මොනවද මේ සන්ස්ක්‍රීන්? ලංකාවෙ අපිට සන්ස්ක්‍රීන් ඕනෙමද? එන්න, දැනගන්න, කියවන්න – Saru News Media

0
15

සන්ස්ක්‍රීන් ගැන හැමෝම වගේ අහල ඇති. ඒත් සන්ස්ක්‍රීන් එකක වැදගත්කම, ඒක ලංකාවෙ අපි පාවිච්චි ඕනෙද නැද්ද, සන්බ්ලොක් කියන්නෙ මොනවද, කොහොමද මේව පාවිච්චි කරන්නෙ වගේ ප්‍රශ්න ගොඩක් සන්ස්ක්‍රීන් ගැන අහල තියෙන අයටත් තියෙනව කියල අපි දන්නව. ඉතින් අද ලයිෆි බියුටි වෙතින් අපි අරන් ආවෙ හැමෝම දන්න, ඒත් හරියටම නොදන්න සන්ස්ක්‍රීන් ගැන.

 

සන්බ්ලොක් එකකින් සිද්ධ වෙන්නෙ සම මත පතිත වෙන හිරුකිරණ සම්පූර්ණයෙන්ම ආපහු හරවා යැවීමක්. සන්බ්ලොක් සම මත සුදු පැහැයෙන් පේන නිසා එදිනෙදා භාවිතයට වඩා මේක සුදුසු ක්‍රීඩා වල නිරත වෙන අයටයි. සන්බ්ලොක් වලින් හිරු එළියෙන් අපට ලැබෙන විටමින් D නොලැබී යන්න පුළුවන් නිසා නිතරම සන්බ්ලොක් පාවිච්චි කරන අය බාහිරව සහ ආහාර වලින් විටමින් D අවශ්‍යතාවය සපුරාගන්න ඕන. 

 

ආලේප කළාම අවර්ණ නිසා සන්ස්ක්‍රීන් එකක් අපිට එදිනෙදා එළියට යන කොට පාවිච්චි කරන්න පුළුවන්. මේක සම මත ආවරණයක් විදියට ක්‍රියාකරන අතර UV කිරණ උරාගෙන සමට එයින් වෙන්න පුළුවන් අහිතකර බලපෑම පාලනය කරල සම ආරක්ෂා කරනව. 

 

දුඹුරු හමක් ඇති ආසියාතිකයො විදියට අපේ හමේ මෙලනින් වර්ණකය හිරු එළියේ ඇති අහිතකර කිරණ වලින් අපිව ස්වභාවිකවම ආරක්ෂා කරනවා. ඒත් ඕසෝන් ස්ථරය හානි වීමත් දැන් පවතින පරිසර සාධක වෙනස් වීමත් කියන කාරණා නිසා මෙලනින් වලින් විතරක්ම අපේ සමට 100%ක ආරක්ෂාවක් සලසාගන්න බැහැ. මේ නිසා හිරුගේ බලපෑම වැඩියෙන්ම පවතින උදේ 10ත් සවස 4ත් අතර එළිමහනේ ගැවසෙන කෙනෙක් නම් සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන එක සමේ ආරක්ෂාවට වඩාත්ම සුදුසුයි.

 

සුදු වෙන එක දැන් ඉන්න හැම ගෑණු ළමේක්ගෙම ආසාවනෙ. හැබැයි ඔන්න සන්ස්ක්‍රීන් වලින් සුදු වෙන්නෙ නම් නෑ. ඒත් තියෙන සමේ පැහැය අඳුරු නොවී රැකගන්න, හිරු කිරණ වලින් සම අවපැහැවීම වළක්වගන්න නම් සන්ස්ක්‍රීන් අනිවාර්යයෙන්ම උදව් වෙනව. 

 

සුදු වෙන්න බලන් නෙවෙයි හිරු කිරණින් වෙන හානිය වළක්වාගන්න සන්ස්ක්‍රීන් පාවිච්චි කරන්න. ඒ වගේම සන්ස්ක්‍රීන් ගාන පමණින් ඒක අනවශ්‍ය විදියට වැඩි වෙලාවක් හිරු කිරණට නිරාවරණය වෙන්න අවසරයක් කරගන්නත් එපා. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here