ස් දාන්න බෑ. සහ සොෆ්ට්වෙයාර්ස් එහෙම හොයාගන්නත් නෑ. ඉතින් ඒ කාලේ නැගලම ගිය සොෆ්ට්වෙයාර්ස් කිහිපයක් තිබ්බා. ඒවායිනුත් සින්දු අහන්න ගොඩක් අය මුල්ම කාලේ ජෙට් ඕඩියෝ කියන සොෆ්ට්වෙයාර් එක දාගත්ත. ඒ ජෙට් ඕඩියෝ එක සෙල්ලම් නෑ. කෑලි හයකට තිබ්බේ. අම්මෝ එ්කෙ තිබ්බ වැඩ කන්දරාව. එක ඕපන් කරාම ස්ක්‍රීන් එකම ඉවරයි ඒකට. ජෙට් ඕඩියෝ එක තාම තිබුණට ඒ ඉස්සර තිබුන ගැම්ම ගන්න බෑ අදටත්. 

 

 

ඒ කාලේ කොම්පියුටර් එකක් එක්ක පොඩි හරි ගනුදෙනුවක් තිබුන අයට නම් මේ සුන්දර මතකය අමතක වෙන්න විදිහක් නෑ. මතකද ඒ කාලේ MS Office 97, 98 වල හිටපු ෆයිල් කටුව. Word, excel වල මෙලෝ දෙයක් දන්නෙ නැති උනාට මේ ෆයිල් කටුව බලන්නම ඔය ඇප්ලිකේෂන් එක රන් කරපු අය කොච්චර ඇද්ද. ඔෆිස් ඕපන් කරද්දීම කොළයක් උඩින් ලිස්සල ඇවිත් ස්ක්‍රීන් එකේ පැත්තකින් ඉඳන් බලන් ඉන්න හැටි. ඒ වගේම මොනාහරි අවුලක් උනොත් අපිට උදව් කරන්න ආපු හැටි. අනේ ඉතින් ඒවා නම් අද කොම්පියුටර් පාවිච්චි කරන අයට මිස් වෙච්ච සුන්දරම මතක තමයි. ආහ්, සමහරු මෙයාව අයින් කරලා එකේ හිටපු වෙන වෙන අයවත් දාගෙන හිටියා. Merlin කියල සීය කෙනෙක්, The Genius කියල කොණ්ඩේ අවුල් වෙච්ච අන්කල් කෙනෙක් එහෙම හිටිය මතක ඇති නේහ්.

 

 

අපි මේ කතා කරන කාලේ තිබුන කොම්පියුටර් අද වගේ හුරුබුහුටි නම් නෑ. අඩුම ගාණේ ලොකු මේසයක් වත් ඕනේ ඒක අම්බාන් කරලා තියන්න. ඒ කියන්නේ  ඒ කාලේ CPU එකක් පත සයිස්. ඒ වගේම තමයි බර. ඒ උනාට යාළුවනේ ඒ බරට හරියන දේවල් නම් ඇතුළේ තිබුනේ නෑ. 32mb හරි 64mb හරි රැම් එකක් තිබ්බ. ස්පීඩ් එක කිව්වොත් 450Mhz වගේ ස්පීඩ් එකක්. හාර්ඩ් එක 8gb වගේ ප්‍රමාණයක්. 32mb වගේ VGA එකකුත් තිබුනා.  ඒ CPU එකටම ගැලපෙන්න හදාපු තඩි සයිස් මොනිටර් එකකුත් එක්ක තමයි කොම්පියුටරේ සම්පූර්ණ වෙන්නේ. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here