මොනිටරය වෙනුවට ටීවී එක පාවිච්චි කරන්න පුළුවන්ද? – Saru News Media

0
1

අද කාලේ රූපවාහිනී යන්ත්‍ර ගත්තම සෑහන අඩු මිලට තියෙනවා. අ​ඟල් තිස් දෙකක ෆුල් HD ටීවී එකක් රුපියල් තිස්දාහක වගේ අඩු මිලකට අද වෙළ​ඳපොලේ ගන්නට පුළුවන්. ජපන් ටීවී මාදිලි තරම්ම හො​ඳ නැතිවු​ණත්, ඒ චීන ලාබ ටීවී වලිනුත් හො​ඳ එක්ස්පීරි​යන්ස් එකක් ගන්නට පුළුවන්. ඒත් ඒ මොක ආවත් තාමත් මොනිටර් කියලා තියෙන ජාතියකුත් තියෙනවා. මේ ටීවී ලාබ වුණාට මොනිටර් නම් ලාබ නැහැ. පෙනුමෙන්, හැඩෙන් එක වගේ වුණාට මේ ටීවී සහ මොනිටර් වල වෙනස්කම් තියෙනවා. අපි ඒ ගැන ටිකක් සොයා බලමු.

 

ගේමින් වලට එන මූලික ග්‍රැෆික් කාඩ් තමයි NVIDIA සහ AMD. AMD වල ෆ්‍රී සින්ක් තාක්ෂණයත් NVIDIA වල ජී සින්ක් තාක්ෂණයත් මොනිටරයට හො​ඳ රීෆ්‍රෙෂ් රේට් එකක් දෙමින් හො​ඳ ගේමින් එක්ස්පීරියන්ස් එකක් හදා දෙන්න දායක වෙනවා. Xbox One, Xbox One S, Xbox One X වගේ ගේමින් කොන්සෝල් හරහා ගේම් ගහද්දි වු​ණත් AMD ෆ්‍රී සින්ක් හරහා සෙට් වෙනවා නම් හො​ඳ රීෆ්‍රෙෂ් රේට් එකකින් ගේම් ගහන්න පුළුවන්. ඉතින් මේ සින්ක් වෙන පහසුකම එන්නේ මොනිටර් වල විතරයි. ඒවා ටීවී වලට එන්නේ නැහැ. ඒ නිසා ගේමින් කටයුතු වලට නම් මොනිටර් එක වඩාත් හො​ඳයි ටීවී එකට වඩා.

 

ගේම් වලදි සහ වීඩියෝ එඩිටින් සහ එඩිටින් කටයුතු වලට සෑම සෙලවීමක්ම මනාව දැකගන්න තියෙනවා නම් හො​ඳයි. සාමාන්‍ය රූපවාහිනී වල එන්නේ තත්පරයට ෆ්‍රේම්ස් 60ක් වෙන තිරයක්. සමහර රූපවාහිනී තිර වල නම් ඊට වඩා මෘදුකාංග මගින් අප් කරලා තියෙනවා. ඒත් දැන් මොනිටර් වල සමහර බජට් ඔප්ෂන් වල පවා තත්පරයට ෆ්‍රේම්ස් 120,144 තරම් වැඩි ඒවා එනවා. ඒ අනුව ලාබෙට ලොකු සයිස් එකක් ගන්න පුළුවන් උනා කියල ටීවී එකක් එඩිටින් වැඩට සහ ගේමින් වලට සුදුසු වෙන්නේ නැහැ.

 

ටීවී එකක චැනල් මාරු කරන්න වගේ දෙයක් හැරුනාම අපිට ටීවී එකට විධානයක් දෙන්න ඕනි වෙන්නේ නැහැ. ඒත් මොනිටරයක එහෙම නැහැ. අපි අපිට මවුස් ක්ලික් සහ යතුරු පුවරුව හරහා දෙන විධාන ආදියත් මොනිටරේ පෙන්නුම් ​කරන්නට ඕනි. මේ පෙන්නුම් කිරිමේදී ටීවී යන්ත්‍ර මිලි තත්පර 15ක පමණ ප්‍රමාදයක් පෙන්වද්දි මොනිටර් යන්ත්‍ර මිලි තත්පර 5ක් තරම් අඩු කාලයක් තමයි පෙන්වන්නේ. මේ ඩිස්ප්ලේ වෙල රෙස්පොන්ස් ටයිම් LCD, IPS, LED ආදී මොනිටර් වර්ග අනුව වෙනස් වු​ණත්, රූපවාහිනී වලට හදන පැනල් වලට වඩා මොනිටර් පැනල් වඩාත් ඉක්මනින් රෙස්පොන්ස් කරනවා.

 

මේ LCD, IPS, LED ආදී ඩිස්ප්ලේ පැනල් එකකට අපි වීඩියෝ සංඥාවක් දුන්නාම ඒක සකසාගෙන අපිට වීඩියෝ එක පෙන්වන්න කාලයක් ගන්නවා. මේ වීඩියෝ එක සකසාගන්න පැනල් එක ගන්න කාලය ඉන්පුට් ලැග් එක කියලා කියනවා. රූපවාහිනී යන්ත්‍රයක කොහොමත් සැටලයිට් අයි පී ටීවී තාක්ෂණ හරහා එන රූපවාහිනී සංඥා මදක් ප්‍රමාදයි. ඒ  ප්‍රමාදය බලන අයට ලොකුවට බලපාන්නෙත් නැහැ. මේ ඉන්පුට් ලැග් එක ටීවී එකකට මිලි තත්පර 32ක් තරම් වැඩියි. දැන් එන මොනිටර් වල නම් මේ අගය මිලි තත්පර 10ටත් අඩුවෙන් තමයි එන්නේ. මේකත් රෙස්පොන්ස් ටයිම් වගේම මොනිටරයකට වැදගත් වෙන විශේෂ ෆැක්ටර් එකක්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here